පාකිස්තානය වේලාසනින්ම තරගාවලිය ජය ගනී

134

පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම සහ ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායම අතර අද (26) ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් ලකුණු 11ක ජයග්‍රහණයක් ලබා ගැනීමට පාකිස්තාන ක්‍රීඩකයෝ සමත් වූහ.

ඒ අනුව දෙරට අතර තරග තුනකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් ඉතිරිව තිබිය දී ම තරගාවලි 2-0ක් ලෙසින් ඉදිරියට පැමිණෙමින් ජයග්‍රහණය කිරීමට පාකිස්තානය සමත් විය. දෙරට අතර පැවති පළමු විස්සයි විස්ස තරගයේ දී පාකිස්තානය ලකුණු 66කින් ජය වාර්තා කළේය.

බාබර් අසාම් ඇතුළු පාකිස්තානුවන් හමුවේ ඕස්ට්‍රේලියාව දණ නමයි

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම හා පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායම අතර පැවති පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගය ඊයේ (24) රාත්‍රියේ පැවති අතර එම තරගය ලකුණු 66කින් ජය ගැනීමට පාකිස්තානය…

කාසියේ වාසිය දිනූ පාකිස්තානය පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිස කඩුලු 6ක් දැවී ලකුණු 147ක් ලබා ගත් අතර පිළිතුරු ලෙසින් ඕස්ට්‍රේලියා කණ්ඩායමට සිය පන්දුවාර 20 දී ලබා ගත හැකි වූයේ කඩුලු 8ක් දැවී ලකුණු 136ක් පමණි.  

පාකිස්තානය වෙනුවෙන් ඉනිම ආරම්භ කළ බාබර් අසාම් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් ලකුණු 45ක් ලබා ගත්තේ ය. ඒ පන්දු 44ක මුහුණ දෙමින් හතරේ පහර 3ක් එල්ල කරමිනි. ඔහු මොහොමඩ් හෆීස් සමඟ එක්වෙමින් දෙවැනි කඩුල්ලට ලකුණු 70ක සබඳතාවක් ද එක් කිරීමට සමත් විය. හෆීස් පන්දු 34කට මුහුණ දී හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟ ලකුණු 40ක් ලබා ගත්තේ ය.

අනෙකුත් පිතිකරුවන් අතරින් ෆහීම් අෂ්රාෆ් (17*) සහ ෂොයිබ් මලික් (14) ද ලකුණු අතර සිටිය හ.

කඩුලු ලබා ගැනීමේ දී නේතන් කල්ටර්නිල් ලකුණු 18කට කඩුලු 3ක් ලබා ගනිද්දී බිලි ස්ටැලක් කඩුලු 2ක් ද දවා ගත්තේ ය.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ඕස්ට්‍රේලියා ක්‍රීඩකයන් ඉනිම ආරම්භ කළේම අවාසනාවන්ත ලෙසිනි. ඔවුන්ගේ පළමු කඩුලු 3 ලකුණු 31ක් වෙද්දී දවා ගැනීමට පාකිස්තාන ක්‍රීඩකයෝ සමත් වූහ. එසේ වූ පසු සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 30ක සබඳතාවක් ගොඩ නැගීමට මයිකල් මාෂ් සහ ග්ලේන් මැක්ස්වෙල් සමත් වූහ. මාෂ්ගේ දැවී යෑමත් එම කඩුල්ලේ සබඳතාව ගිලිහුණ අතර ඒ වෙද්දී මාෂ් පන්දු 23කට මුහුණ දී හතරේ පහරක් සමඟ ලකුණු 21ක් ලබා ගත්තේ ය.

බංග්ලාදේශය හමුවේ සිම්බාබ්වේට කටඋත්තර නැති වේ

සංචාරක සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම අතර පැවති තරග 3කින් යුත් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය 3-0ක් ලෙසින් ජය ගැනීමට බංග්ලාදේශ ක්‍රීඩකයෝ…

ග්ලේන් මැක්ස්වෙල් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 52කි. ඔහු ඒ සඳහා පන්දු 37ක් වැය කළ අතර හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් තම ඉනිමට ඇතුලත් කර ගත්තේ ය. එය ඔහුගේ විස්සයි විස්ස පිටියේ සිව්වැනි අර්ධ ශතකයයි.

මීට අමතරව නේතන් කල්ටර්නිල් ලකුණු 27ක් ලබා ගත්තේ ය. ඔහු තම ඉනිම වෙනුවෙන් පන්දු 17ක් වැය කළ අතර හයේ පහර 3ක් ඊට ඇතුලත් කළේය.

ඕස්ට්‍රේලියා ඉනිමේ හොඳම ලකුණු සබඳතාව වාර්තා වූයේ 7 වැනි කඩුල්ලට ය. ඒ ග්ලේන් මැක්ස්වෙල් සහ නේතන් කල්ටර්නිල් අතර ය. ඔවුන් දෙදෙනා ලකුණු 59ක සබඳතාවක් ගොඩ නැගූහ.

පන්දු යැවීමේ දී ශාදත් ඛාන් සහ ශහීන් අෆ්රිඩි කඩුලු 2 බැගින් ලබා ගත් අතර ඉමාඩ් වසිම් සහ මොහොමඩ් හෆිස් කඩුල්ල බැගින් බෙදා ගත් හ.

ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතය හදිසියේ වෙනස් වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දඟපන්දු යවන ක්‍රීඩක අකිල දනංජය හා ප්‍රහාරාත්මක පිතිකරුවෙක් වන කුසල් ජනිත් පෙරේරා යන දෙදෙනාම හෙට (27) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් පිටියේ දී පැවැත්වෙන…

තරගයේ වීරයා ලෙසින් පන්දුවාර 4ක දී ලකුණු 8කට කඩුල්ලක් දවා ගත් පාකිස්තානයේ ඉමාඩ් වසීම් නම් කෙරුණි.

පාකිස්තානය; කඩුලු 6ක් දැවී 147 (20) බාබර් අසාම් 45, මොහොමඩ් හෆීස් 40, නේතන් කල්ටර්නිල් 3/18, බිලි ස්ටැලක් 2/36

ඕස්ට්‍රේලියාව; කඩුලු 8ක් දැවී 136 (20): මයිකල් මාෂ් 21, ග්ලේන් මැක්ස්වෙල් 52, නේතන් කල්ටර්නිල් 27, ශාදත් ඛාන් 2/30, ශහීන් අෆ්රිඩි 2/35

තරගාවලියේ තෙවැනි සහ අවසාන විස්සයි විස්ස තරගය මේ මස 28 වැනි දින ඩුබායි ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිත අතර තරගාවලියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com අපත් සමඟම.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<