2019 වසර කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් විස්සයි විස්ස කණ්ඩායමට නම් එතරම් සුබදායී වසරක් වුනේ නැහැ. ඒ කොහොම වුනත් ඊයේ (1) පැවැත්වුණු ශ්‍රී ලංකා නවසීලන්ත පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගය තියුණු සටනක් ලබා දීමෙන් පසුව කඩුලු 5කින් පරාජය වීමට ශ්‍රී ලංකාවට සිදු වුනා.
ඒ නිසා මේ වසරේ පළමු විස්සයි විස්ස තරගය ජය ගැනීමේ සිහිනය තවත් දින කිහිපයකින් පස්සට රැගෙන ගිය ශ්‍රී ලංකාව නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන දෙවන විස්සයි විස්ස තරගය වෙනුවෙන් හෙට (3) මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසෙනවා.
ඉසුරු උදානගේ තැන අල්සාරි ජෝසප්ට
2019 කැරිබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සාන්ත කිට්ස් හා නෙවිස්…..
මුහුණට මුහුණ
2006 වසරේ සිට පැවත එන ශ්‍රී ලංකා – නවසීලන්ත විස්සයි විස්ස ක්‍රිකට් තරග ඉතිහාසය තුල මේ දක්වා තරග 17ක දී ඔවුනොවුන් එකිනෙකා මුණගැසී තිබෙන අතර එයින් තරග 9ක ජය නවසීලන්ත කණ්ඩායම සතු වෙද්දී, ශ්‍රී ලංකා කණ්ඩායම තරග 6ක් ජය තහවුරු කරගෙන තිබෙනවා. තවද එක් විස්සයි විස්ස තරගයක් ලකුණු සමවීමෙන් අවසන් වන විට තවත් තරගයක් ප්‍රතිඵලයක් සහිතව අවසන් වී තිබෙනවා.
වැදගත් දත්ත
ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර වසර 13ක් තිස්සේ පැවති විස්සයි විස්ස තරගවලින් වැඩිම ලකුණු ලබා ගත් ක්‍රීඩකයා ලෙස තිලකරත්න ඩිල්ශාන් පෙරමුණේ පසුවෙයි. ඔහු නවසීලන්තයට එරෙහිව විස්සයි විස්ස තරග 14කට සහභාගී වී ලකුණු 324ක් ලබාගෙන ඇත්තේ 32.40ක දල ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගනිමිනි.
වැඩිම කඩුලු ප්‍රමාණයක් දවාගෙන ඇත්තේ ලසිත් මාලිංග විසිනි. ඔහු නවසීලන්තය සමඟ විස්සයි විස්ස තරග 13කට ක්‍රීඩා කරමින් දවා ගෙන ඇති කඩුලු ගණන 15ක්.
ප්‍රහාරාත්මක පිතිකරුවන්
කුසල් ජනිත් පෙරේරා

නවසීලන්තයට එරෙහිව විස්සයි විස්ස තරග තුනක් ක්‍රීඩා කර තිබෙන කුසල් පෙරේරා එහි දී ලකුණු 107ක් ලබාගෙන ඇත්තේ එක් අර්ධ ශතකයක් සමඟින් 26.75ක දල ලකුණු ලබා ගැනීමේ වේගයක් රඳවා ගෙනයි.
- පළමු විස්සයි විස්ස තරගයේ දැක්වූ දස්කම් – ලකුණු 11
මාර්ටින් ගප්ටිල්

කෙසේ නමුත් ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 77ක දී ලකුණු 2283ක් ලබාගෙන ඇත්තේ 33.57ක් වැනි ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගනිමිනි. එම ලකුණු අතරට අර්ධ ශතක 14ක් හා ශතක 2ක් ඇතුළත් අතර ශ්‍රී ලංකාවට එරෙහිව ඔහුගේ දල ලකුණු ලබා ගැනීම සාමාන්‍ය 28කට ආසන්නයි.
- පළමු විස්සයි විස්ස තරගයේ දැක්වූ දස්කම් – ලකුණු 11
මාලිංග, උදාන, මෙන්ඩිස්ගේ දක්ෂතාවලට උඩපන්දු අතහැරීම් හරස් වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම අතර…..
නිරෝෂන් දික්වැල්ල

ඔහු මෙවර ශ්‍රී ලංකා සීමිත පන්දුවාර ක්‍රිකට් සංචිතයේ උපනායකත්වයේ වගකීම දරණ අතර සිය විස්සයි විස්ස ක්‍රිකට් දිවියේ තරග 19කට සහභාගී වෙමින් එක් අර්ධ ශතකයක් සමඟින් රැස්කරගෙන තිබෙන සමස්ත ලකුණු සංඛ්‍යාව 361ක්. (ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 20.05)
- පළමු විස්සයි විස්ස තරගයේ දැක්වූ දස්කම් – ලකුණු 33
රොස් ටේලර්

ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 89ක දී ලකුණු 1627ක් ඔහු විසින් ලබාගෙන ඇත්තේ 26.24ක් වැනි ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගනිමිනි. එම ලකුණු අතරට අර්ධ ශතක 5ක් ඇතුළත්.
දකුණතින් පිත්ත හසුරුවන ඔහුගෙන් ශ්‍රී ලංකාවට එරෙහිව ප්‍රවේගකාරී මෙන්ම ආක්‍රමණශීලී පිතිකරණයක් අපේක්ෂා කිරීමට හැකියාව තිබෙන අතර ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 24.42කට ආසන්න දල ලකුණු සාමාන්‍යයක් රඳවා ගෙන තිබෙන්නේ 109.70කට ආසන්න ප්‍රහාරාත්මක වේගයක් රඳවා ගෙනයි.
- පළමු විස්සයි විස්ස තරගයේ දැක්වූ දස්කම් – ලකුණු 48
තර්ජනාත්මක පන්දු යවන්නන්
ලසිත් මාලිංග

ඔහු දැනට ලොව වැඩිම විස්සයි විස්ස කඩුලු දවාගත් ක්‍රිකට් ක්‍රීඩකයා වන අතර ජාත්‍යන්තර විස්සයි විස්ස කඩුලු 100ක් දවාගත් පළමු ක්‍රීඩකයා බවට පත්වීම සඳහා මාලිංග තවත් එක් කඩුල්ලක් ලබා ගත යුතුව තිබෙනවා.
මාලිංග මේ දක්වා ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 74ක දී කඩුලු 99ක් දවා ගැනීමට සමත්ව ඇති අතර එක් පන්දු වාරයකට දල වශයෙන් ලකුණු 7.27ක පමණ ලකුණු ප්‍රමාණයක් පිතිකරුවන්ට ලබා දී ඇත.
වයස අවුරුදු 36ක් වන මාලිංග නවසීලන්තයට එරෙහිව විස්සයි විස්ස තරග 12ක දී කඩුලු 13ක් දවාගෙන තිබෙන්නේ 21.20ක පමණ කඩුලු දවා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගෙනයි.
- පළමු විස්සයි විස්ස තරගයේ දැක්වූ දස්කම් – ලකුණු 23කට කඩුලු 2යි.
ටිම් සවුති

- පළමු විස්සයි විස්ස තරගයේ දැක්වූ දස්කම් – ලකුණු 20කට කඩුලු 2ක්
ලසිත් මාලිංග ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට දඩ
ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර ඊයේ (01) පල්ලෙකැලේ දී පැවැත්වුණු පළමු…..
ඉසුරු උදාන

ලකුණු 13කට කඩුලු 3ක් දවා ගැනීම හොඳම පන්දු යැවීම ලෙස සටහන් කර ඇති උදාන එක් පන්දුවාරයකට දල වශයෙන් ලකුණු 8.73ක් පමණ පිතිකරුවන්ට ලබා දී ඇත.
- පළමු විස්සයි විස්ස තරගයේ දැක්වූ දස්කම් – ලකුණු 15*, ලකුණු 38කට කඩුලු 0
මිචෙල් සැන්ටනර්

මොහු විස්සයි විස්ස තරග 32ක දී කඩුලු 35ක් දවා ගැනීමට සමත් වී ඇති අතර ඔහුගේ කඩුලු දවා ගැනීමේ සාමාන්‍ය 21.17ක් ලෙස දැක්වේ. සැන්ටනර් එක් පන්දුවාරයකට පිතිකරුවන්ට දල වශයෙන් ලකුණු 7.27ක පමණ ලකුණු ලබා දීමක් සිදු කර ඇත.
වමතින් දඟපන්දු යවන මේ ක්‍රීඩකයාගේ එක් තරගයක හොඳම පන්දු යැවීමේ ලෙස සටහන්ව ඇත්තේ 4/11කි. ශ්‍රී ලංකාවට එරෙහිව මෙතෙක් විස්සයි විස්ස තරග 3ක් ක්‍රීඩා කර තිබෙන සැන්ටනර් විසින් කඩුලු 4ක් දවාගෙන ඇත.
- පළමු විස්සයි විස්ස තරගයේ දැක්වූ දස්කම් – ලකුණු 14*, ලකුණු 22කට එක් කඩුල්ලයි
පල්ලෙකැලේ පිටියේ තණතීරුව හා අවට කාලගුණය
ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී විස්සයි විස්ස තරග 4ක් පවත්වා තිබෙන අතර එම තරග 4න් එක් තරගය බැගින් ශ්‍රී ලංකාව හා නවසීලන්තය ජය ගන්නා විට, අනෙක් තරග දෙක ලකුණු සමවීමෙන් හා ප්‍රතිඵලයක් රහිතව අවසන් වී තිබෙනවා.
වේගපන්දු යවන්නන්ට සහ පිතිකරුවන් හට වැඩි වාසියක් ගෙන දෙන ලෙස දෙවන විස්සයි විස්ස තරගය සඳහා පල්ලෙකැලේ තණතීරුව සකස් කර ඇත. මේ තණතීරුව මත ශ්‍රී ලංකා කණ්ඩායම කාසියේ වාසිය දිනා ගතහොත් පළමුව පන්දු රැකීම වඩාත් සුදුසුය. ප්‍රේක්ෂකයින් 35,000කට පමණ අසුන් ගැනීමට හැකි ලෙස ක්‍රීඩාංගණය නිර්මාණය කර තිබෙනවා.
තරගාවලියට ඉතාමත් හොඳ කාලගුණ තත්වයක් අපේක්ෂා කිරීමට හැකි අතර එසේම දෙවන විස්සයි විස්ස තරගය පැවැත්වෙන කාලය අතරතුර සෙල්සියස් අංශක 22-25 අතර උෂ්ණත්වයක් අපේක්ෂා කිරීමට පුළුවන්
අවසන් විස්සයි විස්ස තරග පහේ ප්‍රතිඵල
- ශ්‍රී ලංකාව – L, L, L, L, L
- නවසීලන්තය – W, W, L,W, L
(*අවසන් වරට ක්‍රීඩා කර තරගය පළමුව සටහන් කර ඇත. W – ජයග්රහණයන් L – පරාජයන්,)
විස්සයි විස්ස සංචිතයන්
ශ්‍රී ලංකාව – ලසිත් මාලිංග (නායක), නිරෝෂන් දික්වැල්ල (උපනායක), අවිශ්ක ප්‍රනාන්දු, කුසල් ජනිත් පෙරේරා, දනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, ශෙහාන් ජයසූරිය, දසුන් ශානක, වනිඳු හසරංග, අකිල දනංජය, ලක්ෂාන් සඳකැන්, ඉසුරු උදාන, කසුන් රාජිත, ලහිරු කුමාර, ලහිරු මධුසංක.
නවසීලන්තය – ටිම් සවුති (නායක), ටොඩ් ඇස්ටල්, ටොම් බෘස්, කෝලින් ඩි ග්‍රෑන්ඩ්හෝම්, ලුකී ෆර්ගසන්, සෙත් රාන්ස්, මාර්ටින් ගප්ටිල්, රොස් ටේලර්, කොලින් මන්රෝ, ටිම් සයිෆර්ට් (කඩුලු රකින්නා), ඉෂ් සෝදී, මිචෙල් සැන්ට්නර්, ස්කොට් කුගලයින්, ඩාර්ලි මිචෙල්.
දෙවන විස්සයි විස්ස තරගයට අපේක්ෂිත කණ්ඩායම්
ශ්‍රී ලංකාව – ලසිත් මාලිංග (නායක), නිරෝෂන් දික්වැල්ල, කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස්, අවිශ්ක ප්‍රනාන්දු, ශෙහාන් ජයසූරිය, දසුන් ශානක, වනිඳු හසරංග, ඉසුරු උදාන, කසුන් රාජිත, අකිල දනංජය.
නවසීලන්තය – ටිම් සවුතී (නායක), මාර්ටින් ගප්ටිල්, කොලින් මන්රෝ, රොස් ටේලර්, ටීම් සෙයිෆර්ට්, කෝලින් ඩි ග්‍රෑන්ඩ්හෝම්, ඉෂ් සෝදී, සෙත් රාන්ස්, මිචෙල් සැන්ට්නර්, ස්කොට් කුගලයින්, ඩාර්ලි මිචෙල්.
අවසන් නිගමනය
ජාත්‍යන්තර විස්සයි විස්ස කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුව නවසීලන්ත කණ්ඩායම හයවැනි ස්ථානයේ පසුවන්නේ ලකුණු 4056ක් සමඟින් ප්‍රසාද ලකුණු 154ක් දිනා ගෙනයි. සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම එම ලැයිස්තුවේ 9 වැනි ස්ථානය දිනා ගෙන සිටින්නේ ලකුණු 4093ක් සමඟ ප්‍රසාද ලකුණු 227ක් සමඟිනි.
ඒ අනුව බලන කල ශ්‍රේණිගත කිරීම්වලින් ද නවසීලන්තය පෙරමුණේ පසුවෙයි. නමුත් තරගය ජයග්‍රහණය කිරීම සඳහා වැදගත් වන්නේ ශ්‍රේණිගත කිරීම් හෝ ඉතිහාසයේ ලබා ගත් ජයග්‍රහණ නොව උක්ත දිනය තුල හැකි උපරිමයෙන් මෙන්ම හොඳින් ක්‍රීඩා කිරීමයි.
විශේෂයෙන්ම ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සිය පන්දු රැකීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු වෙනවා. එසේ සිදු කළහොත් ශ්‍රී ලංකාවට මේ තරගාවලිය සාර්ථකව අවසන් කිරීමට හැකියාව ලැබෙනු ඇත.
ශ්‍රී ලංකා – නවසීලන්ත විස්සයි විස්ස ඉදිරි තරග කාලසටහන
- සැප්තැම්බර් 03: දෙවන විස්සයි විස්ස තරගය – මහනුවර පල්ලෙකැලේ.
- සැප්තැම්බර් 06: තුන්වැනි විස්සයි විස්ස තරගය – මහනුවර පල්ලෙකැලේ.
තරගාවලියේ සියලුම උණුසුම් තතු, තරග සේයා රූ, ලකුණු සටහන්, තරග වාර්තා ඇතුළු තවත් බොහෝ දෑ හා තරගාවලියේ සියලුම තරග සජීව ලෙස ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. තවත් උණුසුම් පුවත් හා තොරතුරු දැන ගැනීමට ThePapare.com සමඟින් රැඳී සිටින්න.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















