IPL ඉතිරි කොටසටත් Delhi නායකත්වය Rishabh Pantට

147
(NDTV)

සැප්තැම්බර් 19 වැනිදා එක්සත් අරාබි එමීර් හිදී ආරම්භ වීමට නියමිත 2021 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඉතිරි කොටස සඳහාත් Delhi Capitals නායකත්වය ඉන්දීය කඩුලු රකින ක්‍රීඩක Rishabh Pant හට ලබා දීමට තීරණය කර තිබෙනවා. 

නිත්‍ය නායක Shreyas Iyer ආබාධයකට ලක් වීම නිසා Pant හට 2021 IPL තරගාවලියේ දී Delhi Capitals මෙහෙයවීමේ වරම් හිමි වුනා. Iyerගේ නායකත්වය යටතේ පළමු වතාවට IPL තරගාවලියේ අවසන් මහා තරගයට පිවිසෙන්නට Delhi කණ්ඩායම පසුගිය වසරේ දී සමත් වුනා.  

“පසුගිය සතියේ දී IPL තරගාවලිය විකාශය කරන Star Sports ආයතනය, IPL සංවිධායක මණ්ඩලය හා එක්ව පූර්ව ප්‍රචාරක පට කිහිපයක් නිර්මාණය කළා. ඒ ඉන්දියාව හා එංගලන්තය අතර පැවැත්වෙන තෙවැනි හා සිව්වැනි ටෙස්ට් තරග දෙක අතරතුර ලැබුණු විරාමයේ දීයි. 

ඒ සඳහා මේ වන විට එංගලන්තයේ සිටින IPL කණ්ඩායම්වල නායකයින් සහභාගී වුනා. Virat Kohli (RCB), Rohit Sharma (MI), KL Rahul (Punjab Kings) මෙන්ම දිල්ලි වෙනුවෙන් Rishabh Pant ද එම පූර්ව ප්‍රචාරක පට නිර්මාණය කරන්නට සහභාගී වුනා”, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලධාරියෙක් Hindustan Times වෙත පවසා තිබුණා.

ඔහු තවදුරටත් පවසා තිබුණේ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය හා IPL සංවිධායක මණ්ඩලය, දිල්ලි කණ්ඩායමේ නායකයා ලෙස වෙනත් ක්‍රීඩකයෙකු නම් කර තිබුණේ නම් පූර්ව ප්‍රචාරක පට නිර්මාණය සඳහා Pant යොදා නොගන්නා බවයි.

ඉන්දීය කණ්ඩායමේ එංගලන්ත සංචාරයේ දී Pant එතරම් දස්කම් දක්වන්නට සමත් වුනේ නැහැ. කෙසේ වෙතත් ලෝක කුසලානයට යෑමට පෙර සිය සුපුරුදු රිද්මයට පැමිණීමට Pant හට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය අනගි අවස්ථාවක් බව විචාරකයින් පවසා සිටිනවා.

මේ වන විට IPL ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයේ සිටින්නේ ද දිල්ලි කණ්ඩායමයි. Chennai Super Kings දෙවැනි ස්ථානයේ රැඳී සිටින අතර RCB තෙවැනි ස්ථානයේ සිටිනවා. මුම්බායි කණ්ඩායම මේ වන විට රැඳී සිටින්නේ සිව්වැනි ස්ථානයේ වීම විශේෂත්වයක්.

Hindustan Times ඇසුරෙන්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<