2017 ආධුනික බොක්සිං තරගාවලියේ ශූරතා තරග ඊයේ (01) පැවැත්වුණේ කොළඹ මාස් රාජකීය බොක්සිං ක්‍රීඩාගාරයේ දී යි. එහි දී රන් පදක්කම් 7ක් සහ රිදී පදක්කම් 6ක් සමඟින් විශිෂ්ට දස්කම් පාන්නට යුධ හමුදා ක්‍රීඩා සමාජය සමත් වූ අතර තරගාවලිය ඉතාමත් වර්ණවත්ව අවසන් විණි.

 යුධ හමුදා බොක්සිං කණ්ඩායම
යුධ හමුදා බොක්සිං කණ්ඩායම

කාන්තා කි.ග්‍රෑ. 46-48, ලයිට් ෆ්ලයි වෙයිට් බරපන්තිය

යුධ හමුදාවේ එන්. සුභාෂිනී සහ මාස් ලීනියා කණ්ඩායමේ කව්මිණි ගමගේ අතර මෙහි ශූරතා තරගය පැවැත්වුණි. වේගවත්ව තරගය ඇරඹි කව්මිණිගේ පහරවල් දරා ගනිමින් සුභාෂිනී ඇයට අභියෝග කළත් කව්මිණි නොනැවතිණි. අවසානයේ දී ජූරියේ 5-0ක වැඩි බහුතරයකින් මෙම බරපන්තියේ ශූරතාවය තමන් සතුකරගන්නට කව්මිණි ගමගේ සමත් විය.

කාන්තා කි.ග්‍රෑ. 51, ෆ්ලයි වෙයිට් බරපන්තිය

පානදුර යුනිචෙලා ක්‍රීඩා සමාජයේ ආර්. කෞශල්‍යා සහ මාස් තුරුලී ක්‍රීඩා සමාජයේ එස්. ප්‍රනාන්දු මෙහි අවසන් තරගයට ක්‍රීඩා කළාය. එහි දී ප්‍රනාන්දු විසින් දැඩි තරගයක් ලබා දුන් අතර කෞශල්‍යාට තරගයට අවතීර්ණ වීමට මඳ වේලාවක් ගත විය. අවසානයේ දී ප්‍රනාන්දු ජය ගත්තාය.

කාන්තා කි.ග්‍රෑ. 54, බැන්ටම් වෙයිට් බරපන්තිය

හෙළ ක්ලෝදින් ක්‍රීඩා සමාජයේ ටී. දසුනිකා සහ කැෂුවල් ලයින් ක්‍රීඩා සමාජයේ ඒ. රණසිංහ මෙහි අවසන් තරගයට එක්විය. හොඳ තරගයකින් පසුව ජය ගන්නට සමත්වූයේ දසුනිකා යි.      

කාන්තා කි.ග්‍රෑ. 57, ලයිට් වෙයිට් බරපන්තිය

වී. කුමාරි සහ ආර්. මෙන්ඩිස් අතර පැවති ලයිට් වෙයිට් අවසන් තරගයෙන් ජය ගැනීමට කුමාරි සමත් විය.  

කාන්තා කි.ග්‍රෑ. 69, මිඩ්ල් වෙයිට් බරපන්තිය

හෙළ ක්ලෝදින් ක්‍රීඩා සමාජයේ එම්. බෙරෙන්ජර් සහ මාස් ලීනියා ක්‍රීඩා සමාජයේ එස්. චේතනා මෙහි අවසන් තරගයට එක්විය. චේතනා එහි දී ජය ගත්තේ ආධුනික මිඩ්ල් වෙයිට් ශූරතාවය තමන් සතුකරගනිමිනි.  

පිරිමි කි.ග්‍රෑ. 46-49, ලයිට් ෆ්ලයි වෙයිට් බරපන්තිය

යුධ හමුදා ක්‍රීඩා සමාජයේ කේ. අබේගුණවර්ධන සහ ස්ලිම් ලයින් ක්‍රීඩා සමාජයේ අයි. සංජය මෙහි අවසන් තරගයට සුදුසුකම් ලබා තිබුණි. එහෙත් සංජය තරගයට සහභාගී නොවූ බැවින් අබේගුණවර්ධනට ජය හිමි විය.

පිරිමි කි.ග්‍රෑ. 52, ෆ්ලයි වෙයිට් බරපන්තිය

මේ ශූරතා තරගය ඉතාමත් උණුසුම් සහ දර්ශනීය වූයේ ස්ලිම් ලයින් ක්‍රීඩා සමාජයේ ඩබ්ලිව්. මනරම් සහ යුධ හමුදා රෙඩ්කණ්ඩායමේ එම්. උදයකුමාර විසින් පහරට පහර දෙමින් වේගවත් ක්‍රීඩා විලාශයක නිරත වීම හේතුවෙනි. උණුසුම් තරගයක් අවසානයේ දී ජය ගත්තේ උදයකුමාර යි.

පිරිමි කි.ග්‍රෑ. 56, බැන්ටම් වෙයිට් බරපන්තිය

යුධ හමුදාවේ කේ. රාජපක්ෂ සහ හෙළ ක්ලෝදින් ක්‍රීඩා සමාජයේ කේ. මධුරංග මෙහි අවසන් මහා තරගයට එක්විය. එහි දී ජූරියේ 5-0ක බහුතර තීරණයකින් මධුරංග ජය ගත්තේය.

පිරිමි කි.ග්‍රෑ. 60, ලයිට් වෙයිට් බරපන්තිය

ඒ. මධුශංක සහ යුධ හමුදාවේ එම්. ජයවීර තරග වැදුණු මෙම බරපන්තියේ අවසන් තරගයේ දී මධුශංක ජය හිමි කර ගත්තේය.

පිරිමි කි.ග්‍රෑ. 64, ලයිට් වෙල්ටර් බරපන්තිය

ස්ලිම් ලයින් ක්‍රීඩා සමාජයේ එස්. භානුක සහ යුධ හමුදාවේ කේ. සමීර මේ තරගයට එක්විය. භානුක පහසුවෙන් තරගය ජය ගත්තේ 5-0ක ජූරි තීරණයක් සමඟිනි.

පිරිමි කි.ග්‍රෑ. 69, වෙල්ටර් වෙයිට් බරපන්තිය

යුධ හමුදාවේ වී. නිකලස් සහ ගුවන් හමුදාවේ එම්. අබේරත්න අතර පැවති මෙම තරගයේ දී නිකලස් ප්‍රබල ක්‍රීඩා විලාශයක නිරත විය. දැඩි ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ද ඔහුට හිමි වූ අතර 5-0ක ජූරි තීරණයකින් ඔහු ජය ගත්තේය.

පිරිමි කි.ග්‍රෑ. 81, ලයිට් හෙවි වෙයිට් බරපන්තිය

Boxing

.

යුධ හමුදාවේ එල්. අමරසිංහ සහ ගුවන් හමුදාවේ එස්. තිලකරත්න මෙහි දී කරට කර තරගයක් ප්‍රදර්ශනය කළ අතර 3-2ක බහුතර ජූරි තීරණයකින් ශූරතාව ජය ගන්නට සමත් වූයේ අමරසිංහ යි.

පිරිමි කි.ග්‍රෑ. 91, හෙවි වෙයිට් බරපන්තිය

යුධ හමුදාවේ ආර්. සඳකැලුම් සහ යුධ හමුදා රෙඩ්ක්‍රීඩා සමාජයේ පී. වාරියප්පෙරුම මෙහි දී තරග වැදුණි. දෙදෙනාම බරැති පහරවල් සහිත වූ නමුත් 5-0ක් වශයෙන් ජය ගන්නට සමත් වූයේ සඳකැලුම් ය.

පිරිමි කි.ග්‍රෑ. 91ට වැඩි, සුපර්  හෙවි වෙයිට් බරපන්තිය

යුධ හමුදා රෙඩ්කණ්ඩායමේ පී.  ගුණවර්ධන සහ යුධ හමුදාවේ කේ. ජයසේන සටන් වැදුණු මෙම බරපන්තියේ අවසන් තරගය, ජයසේන විසින් ජය ගත්තේ  විනිසුරුවරයා විසින් තරගය නැවැත්වීම නිසායි.

මෙසේ ජය පරාජයන් වාර්තා වෙමින් දින 4ක බොක්සිං තරගාවලියක් අවසන් වූයේ එහි වැඩි ගෞරව යුධ හමුදා ක්‍රීඩකයන් අත තබමිනි. සම්මාන උළෙල පැවැත්වුණේ හිටපු ශ්‍රී ලංකා බොක්සිං ක්‍රීඩකයෙකු වන සමන් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි. බොක්සිං සම්මේලනයේ අභිනව සභාපති ; ඩයන් ගෝමස් මැතිතුමා ද මෙම අවස්ථාවට සහභාගී විය.

A-2

.

  • දක්ෂතම ක්‍රීඩකයා – කේ.මධුරංග (හෙළ ක්ලෝදින්)දකුණු පස
  • දක්ෂතම ක්‍රීඩිකාව – කව්මිණි ගමගේ (මාස් ලීනියා)වම් පස

.

A-1

 

  • දක්ෂතම පරාජිත ක්‍රීඩිකාව – එම්.බෙරෙන්ජර් (හෙළ ක්ලෝදින්) –  දකුණු පස
  • දක්ෂතම පරාජිතයා – ඩබ්ලිව්.මනරම් (ස්ලිම් ලයින්)වම් පස

.

.

 තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට