Home Sinhala Devdutt Padikkal ගෙන් තවත් ශතකයක්

Devdutt Padikkal ගෙන් තවත් ශතකයක්

India tour of Sri Lanka

108
Cricket

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ 2 වැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද (23) කොළඹ, සිංහල ක්‍රීඩා සමාජ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ අතර තරගය පළමු දිනයට නතර කරද්දී පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටි ඉන්දීය ක්‍රීඩකයෝ කඩුලු 5ක් දැවී ලකුණු 300ක් ලබා සිටියා.

මෙම තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ මෙන් ම ඉන්දීය ක්‍රීඩකයෝ ද පිටියට පිවිසෙන්නේ නවක ක්‍රීඩකයන් දෙදෙනෙක්ට ටෙස්ට් වරම් හිමිකර දෙමින්. ඒ අනුව ශ්‍රී ලංකාව වෙනුවෙන් කමිල් මිෂාර ද සහ ඉන්දියාව වෙනුවෙන් Saransh Jain ද ඊට එක් වෙනවා.

ශ්‍රී ලංකා කණඩායම

 

ධනංජය ද සිල්වා (නායක), ලහිරු උදාර, කමිල් මිෂාර, පසිඳු සූරියබණ්ඩාර, කමිඳු මෙන්ඩිස්, සොනාල් දිනූෂ, නිරෝෂාන් දික්වැල්ල (කඩුලු රකින්නා), කේශර නුවන්ත, ප්‍රභාත් ජයසූරිය, ලහිරු කුමාර, අසිත ප්‍රනාන්දු.

 

ඉන්දීය කණ්ඩායම

 

Shubman Gill (නායක), Yashasvi Jaiswal, KL Rahul, Devdutt Padikkal, Rishabh Pant (කඩුලු රකින්නා), Ravindra Jadeja, Dhruv Jurel, Saransh Jain, Manav Suthar, Mohammed Siraj, Prasidh Krishna

මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඉන්දීය ක්‍රීඩකයෝ එහි වාසිය ලබා ගන්නේ පිතිකරුවන්ට යෝග්‍ය යැයි සැලකෙන සිංහල ක්‍රීඩා සමාජ පිටියේ දී පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව තමන් සතු කර ගනිමිනුයි.

ඒ අනුව ඉන්දීය ඉනිම ආරම්භ කරන්නේ Yashasvi Jaiswal සහ KL Rahul එක්වයි. ඔවුන් දෙදෙනා එක් ව 1 වැනි කඩුල්ලට ලකුණු 37ක සබඳතාවක් එක් කරනවා. දිනයේ පළමු ඉනිම ලෙසින් KL Rahul දැවී යන අතර ඒ වෙද්දී ඔහු පන්දු 33කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 18ක් ලබා සිටියා.

අනතුරු ව Yashasvi Jaiswal 2 වැනි කඩුල්ලට තම ඉනිම හැර යනවා. ඒ වෙද්දී ඔහු පන්දු 53කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමඟින් ලකුණු 45ක් ලබා සිටි අතර ඉන්දීය ඉනිම ලකුණු 66ක් ව තිබුණා.

එම කඩුල්ල දැවී යෑමෙන් අනතුරු ව ඉන්දීය ඉනිමට තවත් ලකුණු 22ක් එක් වෙද්දී තරගය දිවා විවේකය වෙනුවෙන් නතර කරනවා. ඒ වෙද්දී ඔවුන් කඩුලු 2ක් දැවී ලකුණු 88ක් ලබා සිටි අතර Devdutt Padikkal (13)  සහ නායක Shubman Gill (11) නොදැවී පිටියේ රැඳී සිටියා. ඔවුන් අතුරින් Shubman Gill තම ඉනිමට ලකුණු 7ක් එක්කර ගනිමින් ටෙස්ට් තරග දිවියේ ලකුණු 3000 කඩඉමට පිවිස දිවා භෝජන සංග්‍රහය තම සැමරුමක් කර ගත්තා.

එතැන් සිට තරගයේ ගෙවී ගිය 2 වැනි කාර්තුව ඉන්දීය ක්‍රීඩකයන්ට වඩාත් වාසි සහගත වූවා. ඒ තුළ ඔවුන් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 99ක් ලබා ගන්නවා. ඒ අතර කාලයේ දී Devdutt Padikkal සහ නායක Shubman Gill තම ඉනිම් අර්ධ ශතකවලින් සරසා ගැනීමට ද සමත් වෙනවා.

තේ විවේකයට පෙර පන්දුවේ දී Shubman Gill තම කඩුල්ල අහිමි කර ගත් අතර ඔහු ඉනිමේ 3 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 108කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 50ක් ලබා සිටියා. එය ඔහුගේ ටෙස්ට් තරග දිවියේ 9 වැනි අර්ධ ශතකයයි. ඔහු දැවී යද්දී Devdutt Padikkal හා එක් ව 3 වැනි කඩුල්ලට පන්දු 209ක දී ලකුණු 120ක සබඳතාවක් ද ගොඩ නගා තිබුණා.

ඒ වෙද්දී ඉන්දීය ඉනිමේ අහිමි ව තිබූ කඩුලු 3න් කඩුලු ද්විත්වයක ම හිමිකාරීත්වය අසිත ප්‍රනාන්දු සතු වූ අතර අනෙක් කඩුල්ලේ හිමිකාරීත්වය ලහිරු කුමාර සතු වුණා.

තරගයේ තෙවැනි කාර්තුව තුළ තවත් කඩුලු ද්විත්වයක් දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වීම කැපී පෙණුන ද පෙර තරගයේ දී තම මංගල ටෙස්ට් ශතකය වාර්තා කළ Devdutt Padikkal මෙම තරගයේ දී ද ශතකයත් වාර්තා කරමින් එම කාර්තුවේ පමණක් නොව දිනයේ සියලු ගෞරව ඔහු සතු කර ගැනීමට සමත් වූවා.

මෙම තරගයේ දී ඔහු පන්දු 193කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සමඟින් ලකුණු 117ක් ලබා ගන්නවා. ඒ සමඟින් ඔහු ශ්‍රී ලංකාවට එරෙහි ව ආ මෙම තරග සංචාරයේ පුහුණු තරගය ද ඇතුලු ව තරග ත්‍රිත්වයේ දී ශතක ත්‍රිත්වයක් වාර්තා කිරීමට ද සමත් වූවා.

ඔහු ඉනිමේ 4 වැනි කඩුල්ලට දැවී යන විට Ravindra Jadeja හා එක් ව පන්දු 115ක දී ලකුණු 74ක සබඳතාවක් ද එක් කිරීමට සමත් වෙනවා.

 Ravindra Jadeja දිනයේ අවසන් පන්දුවාරයේ පළමු පන්දුවේ දී ම තම කඩුල්ල අහිමිකර ගනිමින් පිටියෙන් ඉවත් ව යද්දී පන්දු 83කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 43ක් ලබා සිටියා.

මේ වෙද්දී Dhruv Jurel (7) සහ මංගල ටෙස්ට් වරම්ලාභී Saransh Jain (4) පිටියේ නොදැවී රැඳී සිටින අතර ඊට අමතර ව ආබාධිත තත්ත්වයක් මත ලකුණු 3ක් පමණක් ලබා සිටිය දී Rishabh Pant ද පිටියෙන් ඉවත් ව නැවත පන්දුවට පහර දීමේ බලාපොරොත්තුවෙන් විවේක ගනිමින් සිටිනවා.

කඩුලු දවා ගැනීමේ දී අසිත ප්‍රනාන්දු ලකුණු 46කට කඩුලු 3ක් දවා ගනිමින් දිනයේ සාර්ථක ම ශ්‍රී ලංකා පන්දු යවන්නා වූ අතර ඊට අමතර ව ලහිරු කුමාර සහ කේශර නුවන්ත කඩුල්ල බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • ඉන්දියාව – පළමු ඉනිම කඩුලු 5ක් දැවී 300 (85.0) Yashasvi Jaiswal 45, Devdutt Padikkal 117, Shubman Gill 50, Ravindra Jadeja 43, අසිත ප්‍රනාන්දු 3/46

මෙම තරගය හෙට (24) 2 වැනි දිනයටත් පැවැත්වීමට නියමිතයි.

