පිළියන්දල මධ්‍ය විද්‍යාලයට ජය

1828
Piliyandala central college v Taxila Central college one day encounter report

පිළියන්දල මධ්‍ය විද්‍යාලය හා හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලය අතර දෙවන වරටත් පැවැත්වුනු “සල්පිටි රයිගම් කොරළ හටනේ එක්දින ක්‍රිකට් තරගය” ලකුණු 53කින් ජයග්‍රහණය කිරීමට පිළියන්දල මධ්‍ය විද්‍යාලය සමත් විය. තරගය අද (26) මොරටුව ටිරෝන් ප්‍රනාන්දු පිටියේ දී පැවැත්විය.

54 වැනි සහෝදරයින්ගේ සටන 45 වැනි වරටත් ජය පරාජයෙන් තොරයි

ශ්‍රී ලංකාව පුරා විසිරී පැතිරී සිටින ක්‍රීඩාලෝලීන්ගේ වැඩි අවධානයක් දිනා ගන්නා පාසල් මහා ක්‍රිකට් තරග වලට 2017 වර්ෂය සඳහා ඊයේ (24) ආරම්භය තැබුවේ කොළඹ තර්ස්ටන්…

කාසියේ වාසිය තම සුරතට ගත් හොරණ තක්ෂිලා විද්‍යාලයේ ඇරයුමින් පළමුව පිටියට පැමිණි පිළියන්දල මැදි විදුහලේ ලකුණු පුවරුවට සවියක් එක් කල හේශාන් මදුසංක දැකුම්කළු පිතිකරණයක නිරත වෙමින් ලකුණු 68ක් තම ගිණුමට බැර කර ගන්නා ලදි. කුශාන් තේනුර හේශාන් සමඟින් එක්ව ලකුණු 64ක් එක් කරමින් පිළියන්දල මැදි විදුහල් ඉනිම සාර්ථක ලකුණු පුවරුවක් වෙත ඔසවා තැබීමට සමත් විය. හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලය වෙනුවෙන් පන්දු යැවීමේ දී සඳුන් රංග ලකුණු 37ක් තුල කඩුලු 2ක් දවාලමින් දස්කම් දැක්විය. පිළියන්දල මධ්‍ය විද්‍යාලය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 254ක් ලබා ගන්නා ලදි.

ලකුණු 255ක තරගකාරී ලකුණක් හඹා යාමට පිටියට පැමිණි හොරණ තක්ෂිලා විද්‍යාලයට සියල්ලන්ම දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 201ක් පමණක් වන අතර, එහිදී නවිදු මුශාන් ලකුණු 49ක් ලබාගෙන ඉනිම ගොඩනැංවීමට වෑයම් කරමින් සිටිය දී අවාසනාවන්ත ලෙස දැවී යන ලදි. පිළියන්දල මැදි විදුහල වෙනුවෙන් මල්ශාන් ගුණතිලක ලකුණු 33කට කඩුලු 3ක් දවා ගන්නා විට, තුන් ඉරියව් දස්කම් දැක්වූ හේශාන් මදුසංක කඩුලු 2ක් දවා ගන්නා ලදි.

පිළියන්දල මධ්‍ය විද්‍යාලය – කඩුලු 9ක් දැවී ලකුණු 254 (50): හේශාන් මදුසංක 68, කුශාන් තේනුර 64, සදුන් රංග 2/37, නවිදු මුශාන් 2/54

හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 201 (42.2): නවිදු මුශාන් 49, මල්ශාන් ගුණතිලක 3/33, හේශාන් මදුසංක 2/50

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න ක්‍රිකට් ක්‍රීඩා පිටුව