හසන් අලී වංචාවක?

285

පාකිස්තාන පන්දු යවන්නෙකු වන හසන් අලී මතබේදාත්මක උඩ පන්දුවක් සම්බන්ධයෙන් කතාබහට ලක්වී තිබෙනවා. ඔවුන්ගේ සංචාරයට සමගාමීව කෙන්ට් ප්‍රාන්තය සමඟින් පැවති තරගාවලියේ ඔහු අතින් ගිලිහී ගිය උඩ පන්දුවක් රැකගත් බවට සඳහන් කරමින් ඔහු එම කඩුල්ල සැමරීම මෙම කතාබහට හේතුව වී තිබේ.

පාකිස්තාන ප්‍රබලයෙක් එංගලන්ත තරගයක් මඟ හරියි

පාකිස්තානු තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක ශොයිබ් මලික් පුද්ගලික හේතුවක් ……

මෙම තරගයේ දී පාකිස්තාන ජාතික කණ්ඩායම විසින් කෙන්ට් ප්‍රාන්තයට ලකුණු 100ක දරුණු පරාජයක් උරුම කර දුන්නේය. එම තරගයේ පළමුව පන්දුවට පහර දුන් පාකිස්තානය පළමුව පන්දුවට පහර දී පන්දුවාර 50 තුල දැවැන්ත ලකුණු 358ක් ලබා ගැනීමට සමත් විය.

තරගයේ 30 වැනි පන්දුවාරය යැවීම හසන් අලී වෙත පැවරී තිබූ අතර ඒ වන විට කෙන්ට් ප්‍රාන්තය කඩුලු 3කට ලකුණු 173ක් ලබාගෙන තිබුණි. එම පන්දුවාරයේ දී ලකුණු 89ක් ලබාගෙන පන්දුවට පහර දුන් Alex Blake පන්දු ‍යැවූ හසන් අලී වෙත ලබා දුන් උඩ පන්දුව හසන් අලී විසින් රැකගත් බවට පවසමින් එම කඩුල්ල සමරනු ලැබීය.

එම උඩ පන්දුව ‍රැකගැනීමට පෙර බිම ස්පර්ශ වූ බව වීඩියෝ දර්ශන මගින් පැහැදිලිව දක්නට ලැබුණ ද එය දැවී නොයෑමක් ලෙස විනිසුරුවන් විසින් ලබා නොදීම නිසා Alex Blakeට පිටියෙන් ඉවත් වීමට සිදු විය.

ක්‍රිකට් නීතිවල දී උඩ පන්දුව සම්බන්ධයෙන් නිති කීපයක් පවතී. එහි දී උඩ පන්දුව සාර්ථකව ‍රැක ගත් උඩ පන්දුවක් බවට පත්වීමට නම් “ක්‍රීඩකයා විසින් පන්දුව හා තම ශරීරයේ චලනය සම්පූර්ණයෙන්ම පාලනය කර ගත යුතුය” ලෙස දැක්වේ.

පාකිස්තානය පිළිබඳව ලෝකයේ ආකල්පය දැඩි ලෙස හානි වීමට 2010 එංගලන්තය සංචාරය අතරතුර දී සිදු වූ මුදලට තරග පාවාදීමේ සිද්ධිය හේතු විය. එහි දී පාකිස්තාන ක්‍රීඩකයන් තිදෙනෙකුට තරග තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කළේය.

එංගලන්ත ලෝක කුසලාන සංචිතයෙන් ක්‍රීඩකයෙක් ඉවතට

එංගලන්ත එක්දින ක්‍රිකට් කණ්ඩායමේ සහ ………

මේ සිදුවීම් අතරතුර පාකිස්තාන ක්‍රිකට් ආයතනය පසුගිය සඳුදා නිවේදනයක් නිකුත් කරමින් පාකිස්තාන කණ්ඩායමේ ශොහීබ් මලික් පෞද්ගලික හේතුවක් මත නැවතත් පාකිස්තානයට පැමිණි බව කියා සිටියේය. ඔහු තවත් දින 10කින් පසු කණ්ඩායමට එක්වීමට නියමිත බව ද කියා සිටියේය.

පාකිස්තාන ක්‍රිකට් ආයතනය ශොහීබ් මලික්ගේ පෞද්ගලිකත්වයට කිසි විටෙකත් බාධා නොකරන බවත් ඒ තීරණය පිළිබඳව කිසිදු ප්‍රකාශයක් නොකරන බවත් එම නිවේදනයේ සඳහන් වේ.

පාකිස්තානයේ මෙම එංගලන්තය සංචාරයේ දී ඔවුන් එංගලන්තය සමඟින් එක් විස්සයි විස්ස තරගයක් හා එක්දින තරග 5ක් සඳහා එක්වීමට නියමිතයි.

එම තරගාවලියෙන් අනතුරුව ඔවුන් මැයි මස 30 වැනිදා ආරම්භ වීමට නියමිත 2019 ලෝක කුසලානය තරගාවලියට එක්වනු ඇත.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<