වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය චරිත් අසලංකට – ‘සිංගර්’ පාසල් ක්‍රිකට් සම්මාන ප්‍රදානය

133

“සිංගර්” වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් සම්මාන ප්‍රදානයේදී වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය දිනා ගැනීමට ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ චරිත් අසලංක සමත්විය.

සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලැබූ “සිංගර් කුසලාන” වයස අවුරුදු 19න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ ත්‍යාග ප්‍රදානය 1996 ලෝක කුසලාන ක්‍රිකට් කිරුළ දිනාගත් ශ්‍රී ලංකා පිලේ නායක මෙන්ම වරාය සහ නාවික කටයුතු පිළිබඳ අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

සිංගර් ශ්‍රී ලංකා සමාගම ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයට අනුග්‍රහය දැක්වීමට ඉදිරිපත් වීමෙන් පසුව පවත්වනු ලැබූ දෙවැනි ත්‍යාග ප්‍රදානයේදී වසරේ දක්ෂතම පාසල් ක්‍රිකට් කණ්ඩායම ලෙස මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සම්මාන ලැබීය.

පසුගියදා නිමාවට පත්වූ වයස අවුරුදු 19න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ කාණ්ඩ 3 කට අදාළව ලීග් සහ එම සීමිත පන්දුවාර ක්‍රිකට් තරගවලදී දස්කම් දැක්වූ පාසල් කණ්ඩායම් සහ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන් මෙහිදී ඇගැයීමට ලක්කෙරිණි.

මෙම සම්මාන ප්‍රදානය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටු සභාපති සිදත් වෙත්තමුණි, සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අලෙවි අධ්‍යක්ෂ කුමාර් සමරසිංහ, ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ සභාපති කොළඹ ආනන්ද විද්‍යාලයේ විදුහල්පති කිත්සිරි ලියනගමගේ යන මහත්වරුන් ඇතුළු අමුත්තන් රැසක් එක්ව සිටියහ.

වසරේ දක්ෂතම පාසල් ක්‍රිකට් කණ්ඩායම _ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය, සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාව _ කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලය, පන්දුවාර 20-20 ක්‍රිකට් ශූරතාව _ කොටහේන ශාන්ත බෙනඩික්ට් විද්‍යාලය,