මාටින් ගප්ටිල් බංග්ලාදේශ දක්ෂතාවලට කෙනෙහිළිකම් කරයි

430

නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු මාටින් ගප්ටිල් ආයාසයකින් තොරව ලබා ගත් ශතකය හේතුවෙන් බංග්ලාදේශය සමඟ අද (13) ආරම්භ වූ පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 8ක පහසු ජයක් වාර්තා කිරීමට නවසීලන්තය සමත් විය.

ඒ අනුව තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය 1-0ක් සේ පෙරමුණ ගැනීමට නවසීලන්තය සමත් විය.

ශ්‍රී ලංකාව යටත් කරගන්න නවකයෙක් ද. අප්‍රිකා සංචිතයට

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර හෙටින් (13) ආරම්භ වීමට නියමිත …

නේපියර් හී මැකලන් ක්‍රිකට් පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් බංග්ලාදේශ නායකයාගේ අදහස වූයේ පළමුවෙන් පන්දුවට පහර දීමයි. ඒ අනුව පිටියට පිවිසි බංග්ලාදේශ ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 232ක් ලබා ගත්හ. එය තරගයක තරගයක් දීමට තරම් තරමක් ප්‍රමාණවත් වූවද ඒ සියලු බලාපොරොත්තු සුන් කර දැමීමට මාටින් ගප්ටිල් කටයුතු කළේය.

බංග්ලාදේශ ඉනිම වෙනුවෙන් මොහොමඩ් මිතුන් පන්දු 90කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 62ක් ලබා ගත්තේ ය. එය ඔහුගේ එක්දින ජාත්‍යන්තර තරග දිවියේ තෙවැනි අර්ධ ශතකය වන අතර එක්දින ඉනිම් අතර දෙවැනියට හොඳම ඉනිම ද වන්නේ ය.

මොහොමඩ් මිතුන් සහ මොහොමඩ් සයිෆුඩීන් අතර 8 වැනි කඩුල්ලට එක් වූ ලකුණු සංඛ්‍යාව 84කි. මොහොමඩ් සයිෆුඩීන් පන්දු 58කට මුහුණ දී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 41ක් ලබා ගත්තේ ය.

කඩුලු ලබා ගැනීමේ දී ට්‍රෙන්ට් බෝල්ට් සහ මිචෙල් සැන්ට්නර් කඩුලු 3 බැගින් දවා ගත්හ.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි සත්කාරක නවසීලන්ත ක්‍රීඩකයෝ ප්‍රතිවාදී ඉලක්කය තවත් පන්දු 33ක් ඉතිරිව තිබිය දී සපුරා ගත්හ. එම  ඉනිම වෙනුවෙන් මාටින් ගප්ටිල් පන්දු 116කට මුහුණ දී හතරේ පහර 8ක් සහ හයේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 117ක් ලබා ගත්තේ ය. එය ඔහුගේ එක්දින තරග ජාත්‍යන්තර තරග දිවියේ 15 වැනි ශතකය වන අතර බංග්ලාදේශයට එරෙහිව රැස් කරන ලද හොඳම ඉනිම ද විය.

ශ්‍රී ලංකාව යටත් කරගන්න නවකයෙක් ද. අප්‍රිකා සංචිතයට

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර හෙටින් (13) ආරම්භ වීමට නියමිත…

ඔහු හෙන්රි නිකොල්ස් හා එක් වෙමින් කණ්ඩායමේ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 103ක සබඳතාවක් ගොඩ නැගූහ. හෙන්රි නිකොල්ස් රැස් කළ ලකුණු සංඛ්‍යාව 53කි. ඔහු ඒ වෙනුවෙන් පන්දු 80කට මුහුණ දුන් අතර හතරේ පහර 5ක් තම ඉනිමට ඇතුළත් කළේය.  එය ඔහුගේ එක්දින තරග පිටියේ 7 වැනි අර්ධ ශතකයයි. නායක කේන් විලියම්සන් රැස් කළ ලකුණු සංඛ්‍යාව 11කි.

තරගය අවසන් වන විට රොස් ටේලර් පන්දු 49ක දී ලකුණු 45ක් ලබා සිටියේ ය. ඔහුගේ ඉනිමට පන්දු 49ක් වැයව තිබූ අතර හතරේ පහර 6ක් ඇතුළත්ව තිබුණි. ඔහු සහ මාටින් ගප්ටිල් අතර තෙවැනි කඩුල්ලට එක් වූ ලකුණු සබඳතාව 96කි.

කඩුලු ලබා ගැනීමේ දී මෙහෙදි හසන් සහ මහමුදුල්ලා කඩුල්ල බැගින් දවා ගත්හ.

තරගයේ වීරයා ලෙසින් නම් කෙරුණේ ශතකලාභී මාටින් ගප්ටිල් ය.  

බංග්ලාදේශය; සියලුම දෙනා දැවී 232 (48.5) සෞම්‍ය සාර්කර් 30, මොහොමඩ් මිතුන් 62, මෙහෙදි හසන් 26, මොහොමඩ් සයිෆුඩීන් 41, මැට් හෙන්රි 2/48, ට්‍රෙන්ට් බෝල්ට් 3/40, ලොකී ෆර්ගියුසන් 2/44, මිචෙල් සැන්ට්නර් 3/45

නවසීලන්තය; කඩුලු 2ක් දැවී 233 (44.3) මාටින් ගප්ටිල් නොදැවී 117, හෙන්රි නිකොලස් 53, රොස් ටේලර් නොදැවී 45

දෙරට අතර පැවැත්වෙන දෙවැනි එක්දින ක්‍රිකට් තරගය මේ මස 16 වැනිදා ක්‍රයිස්චර්ච් හිදී පැවැත්වීමට නියමිත ය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<