දකුණු අප්‍රිකානුවන්ට වැඩ පෙන්වූ දිමුත්ට උසස්වීමක්

659
New ICC Test Player

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඊයේ (15) නිකුත් කළ නවතම ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ 10 වැනි ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න සමත් වී ඇත.

ජයග්‍රහණයකින් කෙළවර වූ මිනිත්තු 93ක ක්‍රිකට් උන්මාදය

ලොව භයානකම පිතිකරණ ලැයිස්තුවක්, කලාලය (mat) මත ක්‍රීඩා කර අභිනවයෙන් දඟ..

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර පසුගිය සෙනසුරාදා (14) ගාල්ලේ දී පැවැත්වුණු පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී දැක්වූ දස්කම් නිසා දිමුත් කරුණාරත්න ජාත්‍යන්තර ටෙස්ට් පිතිකරුවන් වර්ගීකරණයේ ඉදිරියට පැමිණ ඇත්තේ ප්‍රසාද ලකුණු 740ක් දිනා ගනිමිනි. එය ඔහුගේ පුද්ගලික ක්‍රිකට් දිවිය තුල මෙතෙක් ලබාගත් ඉහළතම ශ්‍රේණිගත කිරීමේ ස්ථානයයි.

වයස අවුරුදු 30ක් වන කරුණාරත්න එම ටෙස්ට් තරගයේ දී ශ්‍රී ලංකා පළමු ඉනිම වෙනුවෙන් නොදැවී ලකුණු 158*ක් ලබාගත්තේ සිය ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් දිවියේ 8 වන ශතකය ද ලබා ගනිමිනි. ඊට අමතරව ශ්‍රී ලංකා දෙවන ඉනිම වෙනුවෙන් ද අර්ධ ශතකයක් ලබා ගැනීමට (ලකුණු 60) කරුණාරත්න සමත් විය. එම තරගය පුරාවටම කණ්ඩායම් දෙක වෙනුවෙන්ම ලකුණු 50 සීමාව ඉක්මවා ලකුණු රැස්කර ගත්තේ කරුණාරත්න පමණක් වීම ද සුවිශේෂී වේ.

එම තරගය ක්‍රීඩා කිරීමට පෙර පැවති ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ ලේඛනයේ 31 වන තැන දිනා සිටි කරුණාරත්න පළමු ටෙස්ට් තරගයේ දී තරගයේ වීරයා වෙමින් දැක්වූ එම දස්කම් නිසා ටෙස්ට් පිතිකරුවන් 21 දෙනෙකු අභිබවා 10 වන ස්ථානය දක්වා පැමිණීමට කරුණාරත්න හට හැකිව ඇත.

විස්සයි විස්ස පිතිකරුවන්ගේ වෙනසක්; ඒරොන්ට වාර්තාවක්

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඊයේ (9) නිකුත් කළ නවතම විස්සයි – විස්ස…

ප්‍රසාද ලකුණු 740ක් ලබාගෙන ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ ලේඛනයේ 9 වන ස්ථානය දිනා සිටින ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් එම පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ ඉදිරියෙන්ම සිටින ශ්‍රී ලාංකික පිතිකරුවා වේ.

ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ ද ස්ථාන දෙකක් ඉදිරියට පැමිණීමට රංගන හේරත් සමත්ව ඇත්තේ ප්‍රසාද ලකුණු 765ක් දිනා ගනිමිනි. පළමු ටෙස්ට් තරගයේ දී දකුණු අප්‍රිකානු කණ්ඩායම සුනුවිසුනු කළ දිල්රුවන් පෙරේරා (4/46 හා 6/32) ජාත්‍යන්තර ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ 25 වන ස්ථානය දිනාගෙන ඇත්තේ ඔහුගේ පුද්ගලික ක්‍රිකට් දිවියේ ලබාගත් ඉහළතම ශ්‍රේණිගත කිරීමේ ස්ථානය ද දිනා ගනිමිනි.

ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම අනුව ප්‍රසාද ලකුණු 93ක් ලබා 6 වන ස්ථානය දිනාගෙන සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට එම ලැයිස්තුවේ ද ඉදිරියට පැමිණීමට යම් අවස්ථාවක් ලැබී ඇති අතර ඒ සඳහා තරග 2-0ක් ලෙස දකුණු අප්‍රිකානු කණ්ඩායම පරාජය කළ යුතුය.

නැතිනම් ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ 5 වන ස්ථානයේ සිටින එංගලන්තය හා ඉන්දියාව අතර ඉදිරි සති කිහිපය තුල ආරම්භ වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ප්‍රතිඵලය අනුව ද ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ ඉදිරියට පැමිණීමට ද ශ්‍රී ලංකාවට යම් අවස්ථාවක් තිබේ.

ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයේ සිටින්නේ ප්‍රබල ඉන්දීය කණ්ඩායම වන අතර පිතිකරුවන් හා පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ පෙරමුණ දිනාගෙන ඇත්තේ දකුණු අප්‍රිකාවේ කගීසෝ රබාඩා හා ඕස්ට්‍රේලියාවේ ස්ටීව් ස්මිත් විසිනි.

ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් තරගය ලබන 20 වැනිදා කොළඹ SSC පිටියේ ආරම්භ වන අතර තරගයේ එසැණ පුවත්, ලකුණු සටහන්, විශේෂ වීඩියෝ, තරග වාර්තා, ඡායාරූප ඔබ වෙතට ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<