ඉසුරු උදාන මන්සි සුපර් ලීගයට එක්වෙයි

85

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටින දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වන ඉසුරු උදාන දෙවන වරට පැවැත්වෙන මන්සි සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පර්ල් රොක්ස් කණ්ඩායමට ක්‍රීඩා කිරීම වෙනුවෙන් තෝරාගෙන තිබෙනවා. 

පල්ලෙකැලේ ගිය ක්‍රීඩකයින්ගේ 20-20 පැටිකිරිය ගැන පෙරවිමසුමක්

පසුගිය දා කොළඹ දී නිමාව දුටු ශ්‍රී ලංකා – නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 1…

එම කණ්ඩායම විසින් එක්වරම උදානව සිය කණ්ඩායම වෙත කැඳවීමට තීරණය කර ඇත්තේ ඩේවිඩ් විලී සිය ඉදිරි තරගාවලි සමඟ මේ තරගාවලිය කළමනාකරණය කර ගැනීමට අපහසු බව මන්සි සුපර් ලීගය සංවිධානය කරනු ලබන දකුණු අප්‍රිකානු ක්‍රිකට් බලධාරීන්ට දන්වමින් මේ තරගාවලියෙන් ඉවත්ව තිබෙන නිසයි. 

මේ වසර ආරම්භයේ ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර පැවති විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දී හොඳින් සිය තුන් ඉරියව් දක්ෂතා  පෙන්නුම් කළ උදාන දකුණු අප්‍රිකානු ක්‍රිකට් රසිකයින් අතර වඩාත් කතාබහකට ලක්වූ චරිතයක් බවට පත්විය. එම විස්සයි විස්ස තරගාවලියේ ඔහු ක්‍රීඩා කළ තරග 3න් තරග 2ක දී නොදැවී සිටිමින් ලකුණු රැස්කර ගැනීමට (ලකුණු 12*, 84*, 36) ඔහු සමත් විය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර එක්දින හා විස්සයි විස්ස වරම් දිනාගෙන තිබෙන උදාන එම අංශයන් දෙකේම පිතිකරණයෙන් වැඩිම ලකුණු රැස්කරගෙන ඇත්තේ දකුණු අප්‍රිකානු එරෙහිව වීම ද සුවිශේෂී වේ. 

තරග සම කරන කලාවේ පිකාසෝ – තිලාන් සමරවීර

නවසීලන්තය සමඟ පැවති අවසන් ටෙස්ට් තරගයේ දී ශ්‍රී ලංකා පිතිකරුවන්ට අවසන් දිනය පුරාවට කඩුල්ල ආරක්ෂා…

මේ දක්වා ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් තරග 21කට ක්‍රීඩා කොට තිබෙන උදාන පිතිකරණයෙන් ලකුණු 173ක් වාර්තා කරගෙන තිබෙන අතර පන්දු යැවීමෙන් කඩුලු 17ක් දවාගෙන තිබෙනවා.

මෙම මන්සි සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය මේ වසර අවසානයේ දී පැවැත්වීමට තරග සංවිධායකයින් දැනට තීරණය කර ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<