මහීෂ් තීක්ෂණගෙන් මනුස්සකම ඇති වැඩක්

561

ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ 2022 IPL තරගාවලියට සහභාගී වීමෙන් උපයා ගත් ධනයෙන් කොටසක් වෙන්කරමින් සුවිශේෂී පරිත්‍යාගයක් සිදු කර තිබෙනවා. මහීෂ් මෙලෙස සිය පරිත්‍යාගය සිදු කර ඇත්තේ රිජ්වේ ආර්යා ළමා රෝහල වෙතටයි.

එහි දී ඔහු විසින් එම රෝහලේ තිබෙන ළමා හෘද කපාට සහ පටක බැංකුව (Human heart valve and tissue bank) වෙත අත්‍යාවශ්‍යව පැවතුණු පටක සුරක්ෂිතාගාර සහ සෛල ශීත කිරීමේ බෑග් (Tissue vault සහ cell freezing bags) තොගයක් ශ්‍රී ලංකාවේ විශාලතම ගාස්තු රහිත ළමා රෝහල වන රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත පරිත්‍යාග කර තිබෙනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<