පාකිස්තානු ක්‍රීඩකයින්ට ප්‍රිමියර් ලීග් තරගාවලිය තහනම්!

629

පාකිස්තානු ක්‍රිකට් ආයතනය යටතේ ගිවිසුම්ගත වී සිටින ක්‍රීඩකයින් කිසිවෙක් සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන විස්සයි විස්ස ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වීමට අවසර ලබා නොදෙන බව ලාහෝර් නුවර ජාතික ක්‍රිකට් ඇකඩමි මූලස්ථානයේ දී ඊයේ (12) රැස්වූ පාකිස්තානු ක්‍රිකට් බලධාරීන් තීරණය කර ඇත.

ශ්‍රී ලංකාවට එන දකුණු අප්‍රිකානු සංචිතයේ ස්ටේන් ඇතුළු ප්‍රබලයින් රැසක්

ජුලි 12 වැනිදා සිට අගෝස්තු 14 වැනිදා දක්වා ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන දීර්ඝ ක්‍රිකට් තරගාවලිය…

පාකිස්තානු ක්‍රිකට් ආයතනයේ සභාපති වන නජාම් සෙතී මහතා එහි දී මෙම තීරණය ගෙන ඇත්තේ පාකිස්තානු සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය සංවිධානය කරනු ලබන සංවිධායක කමිටුව විසින් පාකිස්තානු ක්‍රිකට් ආයතනයෙන් කළ ඉල්ලීමකට අනුව බව වාර්තා වේ.

එමිරේට්ස් ක්‍රිකට් ආයතනය විසින් ලබන වසරේ ආරම්භයේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට කටයුතු සූදානම් කරමින් පවතින අතර එම කාලය තුළ පාකිස්තානු සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය ද පැවැත්වෙන නිසා පාකිස්තානු  ක්‍රීඩකයින් එම තරගාවලියට (එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන තරගාවලියට) යාම වැළැක්වීමේ අරමුණින් පාකිස්තානු සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සංවිධායකයින් හා පකිස්තානු ක්‍රිකට් ආයතනය මේ තීරණය ගෙන ඇත.

නමුත් ඒමිරේට්ස් ක්‍රිකට් ආයතනය විසින් ඔවුන්ගේ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය පවත්වන කාල මය මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර  නොමැති පසුබිමක පාකිස්තානු ක්‍රිකට් ආයතනය විසින් මෙවන් ආකාරයක තීරණයක් ගෙන ඇත.

නමුත් ඉදිරි සති කිහිපය තුළ එමිරේට්ස් ක්‍රිකට් ආයතනය විසින් ඔවුන්ගේ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙන කාලවකවානු පිළිබඳව දැනුවත් කෙරෙනු ඇති අතර මීට පෙර ඔවුන් විසින් T10 නම් අපූරු හා නවමු ආකාරයක තරගාවලියක් සංවිධානය කළේය. ඒ සඳහා දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුතු කණ්ඩායමක් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී විය.

එසේම පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායම ඉදිරියේ දී නවසීලන්තය හා ඕස්ට්‍රේලියාව සමඟ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ක්‍රිකට් තරගාවලි කිහිපයක් සඳහා ද සහභාගී වීමට නියමිතව සිටින බවත්, එබැවින් එම තරගාවලි පැවැත්වෙන කාලය තුළ දී ද සිය රටේ ක්‍රීඩකයින් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිවලට සහභාගී කිරීමට නොහැකි බව සෙතී මහතා ඊයේ පැවති රැස්වීමේ දී වැඩිදුරටත් පවසා ඇත.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී හා පාකිස්තානයේ දී මේ වන විට පාකිස්තානු සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අදියර තුනක් පවත්වා අවසන් වී ඇත. පෙර අදියරේ දී පාකිස්තානයේ සත්කාරකත්වය ඇතිව ක්‍රීඩා කළාට වඩා වැඩි තරග කිහිපයක් ඉදිරියේ දී පැවැත්වෙන පාකිස්තානු සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වන බව ද සෙතී මහතා අවසානයේ පවසා ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<