එංගලන්තය T20 ලෝක කුසලාන සංචිතය එළිදක්වයි

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය 2021

665

ඔක්තෝබර් 17 වැනිදා සිට නොවැම්බර් 14 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා වන එංගලන්ත සංචිතය අද (9) ප්‍රකාශයට පත් කෙරුණා.

Eoin Morganගේ නායකත්වයෙන් යුත් මේ එංගලන්ත සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත් වෙන අතර ඊට අමතරව අතිරේක ක්‍රීඩකයින් තිදෙනෙකු ද නම් කර තිබෙනවා.

වේගපන්දු යවන ක්‍රීඩකයින් වන Tymal Mills හා Chris Woakes එංගලන්ත විස්සයි විස්ස සංචිතයට නැවතත් කැඳවීමට එරට ක්‍රිකට් බලධාරීන් පියවර ගෙන තිබෙනවා. 29 හැවිරිදි වමතින් වේගපන්දු යවන Mills අවසන් වරට ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා කර ඇත්තේ 2017 වසරේ දී වන අතර ඔහු වසර 4කට පසුවයි නැවතත් එංගලන්ත විස්සයි විස්ස සංචිතයක් සඳහා ඇතුළත්ව තිබෙන්නේ.

මේ වන විට තේරීම් සඳහා සලකා නොබලන සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක Ben Stokes මේ සංචිතයට නම් කර නොමැති අතර ටෙස්ට් නායක Joe Root ද මේ එංගලන්ත ලෝක කුසලාන සංචිතයට ඇතුළත්ව නැහැ.

දඟපන්දු යවන්නන්ට වැඩි හිතකර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තණතීරු මත පැවැත්වෙන මේ ලෝක කුසලාන තරගාවලිය සඳහා එංගලන්තය පැමිණෙන්නේ Rashid Khan සහ Moeen Ali යන ප්‍රධාන දඟපන්දු යවන්නන් දෙදෙනා සමඟ වීම විශේෂ වෙනවා.

2016 පැවති විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අනුශූරතාවය දිනා ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වුනා. එංගලන්තය වත්මන් ලෝක විස්සයි විස්ස ශූර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ඔක්තෝබර් 23 වැනිදා පැවැත්වෙන තරගයෙන් මෙවර සිය ලෝක කුසලාන ගමන ආරම්භ කිරීමට නියමිතයි.

  • එංගලන්ත සංචිතය: Eoin Morgan (නායක), Moeen Ali, Jonathan Bairstow, Sam Billings, Jos Buttler, Sam Curran, Chris Jordan, Liam Livingstone, Dawid Malan, Tymal Mills, Adil Rashid, Jason Roy, David Willey, Chris Woakes, Mark Wood.
  • අතිරේක ක්‍රීඩකයින්:  Tom Curran, Liam Dawson, James Vince

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<