ලොව විශාලතම මැරතන් තරගයටත් කොරෝනා හරස් වෙයි

137

ලොව පුරා පැතිර යන කොරෝනා වයිරස තත්වය නිසාවෙන් සුප්‍රකට නිව්යෝක් මැරතන් තරගය අවලංගු කිරීමට තීරණය කළ බව එහි සංවිධායකයින් විසින් දැනුම් දෙන ලදි.

බ්‍රිතාන්‍ය මලල ක්‍රීඩකයෙකුටත් වසර දෙකක තහනමක්

තරගය මෙම වසරේ නොවැම්බර් මස 01 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ අතර මෙම අවලංගු කිරීම පිළිබඳව දැනුම් දෙමින් එහි සංවිධායකයන් වන නිව්යෝක් මාර්ග ධාවකයන්ගේ සංගමයේ ප්‍රධානී Michael Capiraso ප්‍රකාශ කර සිටියේ තරගය පිළිබඳව යම් බලාපොරොත්තුවක් තබා ගත හැකි වූවත්, පැවති අවිනිශ්චිතතාව සහ පසුගිය මාස කිහිපයේ දී ඔවුන් දුටු දේ අනුව ගත හැකි එකම තීරණය මෙය බවයි.

මීට අමතරව ඇමරිකානු මහජන සෞඛ්‍ය නියෝජිතයන් විසින් මෙම වයිරසය සඳහා එන්නතක් සොයා ගන්නා තුරු පුළුල් වශයෙන් සිදු වන මහජන එක්රැස් වීම් සඳහා අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර මේ තීරණය පිළිබඳව අදහස් දක්වමින් නිව්යෝක් නුවර නගරාධිපතිවරයා පවසා සිටියේ මෙම තීරණය ගැනීම පිළිබඳව සංවිධායකයින්ට ප්‍රශංසා කරන බවයි.

“මෙම තරගය අප නගරයට ඉතා සුවිශේෂී දෙයක් වූවත් මේ අවස්ථාවේ දී ක්‍රීඩකයන්, ප්‍රේක්ෂකයන් ඇතුළු සියලුම දෙනාගේ ආරක්ෂාවට මුල් තැන දීම පිළිබඳව මා විසින් නිව්යෝක් මාර්ග ධාවකයන්ගේ සංගමයට ප්‍රශංසාව පල කර සිටිනවා” යැයි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා.

වත්මන් ලොව වේගවත්ම මිනිසාට තහනමක්

ලොව විශාලතම මැරතන් තරගය ලෙස සැලකෙන මෙම තරගය 1970 දී ආරම්භ වී ඇති අතර පසුගිය වසරේ තරගය සඳහා තරගකරුවන් 53,000කට අධික සංඛ්‍යාවක් සහභාගි වී තිබුණි.

මෙම වයිරසය තත්වය නිසාවෙන් මේ වසරේ පැවැත්වීමට නියමිතව තිබූ ලොව පැරණිතම මැරතන් තරගය වන බොස්ටන් මැරතන් තරගය ඇතුළු ලොව පුරා බොහෝ තරග අවලංගු කිරීමට හෝ කල් දැමීමට කටයුතු කර ඇත.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<