ලංකාවට එන විජාතික බලවේග

71

පසුගිය වසරේ දක්ෂතාවලට අනුව අවසන් ස්ථාන දිනා ගත් ක්‍රීඩා සමාජ 4ට එළඹෙන 2019/20 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ දී විදේශීය ක්‍රීඩකයන් එකතු කර ගැනීමට අවස්ථාව හිමිව තිබේ. 

අත්දැකීම් බහුල CR & FC කණ්ඩායම ආධිපත්‍ය පතුරවන්නට සූදානමින්!

ශ්‍රී ලංකා ජාතික රග්බි කණ්ඩායමේ නායක ඔමල්ක ……..

ශ්‍රී ලංකා රග්බි කමිටුවේ සභාපති ලසිත ගුණරත්න මහතා පසුගිය වසරේ පැවති ලීගයේ තරගකාරිත්වය පවත්වා ගෙන යාම සඳහා විදෙස් ක්‍රීඩකයින් කණ්ඩායම් වෙත එකතු කර ගැනීම සඳහා අවස්ථාව ලබා දුන් අතර ඒ අනුව CR&FC, ගුවන් හමුදාව, යුද හමුදාව සහ පොලිස් ක්‍රීඩා සමාජය වෙනුවෙන් විදේශීය ක්‍රීඩකයන් තරග වැදුණි.

පසුගිය වසරේ දී පොලිස් කණ්ඩායම නියෝජනය කළ ෆීජී ජාතික 22 හැවිරිදි ඉමෝසි වුණිවෝසා ඉදිරි තරග වාරය සඳහා නැවත වරක් පොලිස් කණ්ඩායම සමඟින් එක් වනු ඇත. දක්ෂ ක්‍රීඩකයෙකු වන ඉමොසි වුණිවෝසා පොලිස් ක්‍රීඩා සමාජයේ ජයග්‍රහණ වෙනුවෙන් විශාල සේවයක් ගියවර ඉටු කළේය.

මැට් ලීගේ කර මතට තවත් ජාතික සංචිතයක්!

ශ්‍රී ලංකා ජාතික සංචිතය, ජාතික සත් සාමාජික සංචිතය ….

යුද හමුදා ක්‍රීඩා සමාජය වෙනුවෙන් මෙවර ක්‍රීඩා කරන විදේශීය ක්‍රීඩකයා වන්නේ ෆීජී ජාතික ටොමාසි රාවෝවෝ ය. 30 හැවිරිදි රාවෝවෝ නවසීලන්තයේ බේ ඔෆ් ප්ලෙන්ටි දෙවැනි කාණ්ඩයේ රග්බි සඳහා සාර්ථකව ක්‍රීඩා කර ඇත.

යුද හමුදා කණ්ඩායමේ ඉදිරිපෙළේ ශක්තිය ඉතා ඉහළ මට්ටමක තිබෙන නමුත් CENTER ස්ථානයේ ක්‍රීඩා කිරීමට මනා දක්ෂතාවයක් ඇති රාවෝවෝ යුද හමුදාවට සමඟ එක් වීමෙන් අනතුරුව පසුපෙළ ද ඉතා ශක්තිමත් වනු ඇත.

ගුවන් හමුදාවට අලුත් අනුග්‍රාහකයෙක්

හචිසන් ටෙලිකොමියුනිකේෂන් ලංකා (පුද්) සමාගම ……..

තරගාවලි නීතිරීති වලට අනුව කණ්ඩායමක ක්‍රීඩා කරන ක්‍රීඩකයින් පහළොස් දෙනා අතර එක් විදේශීය ක්‍රීඩකයෙකුට පමණක් ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි වේ.

නාවික හමුදා ක්‍රීඩා සමාජය සහ ගුවන් හමුදා ක්‍රීඩා සමාජය තවමත් ඔවුන්ගේ කණ්ඩායම්වලට එක් කරගන්න විදේශීය ක්‍රීඩකයින් ගැන තවමත් තීරණයක් ගෙන නැත.

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලිය එළඹෙන 29 වැනි දින ආරම්භ වීමට නියමිත අතර තරගාවලියේ සජීව විකාශය, ඡායාරූප, පුවත් සහ සියලුම තොරතුරු දැනගන්න, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<