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ මෙරට සංචාරයේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

Result
Match drawn
Sri Lanka
290/10 (89.4) & 429/9 (154)
India
503/9 (138)
Batsmen R B 4s 6s SR
Yashasvi Jaiswal b Asitha Fernando 45 53 9 0 84.91
KL Rahul c Niroshan Dickwella b Lahiru Kumara 18 33 2 1 54.55
Devdutt Padikkal b Keshara Nuwantha 117 193 12 0 60.62
Shubman Gill c Niroshan Dickwella b Asitha Fernando 50 108 6 0 46.30
Rishab Pant c Lahiru Udara b Keshara Nuwantha 63 89 6 2 70.79
Ravindra Jadeja b Asitha Fernando 43 83 4 0 51.81
Dhruv Jurel not out 115 177 9 2 64.97
Saransh Jain c Kamil Mishara  b Asitha Fernando 6 8 1 0 75.00
Manav Suthar c Niroshan Dickwella b Prabath Jayasuriya 18 51 2 0 35.29
Mohammed Siraj lbw b Prabath Jayasuriya 3 29 0 0 10.34
Prasidh krishna not out 4 7 1 0 57.14
Extras 21 (b 8 , lb 3 , nb 3, w 7, pen 0)
Total 503/9 (138 Overs, RR: 3.64)
Bowling O M R W Econ
Asitha Fernando 29 5 106 4 3.66
Lahiru Kumara 20 4 68 1 3.40
Prabath Jayasuriya 42 7 132 2 3.14
Keshara Nuwantha 38 3 154 2 4.05
Sonal Dinusha  3 0 8 0 2.67
Dhananjaya de Silva 2 0 8 0 4.00
Kamil Mishara  4 0 16 0 4.00
Batsmen R B 4s 6s SR
Lahiru Udara c Yashasvi Jaiswal b Prasidh krishna 1 6 0 0 16.67
Kamil Mishara  c Dhruv Jurel b Prasidh krishna 19 25 3 0 76.00
Prabath Jayasuriya lbw b Manav Suthar 2 7 0 0 28.57
sooriya bandara lbw b Ravindra Jadeja 80 133 9 0 60.15
Kamindu Mendis c Ravindra Jadeja b Prasidh krishna 32 58 3 1 55.17
Dhananjaya de Silva c KL Rahul b Manav Suthar 8 14 2 0 57.14
Sonal Dinusha  c KL Rahul b Saransh Jain 103 162 8 3 63.58
Niroshan Dickwella c Dhruv Jurel b Mohammed Siraj 0 3 0 0 0.00
Keshara Nuwantha c Saransh Jain b Manav Suthar 18 74 2 1 24.32
Lahiru Kumara c Dhruv Jurel b Saransh Jain 12 58 2 0 20.69
Asitha Fernando not out 1 4 0 0 25.00
Extras 14 (b 0 , lb 6 , nb 6, w 2, pen 0)
Total 290/10 (89.4 Overs, RR: 3.23)
Bowling O M R W Econ
Mohammed Siraj 11 0 33 1 3.00
Prasidh krishna 16 2 52 3 3.25
Manav Suthar 22 1 85 3 3.86
Saransh Jain 20.4 5 69 2 3.38
Ravindra Jadeja 20 4 45 1 2.25

Batsmen R B 4s 6s SR
Lahiru Udara c Saransh Jain b Mohammed Siraj 3 15 0 0 20.00
Kamil Mishara  lbw b Ravindra Jadeja 32 39 3 1 82.05
sooriya bandara st Rishab Pant b Manav Suthar 92 173 10 1 53.18
Kamindu Mendis c Shubman Gill b Prasidh krishna 55 92 2 3 59.78
Dhananjaya de Silva c Devdutt Padikkal b Manav Suthar 23 44 1 1 52.27
Sonal Dinusha  not out 133 264 8 2 50.38
Niroshan Dickwella lbw b Saransh Jain 6 12 1 0 50.00
Keshara Nuwantha c Dhruv Jurel b Manav Suthar 46 150 4 0 30.67
Prabath Jayasuriya c Dhruv Jurel b Ravindra Jadeja 2 28 0 0 7.14
Lahiru Kumara c Yashasvi Jaiswal b Ravindra Jadeja 12 90 1 0 13.33
Asitha Fernando not out 0 24 0 0 0.00
Extras 25 (b 7 , lb 8 , nb 7, w 3, pen 0)
Total 429/9 (154 Overs, RR: 2.79)
Bowling O M R W Econ
Prasidh krishna 18.3 3 57 1 3.11
Mohammed Siraj 15 7 26 1 1.73
Manav Suthar 41 7 121 3 2.95
Saransh Jain 37 4 98 1 2.65
Ravindra Jadeja 38.3 4 94 3 2.45
Shubman Gill 2 0 8 0 4.00
Yashasvi Jaiswal 1 0 9 0 9.00
Dhruv Jurel 1 0 1 0 1.00

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<