අපරාජිකත්වය සමග ජය BMS ට

351
Red bull interuniversity cricket Seagis campus

රෙඩ් බුල් අන්තර් විශ්ව විද්‍යාලීය ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති අවසන් මහා තරගයෙන් සීජස් කැම්පස් කණ්ඩායම කඩුළු 6කින් පරාජය කරමින් ජයග්‍ර‍හණය වාර්තා කිරීමට ව්‍යාපාර කළමනාකරණ පාසල (BMS) සමත් විය.

පසුගිය ලිපි: අසලංක – සම්මු එළි කළ ජයමග

සීජස් කණ්ඩායම් නායකයා විසින් කාසියේ වාසිය දිනා ගැනීමට සමත් වූ අතර ඒ අනුව පිත්ත රැගෙන පිටියට පිවිසි ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 9ක් දැවී ලකුණු 163ක් රැස් කිරීමට සමත් විය.

එහිදි අනුක් ද අල්විස් නොදැවී ලකුණු 33ක් සිය කණ්ඩායමට රැස් කර දීමට සමත් වූ අතර ඔහුත් සමග සීජස් කණ්ඩායමේ අනෙක් වැඩිම ලකුණු ලාභියා වු දමිත් ප්‍රියදර්ශණ ලකුණු 26ක් සිය කණ්ඩායම වෙනුවෙන් රැස් කිරීමට සමත් විය.

පන්දු යැවීමේදි ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩක දසුන් ශානක විසින් ලකුණු 22කට කඩුළු 4ක් දවා ගැනීමට සමත් විය. ශෙහාන් ජයසූරිය ද ලකුණු 23කට එක් කඩුල්ලක් දවා ගැනීමට සමත් විය.

ලකුණු 164ක අභියෝගයක් හඹා යෑමේ අරමුණින් පිටියට පිවිසි BMS ක්‍රීඩකියන් විසින් නියමිත ඉලක්කය පන්දුවාර 16 පන්දු 4 කදි සපුරා ගන්නා ලදි.

ශ්‍රී ලංකා ODI ක්‍රීඩක සහ දක්ෂ විස්සයි – විස්ස ක්‍රීඩකයෙකු වන ශෙහාන් ජයසූරිය විසින් නොදෑවී අගනා අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත් විය.  එහිදි පන්දු 38කදි ලකුණු 58ක් ලබා ගැනීමට ඔහු සමත් විය.

BMS ක්‍රීඩක ජනිත් විමුක්ති විසින් ලකුණු 29ක් රැස් කිරීමට සමත් විය. සීජස් කණ්ඩායම් ක්‍රීඩකයෝ BMS ඉණිම අඩපණ කිරීමට දක්ෂ උත්සහයක නිරතවුනු නමුත් එය ව්‍යාර්ත විය.

පන්දු යැවීමේදි සංගීත් කුරේ විසින් ලකුණු 34කට එක් කඩුල්ලක් දවා ගැනීමට සමත් විය. කෙසේ නමුත් පන්දුවාර 16.4කදි නියමිත ඉලක්කය පසුකර යන BMS ක්‍රීඩකයෝ ලකුණු 167ක් වාර්තා කරමින් සිය අපරාජිකත්වයේ කිරුළු ද රැක ගනිමින් තරගය ජයග්‍ර‍හණය කිරීමට සමත් විය.

ජය සංකේත ප්‍ර‍දානය ශ්‍රී ලංකා ජාතික ක්‍රීඩක ලහිරු තිරිමාන්න විසින් සහ තරගාවලියේ අධ්‍යක්ෂක බ්‍රෙන්ඩන් කුරුප්පු යන අය විසින් සිදුකෙරිනි.

ලකුණු සටහන:

සීජස් කැම්පස් කණ්ඩායම – 163/9 (20): අනුක් ද අල්විස් 33*, දමිත් ප්‍රියදර්ශන් 26, දසුන් ශානක 4/22, ශෙහාන් ජයසූරිය 1/23.

BMS කණ්ඩායම – 167/4 (16.4): ශෙහාන් ජයසූරිය 58*, ජනිත් විමුක්ති 29, සංගීත් කුරේ 1/34, රුවින්ද ෂාමීන් 1/21.

තවත් පුවත් සදහා පිවිසෙන්න – මුල්පිටුවට