දේශීය ක්‍රිකට් පිටියට වැසි නිවාඩුවක්!

Major Clubs T20 Tournament

91
Major Clubs T20 Tournament

මේ දිනවල පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන සියලුම ක්‍රිකට් තරගාවලියන් කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලි කමිටුව තීරණය කර තිබේ.

ඒ අනුව හෙට (21) පැවැත්වීමට නියමිත ව තිබූ අන්තර් ක්‍රීඩා සමාජ Major Clubs විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරග වටයේ සිට සියලු තරග ද, National Super League වයස අවුරුදු 23න් පහළ විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරග ද සහ ජුනි මස 04 වැනිදා සිට ආරම්භ වීමට නියමිත ව තිබූ Major Clubs එක්දින ක්‍රිකට් තරගාවලියේ තරග ද මෙසේ කල් දමා තිබේ.

එමෙන් ම මේ දිනවල ක්‍රියාත්මක දෙවැනි සහ තෙවැනි පෙළ ක්‍රිකට් තරගාවලියන් ද ඒ ලෙසින් ම කල් දමා තිබේ.

එම තරගාවලි අතුරින් අන්තර් ක්‍රීඩා සමාජ Major Clubs විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරග මේ මස 26 වැනිදා ද, අවසන් පූර්ව වටයේ තරග මේ මස 29 වැනිදා ද සහ අවසන් මහා තරගය ජුනි මස 01 දා ද පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලි කමිටුවේ අදහස වී තිබේ.

පවතින තත්ත්වය හමුවේ එම තරග පැවැත්වෙන ක්‍රීඩාංගණ මෙතෙක් තීරණය කර නොමැති අතර අනෙකුත් තරගාවලියන් පැවැත්වෙන දිනයන් ද මේ දක්වා යෝජනා වී නැහැ.

කෙසේ වෙතත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර තිබෙන්නේ නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පැවැතීම හේතුවෙන් මෙම වැසි සහිත කාලගුණ තත්ත්වය ඉදිරි දින කිහිපය තුළ තව දුරටත් බලාපොරොත්තු විය හැකි බවයි.

අන්තර් ක්‍රීඩා සමාජ Major Clubs විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ නව කාලසටහන
මැයි 26 වැනිදා:

1 වැනි අර්ධ අවසන් පූර්ව තරගය: NCC සහ Colts ක්‍රිකට් සමාජය අතර
2 වැනි අර්ධ අවසන් පූර්ව තරගය: Bloomfield ක්‍රිකට් සමාජය සහ CCC අතර
3 වැනි අර්ධ අවසන් පූර්ව තරගය: Moors ක්‍රීඩා සමාජය සහ Ace Capital ක්‍රිකට් සමාජය අතර
4 වැනි අර්ධ අවසන් පූර්ව තරගය: Tamil Union ක්‍රිකට් සමාජය සහ BRC අතර
මැයි 29 වැනිදා: අවසන් පූර්ව තරග
ජුනි 01 වැනිදා: අවසන් මහා තරගය

Major Clubs T20 තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<