19න් පහල ආසියානු යොවුන් කුසලානය ශ්‍රී ලංකාවේදී

453
U19 Youth Asia Cup - Opening Ceremony

කණ්ඩායම් අටක සහභාගීත්වයෙන් තුන්වන වරටත් පැවැත්වෙන 19න් පහල ආසියානු යොවුන් කුසලාන තරඟාවලිය හෙට (15) ආරම්භ වීමට නියමිතයි.

පසුගිය ලිපි: විශිෂ්ට දස්කම් දක්වමින් ජයග්‍රහණය සාන්ත තෝමස් විද්‍යාලයට

“ආසියානු යෞවනයන් ලෝක බලවතුන් කරමු” යන තේමාවෙන් පැවැත්වෙන තරඟාවලිය නිල වශයෙන් අද (14) කොළඹ ගලධාරි හෝටලයේ පැවති උත්සවයකදී අරඹනු ලැබුවේ සියළු කණ්ඩායම් වල ක්‍රීඩකයන්, නිලධාරීන් සහ බලධාරීන්ගේ සහභාගීත්වයෙනි. උත්සවයේ මුලසුන් හොබවනු ලැබුවේ ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල යන මහත්වරුන් විසිනි.

ඉන්දියාවත් පකිස්තානයත්, 2012 වර්ෂයේදී මැලේසියාවේදී පැවති ප්‍රථම යොවුන් තරඟාවලියේදී සම ශූරයන් වූ අතර 2013/14 වර්ෂ වලදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවති තරඟාවලියේ අවසන් තරඟයේදී පාකිස්තානය ලකුණු 40කින් පරාජය කළ ඉන්දියාවට දෙවන තරඟාවලියේ ශූරතාවය හිමිවිය.

“තරඟාවලියට සහභාගී වන සෑම ක්‍රීඩකයෙක්ම හිතට ගත යුතුයි ඔවුන් මේ ක්‍රීඩා කරන්නේ ප්‍රසිද්ධිය හෝ වරප්‍රසාද තකා නොවෙයි, තමන්ගේ උතුම් රට වෙනුවෙන් කියලා. මෙය යොවුන් ක්‍රීඩකයන්ට ලැබෙන හොඳ අවස්ථාවක් සහ මම ඔවුන්ට සුභ පතනවා.” යැයි නිල උත්සවය අතරතුර දයාසිරි ජයසේකර මැතිතුමා පැවසුවේය.

සත්කාරක රට වන ශ්‍රී ලංකාව, තරඟාවලියේදී වත්මන් ශූරයන් වන ඉන්දියාව, නේපාලය සහ මැලේසියාවට එරෙහිව “A” කාණ්ඩය තුළ ක්‍රීඩා කරන අතර පාකිස්තානය, බංගලාදේශය, ඇෆ්ගනිස්තානය සහ සිංගප්පූරුව “B” කාණ්ඩයට ඇතුලත් වේ. කාණ්ඩ දෙකෙන් කණ්ඩායම් දෙක බැගින් අවසන් පූර්ව තරඟ සඳහා ක්‍රීඩා කරනු ඇත. පිළිමළුන් පිටුදැකීමේ තරඟ සියල්ල පැවැත්වෙන්නේ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී දිවා රාත්‍රී තරඟ ලෙසය.

කොළඹදී ආසියානු ක්‍රිකට් සංගමයේ ප්‍රධාන ශාඛාව විවෘත කිරීමෙන් පසුව මෙරටදී පැවැත්වෙන ප්‍රථම ජාත්‍යන්තර තරඟාවලිය මෙයයි.

“ආසියානු ක්‍රිකට් සංගමයේ මුඛ්‍ය පරමාර්ථයක් වන්නේ මේ කලාපයේ ක්‍රිකට් ක්‍රීඩා කරන යොවුන් ක්‍රීඩකයන් සවිබල ගැන්වීම සහ ස්ථාවර යොවුන් ක්‍රීඩකයන් පිරිසක් කලාපය තුළින් බිහිකිරීම. දිවා රාත්‍රී තරඟ ක්‍රීඩා කිරීමෙන් මේ යොවුන් ක්‍රීඩකයන්ට අනාගතයේදී ජාත්‍යන්තර කණ්ඩායම් නියෝජනය කිරීම සඳහා හොඳ පන්නරයක් ලැබෙනවා. මං සුභ පතනවා සියළු කණ්ඩායම් වලට, ඒවගේම හොඳම කණ්ඩායම ජය ලබාවි.”  යැයි ආසියානු ක්‍රිකට් සංවර්ධන කමිටු සභාපතිද වන තිලංග සුමතිපාල මහතා පැවසීය.

NCC, CCC සහ ද සොයිසා ක්‍රීඩාංගනයේදී “A” කාණ්ඩයේ රවුන්ඩ් රොබින් තරඟ හයක් පැවැත්වීමට නියමිතයි. “B” කාණ්ඩයේ තරඟ ගාල්ලේදී පැවැත්වෙන අතර එම තරඟ ගාලු ජාත්‍යන්තර ක්‍රීඩාංගනය, මාතර උයන්වත්ත ක්‍රීඩාංගනය සහ මග්ගොන සරේ විලේජ් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.

සහභාගී වීමට නියමිත සංචිතයන්.

ඇෆ්ගනිස්තානය – නවීන් උල් හක් මුරිද් (නායක), වෆාඩර් මෝමඩ්, රහ්මාන් වලී කලීල්, ෆර්වීස් මලික් සායි, ඉක්රම් අලී, නවීන් ඔබයිඩ්, සහීර් කාන්, ඊබ්‍රාහිම් සද්රාන්, නිසරුල් හක්, යුසුෆ් සසායි, ටාරික් ස්ටැනික්සායි, සහිදුල්ලා කොට්වාල්, අහමඩ් කමාවාල්, දාර්විෂ් අබ්දුල් රසූල්, එම්. රහමන්, දව්ලත් අහමද්සායි (පුහුණුකරු)

බංගලාදේශය – සයිෆ් හසන් (නායක), සොයිබ් හොසේන්, නස්මුල් අලාම්, ආෆිෆ් හොසේන්, අමිනුල් ඉස්ලාම්, රෆ්සාන් රහමන්, හබිබුර් රහමන්, එම්. ඩී. රකීබ්, මොයිදුල් ඉස්ලාම්, නයීම් හසන්, ශකාවත් හොසේන්, කාසි ඉස්ලාම්, යෙසින් අරෆත්, මොකිදුල් ඉස්ලාම්, අබ්දුල් හලීම්, අබ්දුල් කරීම් (පුහුණුකරු)

ඉන්දියාව –අභිෂේක් ශර්මා (නායක), ප්‍රිත්වි ෂෝ, සන්දීප් තොමාර්, දිග්විජේ බිරේන්දර්, චන්දන් සහානි, ශුබ්මන් ගිල්, ප්‍රියම් ගාග්, ඩැරිල් ෆෙරාරියෝ, ආයුෂ් ජම්වාල්, කමලේෂ් සිං, රාහුල් දේශ්රාජ්, රිශාබ් භගාද්, ඉශාන් අශ්ෆක්, ශිමර්ජීත් සිං, ශිවා සිං, රාහුල් ද්‍රාවිඩ් (පුහුණුකරු).

මැලේසියාව – විරන්දීප් සිං (නායක), සයීඩ් මුබාරක්, මොහොමඩ් හසීෆ්, මොහොමඩ් ඛයිර්, සයිෆ් උල්ලා මලික්,නයීම් නස්ලි, අර්ජුන් තිලනාදන්, මොහොමඩ් හෂීම්, මොහොමඩ් හාසික්, අයිනුල් මොහොමඩ් යතීම්, මහතීර් රසීල්, සුබයිදි සුල්ෆික්ල්, අබ්දුල් රහ්මාන්, ඉස්ලා සොල්, අස්නවි ඔස්මාන්, සුරේෂ් නවරත්නම් (පුහුණුකරු)

නේපාලය – සන්දීප් ලිමිචානේ (නායක), මොහොමඩ් ආසිෆ් ෂයික්, දීපෙන්ද්‍ර සිං, සන්දීප් සුනාර්, රබීන්ද්‍ර ෂහී, ආදිල් ඛාන්, භිම් සර්කි, අනිල් කුමාර්, පවන් සරාෆ්, සුවර්නාකර් උරව්, කමල් සිං, නන්දන් යාදව්, ප්‍රකාශ් අභිනාෂ්, රෝහිත් කුමාර්, බිනෝද් කුමාර් දාස් (පුහුණුකරු)

පාකිස්තානය – නසීර් නවාස් (නායක), මොසින් ඛාන්, අබ්දුල්ලා ශෆික්, අලි සර්යාබ්, සහීඩ් අලාම්, මොහොමඩ් අරීෆ්, වකාර් අහමඩ්, සාද් ඛාන්, අසාම් ඛාන්, ශහීන් ශා, මොහොමඩ් හුස්නයින්, මූසා ඛාන්, ඉබ්‍රා සනාර්, උමර් ඛාන්, මන්සූර් අලී, මන්සූර් රානා (පුහුණුකරු).

සිංගප්පූරුව – ශර්දුල් දොර්වාත්(නායක), අශාන් ගෝපිනාත්, සිධාන්ත්, අන්ෂ් භාර්ගවා, ෂෝන් අගර්වාල්, රොහාන් රංගරාජන්, ක්‍රිෂාන් චලපති, අමන් දේසායි, ජනක් ප්‍රකාශ්, අංශුල් සිංහානියා, අවි ඩික්සිත්, ආර්යන් කිරන්, බික්රම් බිස්වසාරේ, ආර්යමන් උචිල්, අයියර් භිගු, ෂොයිබ් අබ්දුල් රසාක් (පුහුණුකරු).

ශ්‍රී ලංකාව – කමිඳු මෙන්ඩිස් (නායක), අශේන් බණ්ඩාර, රවිඳු සංජන, හරීන් බුද්ධික, ජෙහාන් ඩැනියෙල්, රෙවාන් කෙලී, හසිත බෝයගොඩ, තිසරු දිල්ෂාන්, ප්‍රවීන් ජයවික්‍රම, විශ්ව චතුරංග, ලසිත් කෲස්පුල්ලේ, වනිත වන්නිනායක, තිලාන් ප්‍රසාන්, ක්‍රිෂාන් සංජුල, නිපුන් රන්ෂික, රෝයි ඩයස් (පුහුණුකරු).

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට

U19 Match Fixtures