ප්‍රංශ පාපන්දු තරුව තම සිහිවටන වෙන්දේසියේ තබයි

175

පාපන්දු ලෝකයේ වඩාත් කතාබහට ලක්වන පුවත් මවනා තරු අතරින් ඉදිරියෙන්ම නම කියැවෙන දක්ෂ ක්‍රීඩකයෙකු ලෙස පෝල් පොග්බා හඳුන්වා දිය හැක. වත්මන් ලෝක ශූරයින් වන ප්‍රංශ පාපන්දු කණ්ඩායම මෙන්ම සුප්‍රසිද්ධ මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම නියෝජනය කරන මොහු ඊයේ (29) සුවිශේෂී සමාජ සත්කාරක වැඩසටහනකට එක්වී සිටියා.

නේමාර් කට වරද්දා ගනී

බ්‍රසීලයේ සුපිරි පාපන්දු තරුවක් වන නේමාර් ද සිල්වා හට Champions League පාපන්දු තරගාවලියේ…

එනම් ක්රොයේෂියා කණ්ඩායම ගෝල 4-2ක් ලෙස පරාජයට පත්කරමින් ලෝක කුසලාන අවසන් මහා තරගයේ දී ලැබූ ඓතිහාසික ජයග්‍රහණය සිහිගැන්වීම පිණිස මෙතෙක් කලක් තමා සන්තකයේ තබා ගත් වටිනා සමරු සටහනක් වන ක්‍රීඩා පාවහන් යුගලය ප්‍රංශයේ පැරිස් අගනුවර දී වෙන්දේසි කිරීමෙන් ලැබෙන මුදල් ලොව වටා සිටින විවිධ අපහසුකම් වලින් පෙළෙන ජනතාවගේ සුබසිද්ධිය උදෙසා යෙදවීම මෙම වැඩසටහනේ අරමුණයි. එහි දී ඔහු තම ක්‍රීඩා පාවහන් යුගලය යූරෝ 35000 – 50000ත් අතර මුදලකට අලෙවි වේ යැයි අනුමාන කර තිබූ අතර යූරෝ 33470කට අවසානයේ දී එහි මිල නියම විය.

මීට අමතරව පොග්බා තම පාපන්දු දිවියේ නොයක් වැදගත් සන්ධිස්ථානවල දී පැලඳ සිටි ජර්සි කිහිපයක් ද මෙම වෙන්දේසිය සඳහා එක්කොට තිබීම කාගෙත් අවධානයට ලක්විය.

වෙන්දේසි කළ සපත්තු යුගලය

2016 යුරෝපා කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරගයක දී අයිස්ලන්ත කණ්ඩායමට එරෙහිව විශිෂ්ට ගෝලයක් වාර්තා කරමින් තරගයේ ජය ප්‍රංශ කණ්ඩායම වෙත හිමිකර දීමට පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ පොග්බා එහි දී සැරසී සිටි  ජර්සිය යුරෝ 4000කට මිල දී ගැනීමට පැමිණ සිටි අයෙක් ඉදිරිපත් වූයේ අපේක්ෂා කළ මුදලට වඩා සිව් ගුණයක ආදායමක් උපයා ගැනීමට මඟ පාදා දෙමිනි.

FIFA විසින් 8 දෙනෙකුට එරෙහිව වාරණ

අන්තර්ජාතික පාපන්දු සම්මේලනය විසින් පසුගිය බදාදා (24) පාපන්දු ක්‍රීඩාවේ දැනට නියැලෙන සහ…

2017 වර්ෂයේ දී නෙදර්ලන්තයට එරෙහිව ලෝක කුසලාන තේරීම් තරගාවලිය යටතේ පැවති තරගයක දී පොග්බා පැලඳ ක්‍රීඩා කළ ජර්සිය ද ඇස්තමේන්තු ගත මුදලට වඩා තුන් ගුණයක වාසියක් හිමිකර දෙමින් යූරෝ 3000කට අලෙවි වූ අතර තමාගේ වත්මන් ක්‍රීඩා සමාජය වන මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම නියෝජනය කරමින් 2017 වසරේ දී වෙස්ට් හැම් කණ්ඩායම සමඟ පැවති තරගයේ දී භාවිතා කළ ජර්සිය සඳහා ලැබුණේ යූරෝ 400ක් වැනි සාපේක්ෂව අඩු වටිනාකමකි.

ඔහුට එවර තරගවාරයේ දී බලාපොරොත්තු වූ අන්දමින් දස්කම් අතරට පැමිණීමට නොහැකි වීම නිසා ක්‍රීඩාලෝලින්ගෙන් පමණක් නොව විචාරකයින්ගේ පවා දෝෂාරෝපණ එල්ල විය.

මේ අතර ඉදිරිපත් කර තිබූ තවත් ජර්සි කිහිපයක් සඳහා අපේක්ෂා කළ අයුරින් මිල ගණන් නියම නොවූ නිසාවෙන් ඒවා අලෙවි නොවීම තරමක් කැපී පෙනුණු අතර 2015 දී මැන්චෙස්ටර් සිටි කණ්ඩායමට එරෙහිව චැම්පියන්ස් ලීග් තරගාවලියේ දී සැරසී සිටි යුවෙන්ටස් කණ්ඩායම් ජර්සිය ද ඒ අතර වීම සුවිශේෂී වේ.

මූලාශ්‍රය – AFP

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <