Home Sinhala ලොවක් පුදුම කිරීමට ලැබුණු අවස්ථාව බ්‍රැත්වයිට් අතින් ගිලිහෙයි!

ලොවක් පුදුම කිරීමට ලැබුණු අවස්ථාව බ්‍රැත්වයිට් අතින් ගිලිහෙයි!

792

තවත් ලෝක කුසලාන තරග අත්දැකීමක් විඳ ගැනීමේ අටියෙන් ඊයේ (22) මැන්චෙස්ටර් නුවර ඕල්ඩ් ට්‍රැෆඩ් පිටියට ඒකරාශී වූ ක්‍රීඩාලෝලීන්ට සුපිරි තරග අත්දැකීමක් විඳ ගැනීමට අවස්ථාව උදා විය. ඒ කොදෙව්වන් සහ කිවියන් අතර ක්‍රියාත්මක වූ මෙම තරගය කෙසේ හෝ කොදෙව්වන් වෙනුවෙන් දිනවා දීමට තුන් ඉරියව් ක්‍රීඩක කාලෝස් බ්‍රැත්වයිට් තනිවම ගත් සුපිරි උත්සාහයයි.

ශාමිගේ කඩුලු ත්‍රිත්වය ඉන්දියාව පරාජයෙන් ගලවා ගනියි!

2019 ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව හා ඇෆ්ගනිස්තානය අතර තරගය ඊයේ (22) සවුත්හැම්ප්ටන්……….

කෙසේ වෙතත් තරගයේ ජයග්‍රාහී පහර ලෙස සනිටුහන් වන්නට තිබූ හයේ පහරක් අතිදක්ෂ උඩපන්දුවක් බවට හරවා ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වීම නිසා අවසානයේ ලකුණු 5ක තියුණු ජයක් හිමි වූයේ තවමත් තරගාවලියේ අපරාජිතව රැඳී සිටින නවසීලන්තයටයි. නමුත් තරගය නැරඹූ ක්‍රීඩාලෝලීන් සියල්ලන්ගේම සිත් සතන් පැහැර ගැනීමට කාලෝස් බ්‍රැත්වයිට් කිසිදු සහයෝගයකින් තොරව අධිෂ්ඨානය පමණක් පෙරදැරිව ලබා ගත් ශතකයට හැකි විය.

පසුගිය සතිය පුරා වර්ෂාවටම හේදී ගිය ලෝක කුසලාන තරගාවලියට නැවතත් හිරු දෙවිඳුන් බැල්ම හෙලීමත් සමඟ තියුණු තරග කිහිපයකම අසිරිය විඳ ගැනීමට ප්‍රේක්ෂකයින්ට අවස්ථාව උදා විය. එහි කූටප්‍රාප්තිය ලෙස ශ්‍රී ලංකාව එංගලන්තය සිය මව් රටේ දී ම පරාජය කළ අතර, ඇෆ්ගනිස්තානු කණ්ඩායම ඊයේ ඉන්දියානු පිළට එරෙහිව විප්ලවකාරී ජයක් ලබා ගැනීමට ඉතාමත් ආසන්න විය. ඊයේ සවස 6ට පමණ ආරම්භ වූ නවසීලන්ත – කොදෙව් තරගය ද ඒ හා සමාන මුහුණුවරක් ගත්තේ “හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට” යන කියමන සැබෑවක් බවට පත් කරමිනි.

ඊයේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් කොදෙව් නායක ජේසන් හෝල්ඩර් මුලින් පන්දු යැවීමේ අවස්ථාව ලබා ගත් අතර කිවියන් තැති ගන්වමින් පළමු පන්දුවාරයේ දී ම ගප්ටිල් සහ මන්රෝ ක්‍රීඩාගාරයට හරවා යැවීමට ශෙල්ඩන් කොට්‍රෙල්ට හැකි විය. ඒ ලකුණු පුවරුව 7-2ක් බවට පත් කරමිනි. කෙසේ වෙතත් එතැන් සිට අත්දැකීම් සපිරි රොස් ටේලර් සහ කේන් විලියම්සන් තත්ත්වය අකුරටම පාලනය කර ගනිමින් තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 160ක දැවැන්ත සබඳතාවයකට පණ පෙවූහ.

>> 2019 ක්‍රිකට් ලෝක කුසලානයේ Hub එකට මෙතැනින් පිවිසෙන්න <<

මෙම තරගාවලිය පුරාවටම නවසීලන්තය ලබාගත් ජයග්‍රහණ පිටුපස සිටි මහා පවුර බවට පත් වූ විලියම්සන් ඊයේ ලකුණු 148ක් ලබා ගත්තේ තම එක්දින දිවියේ හොඳම ඉනිම ලෙසයි. පන්දු 154ක් පමණක් වැයවුණු ඔහුගේ ඉනිම හතරේ පහර 14කින් සහ එක් හයේ පහරකින් වර්ණවත් විය. රොස් ටේලර් ලකුණු 69යි. මොවුන් දෙදෙනාගේ විශිෂ්ට සබඳතාවය නිසා නවසීලන්තයට පන්දුවාර 50 තුල දී ලකුණු 291ක් ලබා ගැනීමට ද හැකි විය. පන්දු යැවීමේ දී ශෙල්ඩන් කෝට්‍රල් කඩුලු 4ක් ද, බ්‍රත්වයිට් කඩුලු 2ක් ද දවා ගැනීමට සමත් වූහ.

මෙම ඉලක්කය ජය ගැනීමට උත්සාහ දැරූ කොදෙව් පිළේ මුල් කඩුලු 2 ලකුණු 20ක් තුල බිඳ වැටුණු අතර නැවතත් ඔවුන්ට බලාපොරොත්තු ගෙන ආවේ ක්‍රිස් ගේල් සහ හෙට්මයර් අතරේ ගොඩ නැගුණු ලකුණු 122ක සබඳතාවයයි. එහි දී හෙට්මයර් පන්දු 45ක දී ලකුණු 54ක් රැස්කළ අතර ක්‍රිස් ගේල් තම සුපුරුදු ප්‍රහාරයෙන් රසිකයින් අමන්දානන්දයට පත් කරමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 6ක් සමඟින් ලකුණු 87ක් ලබා ගත්තේය.

ඔහු නැති අඩුව අපිට තදටම වැදුණා – එංගලන්ත නායක

ඊයේ (21) දිනයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ලබා ගත් නොසිතූ පරාජය නිසා 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ……..

කෙසේ වෙතත් මෙම සබඳතාවය ඉදිරියට ගෙන ගොස් ජයග්‍රහණය තහවුරු කර ගැනීමට සිටි ජේසන් හෝල්ඩර්, ඈශ්ලි නර්ස් සහ එවින් ලෙවිස් වැනි පිතිකරුවන් ආ පයින්ම ක්‍රීඩාගාරයට හැරී යාම නිසා නැවතත් තරගය කිවියන්ගේ ග්‍රහණයට නතු විය. ඒ අනුව අනෙක් අන්තයේ සිටි පන්දු යවන්නන් සමඟ හැකි අයුරින් සබඳතා ගොඩ නංවමින් ක්‍රම ක්‍රමයෙන් ජයග්‍රහණය අසලට ළඟා වීමට කාලෝස් බ්‍රත්වයිට්ට සිදු විය. ඉනිම මුල් කොටසේ දී කිසිවෙකු ඔහු තුල පැවති අධිෂ්ඨානය නොදුටු අතර තරගය ඉතා ඉක්මනින් නිමාවනු ඇතැයි සිතූ බවක් පෙනෙන්නට තිබුණි.

නමුත් 2016 වසරේ දී බෙන් ස්ටෝක්ස් හඬවමින් පිට පිටම හයේ පහර වරුසාවක් එල්ල කොට කිසිවෙකු නොසිතූ ලෙස එංගලන්තය අත තිබූ T20 ලෝක කුසලානය පැහැර ගත් බ්‍රැත්වයිට් තවත් එවැනිම වික්‍රමයක් කිරීමට උත්සාහ දරන බව වැඩි වේලා යන්නට පෙර සියල්ලන්ටම අවබෝධ විය. ඉලක්කය තවත් ලංවන විට ඔහු අනෙක් පස සිටි ඔශේන් තෝමස්ව සඟවාලමින් පිතිකරණ අන්තය රැක ගත්තේ ද ඒ වන විට කොදෙව් පිළේ කඩුලු 9ක්ම දැවී ගොස් තිබූ බැවිනි.

මැට් හෙන්රි ක්‍රියාත්මක කළ තරගයේ 48 වැනි පන්දුවාරයේ දී එහි උපරිමය සටහන් කළ බ්‍රැත්වයිට් එහි දී ඇදහිය නොහැකි ප්‍රහාරයක නිරත වෙමින් පන්දුවාරය තුල දී ලකුණු 25ක් උදුරා ගැනීමට ද සමත් විය. ඒ අනුව පන්දුවාර 2ක දී කොදෙව්වන්ට ජයග්‍රහණය වෙනුවෙන් අවශ්‍ය වූයේ ලකුණු 8ක් පමණි. 49 වැනි පන්දුවාරයේ දී තවත් ලකුණු 2ක් සඳහා පැතිමාරු කර ගත් බ්‍රත්වයිට් තම මංගල එක්දින ශතකය ද වාර්තා කර ගැනීමට ඊයේ දිනයේ සමත් විය.

ඒ අනුව ඔහු තරගයේ ජයග්‍රාහී පහර ලෙස ලෝන්ග්-ඕන් කලාපය හරහා දැවැන්ත පහරක් එල්ල කරමින් තරගය අවසන් කිරීමට උත්සාහ කළේය. ට්‍රෙන්ට් බෝල්ට් පීඩනය මැද හතරේ සීමාව ආසන්නයේ දී රැකගත් අති විශිෂ්ට උඩපන්දුව නිසා බ්‍රැත්වයිට්ගේ සිහින ලෝකය ක්ෂණයකින් කඩා වැටුණි. ඒ වන විට ඔහු තම කණ්ඩායමට නොසිතූ ජයක් ලබා දීමේ අටියෙන් පන්දු 82ක් තුල සටන්කාමී ලකුණු 101ක් ලබාගෙන සිටියේය. ඒ හතරේ පහර 9ක් සහ හයේ පහර 5ක් සමඟයි.

අත්දැකීම්වලින් එංගලන්තයේ හුළං බැස්සූ සිංහයා

ශ්‍රී ලංකාව ඊයේ (22) සත්කාරක එංගලන්තය හමුවේ සුපිරි ජයග්‍රහණයක් වාර්තා කළ අතර තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගත්………

තමන් දැරූ උත්සාහය නිෂ්ඵල වීම නිසා බ්‍රැත්වයිට් එතැනම බිම හිඳගෙන ශෝකය විඳ දරා ගත් අතර නවසීලන්ත ක්‍රීඩකයින් පැමිණ ඔහුව අස්වැසුවේ ක්‍රිකට් ක්‍රීඩාවටම ආවේණික වූ සහෝදරත්වය ඉස්මතු කරමිනි. තරගය අවසන් වෙද්දී කොදෙව් පිළ ලකුණු 286ක් රැස්කර තිබූ අතර ට්‍රෙන්ට් බෝල්ට් කඩුලු 4ක් දවා ගැනීමට සමත්ව තිබුණි. කෙසේ වෙතත් තරගයේ වීරයා සම්මානය හිමි වූයේ විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ නවසීලන්ත නායක කේන් විලියම්සන්ටයි. මෙම ජයත් සමඟින් නවසීලන්තය ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයට පැමිණීමට ද සමත් විය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<

Result


West Indies
286/10 (49)

New Zealand
291/8 (50)

Batsmen R B 4s 6s SR
Martin Guptill lbw b Sheldon Cottrell, 0 1 0 0 0.00
Colin Munro b Sheldon Cottrell, 0 1 0 0 0.00
Kane Williamson c Shai Hope b Sheldon Cottrell, 148 154 14 1 96.10
Ross Taylor c Jason Holder b Chris Gayle 69 95 7 0 72.63
Tom Latham c & b Sheldon Cottrell, 12 16 0 0 75.00
Jimmy Neesham c Sheldon Cottrell, b Carlos Brathwaite 28 23 1 1 121.74
Colin de Grandhomme run out (Sheldon Cottrell,) 16 6 1 1 266.67
Mitchell Santner c Sheldon Cottrell, b Carlos Brathwaite 10 5 0 1 200.00
Matt Henry not out 0 0 0 0 0.00


Extras 8 (b 0 , lb 4 , nb 1, w 3, pen 0)
Total 291/8 (50 Overs, RR: 5.82)
Fall of Wickets 1-0 (0.1) Martin Guptill, 2-7 (0.5) Colin Munro, 3-167 (34.3) Ross Taylor, 4-210 (41.5) Tom Latham, 5-251 (46.3) Kane Williamson, 6-270 (48.1) Colin de Grandhomme, 7-291 (49.5) Mitchell Santner, 8-291 (49.6) Jimmy Neesham,

Bowling O M R W Econ
Sheldon Cottrell, 10 1 56 4 5.60
Kemar Roach 10 2 38 0 3.80
Jason Holder 7 0 42 0 6.00
Oshane Thomas 6 0 30 0 5.00
Carlos Brathwaite 6 0 58 2 9.67
Ashley Nurse 9 0 55 0 6.11
Chris Gayle 2 0 8 1 4.00


Batsmen R B 4s 6s SR
Chris Gayle c Trent Boult b Colin de Grandhomme 87 84 8 6 103.57
Shai Hope b Trent Boult 1 3 0 0 33.33
Nicholas Pooran c Tom Latham b Trent Boult 1 7 0 0 14.29
Shimron Hetmyer b Lockie Ferguson 54 45 8 1 120.00
Jason Holder c Tom Latham b Lockie Ferguson 0 1 0 0 0.00
Carlos Brathwaite c Trent Boult b Jimmy Neesham 101 82 9 5 123.17
Ashley Nurse c Tom Latham b Trent Boult 1 8 0 0 12.50
Evin Lewis c Jimmy Neesham b Trent Boult 0 3 0 0 0.00
Kemar Roach c Tom Latham b Matt Henry 14 31 0 1 45.16
Sheldon Cottrell, b Lockie Ferguson 15 26 2 0 57.69
Oshane Thomas not out 0 4 0 0 0.00


Extras 12 (b 0 , lb 3 , nb 0, w 9, pen 0)
Total 286/10 (49 Overs, RR: 5.84)
Fall of Wickets 1-3 (2.4) Shai Hope, 2-20 (6.2) Nicholas Pooran, 3-142 (22.1) Shimron Hetmyer, 4-142 (22.2) Jason Holder, 5-152 (23.6) Chris Gayle, 6-163 (26.2) Ashley Nurse, 7-164 (26.5) Evin Lewis, 8-211 (38.1) Kemar Roach, 9-245 (44.6) Sheldon Cottrell,, 10-286 (48.6) Carlos Brathwaite,

Bowling O M R W Econ
Trent Boult 10 1 30 4 3.00
Matt Henry 9 0 76 1 8.44
Lockie Ferguson 10 0 59 3 5.90
Jimmy Neesham 6 0 35 1 5.83
Mitchell Santner 10 1 61 0 6.10
Colin de Grandhomme 4 0 22 1 5.50