කොරෝනා පරද්දන්න පොග්බාගෙන් අරමුදලක්

124

කොරෝනා හෙවත් COVID-19 වයිරසය පැතිරීම නැවැත්වීමේ සටනට මූල්‍යමය සහාය ලබා දීමට මැන්චෙස්ටර් යුනයිටඩ් සුපිරි තරුවක් වන පෝල් පොග්බා ඉදිරිපත් වී ඇත. 

පොග්බා විසින් ෆේස්බුක් හි අරමුදල් රැස් කිරීමේ පිටුවක් නිර්මාණය කර ඇති අතර එය ඩොලර් 27,000 ඉලක්කය කරා ළඟා වුවහොත් රැස් කළ මුදල දෙගුණයක් බවට පත්කිරීමට මේ  ප්‍රංශ මිඩ්ෆීල්ඩර් ක්‍රීඩකයා සූදානම්ව සිටී. 

FIFA සුදුසුකම් ලැබීමේ තරග කල්‍ යයි

2022 දී කටාර් හි පැවැත්වීමට නියමිත FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලිය සඳහා …..

FIFA ලෝක කුසලාන ජයග්‍රාහකයෙකු වන පොග්බා පසුගිය ඉරිදා සිය 27 වන උපන්දිනය සැමරුවේය. 

“අද මගේ උපන් දිනයයි. මම, මගේ පවුලේ අය සහ මිතුරන් නිරෝගීව සිටීම ගැන මම සැමවිටම කෘතඥ වෙනවා. මොකද දැන් හැමෝටම නීරෝගී බව නැති නිසා.”

“කොරෝනා වයිරස් වසංගතය ළමුන් ඇතුළු බොහෝ දෙනාගේ සෞඛ්‍යයට හා ජීවිතයට බලපානවා. මහා පරිමාණයෙන් මේ වයිරසය පැතිර යාමේ බලපෑම, විශේෂයෙන් දුප්පත් හා අවදානමට ලක්විය හැකි දරුවන් කෙරෙහි විශාල බලපෑමක් ඇති කළ හැකියි. “

“වැදගත් වෛද්‍ය සැපයුම් සැපයීම, ප්‍රජාවන් සමඟ සාකච්ඡා කිරීම සහ වැළැක්වීමේ ව්‍යාපාර ක්‍රියාත්මක කිරීම මගින් කොරොන වයිරස් පැතිරීම වැළැක්වීමට යුනිසෙෆ් ඔවුන්ගේ උපරිම සහය දෙනවා. ” 

“මෙම නව වයිරසය පැතිරීම නැවැත්වීම ප්‍රමුඛතාවයක් ලෙස සැලකිය යුතුයි. ඒ සමඟම ඒ සම්බන්ධයෙන් පැතිරෙන වැරදි තොරතුරුත් වැළැක්විය යුතුයි.”

“මෙවැනි අවස්ථාවල දී අපි එකට එකතු විය යුතුයි. ඔබගේ උදව්වෙන්, මෙම යුද්ධයට එරෙහිව සටන් කිරීම සඳහා ඩොලර් 27,000ක් රැස් කිරීමට මම අද බලාපොරොත්තු වෙනවා. අපි මේ ඉලක්කය කරා ළඟා වුවහොත් මම එය දෙගුණයක් කරන්න පොරොන්දු වෙනවා.

Ronaldinhoට වැඩ වරදී

බ්‍රසීලයේ හිටපු පාපන්දු සුපිරි තරුවක් වන Ronaldinho දකුණු ඇමරිකානු රටක් …..

අපගේ ඉලක්කය කරා ළඟා වීමට අපට හැකි වුවහොත්, සෞඛ්‍ය සේවකයින් සඳහා ඉවත දැමිය හැකි අත්වැසුම් යුගල 333,332ක්, රෝගය තවදුරටත් පැතිරීම වැළැක්වීම සඳහා ශල්‍ය වෙස් මුහුණු 2,777ක් සහ වාතාශ්‍රය සහිත ඇස් කණ්ණාඩි 9,615ක් ලබා දීමට හැකි වේවි. 

“COVID19 ට එරෙහි මෙම යුද්ධයට එරෙහිව සටන් කිරීමට ඕනෑම මුදලක් සාදරයෙන් පිළිගන්නවා. සියලු සහයෝගයට ස්තූතියි. ආරක්ෂිතව සිටින්න.”

පොග්බාගේ මෙම අරමුදල් රැස්කිරීම දියත් කර පැය කිහිපයක් ඇතුළත එම අරමුදල යුරෝ 2,000 ඉක්මවා ඇත.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<