නව නායකයෙකු සමඟින් ශ්‍රී ලංකා සභාපතිගේ රග්බි කණ්ඩායම මැලේසියාවට

310

මැලේසියාවේ දී පැවැත්වීමට නියමිත සුහද තරග මාලාවක් සඳහා 32 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සභාපතිගේ රග්බි සංචිතයක් අද (30) මැලේසියාව බලා පිටත් වීමට නියමිතයි. ඉන්පසු මැයි මස අවසන් සතියේ දී චීන තායිපේ හිදී පැවැත්වීමට නියමිත ආසියානු රග්බි ශූරතාවලිය සඳහා ද ඔවුන් සහභාගී වනු ඇත.

ශ්‍රී ලංකා  රග්බි කණ්ඩායමේ නායකත්වය ඔමල්ක ගුණරත්නට

ශ්‍රී ලංකා පළමුපෙළ රග්බි කණ්ඩායමේ නායකත්වය, ඉසිපතන විද්‍යාලයේ 2015..

නායක රොෂාන් වීරරත්න පෞද්ගලික හේතූන් කිහිපයක් නිසාවෙන් කණ්ඩායමෙන් ඉවත් වීම නිසාවෙන් CR&FC කණ්ඩායමේ අංක 8 ක්‍රීඩක ඔමල්ක ගුණරත්න කණ්ඩායමේ නායකයා ලෙස තෝරාගන්නා ලදි.

ඔමල්ක ද අද දිවයිනෙන් පිටව යන අතර ඔහු නවකයින් රැසක් සමඟින් මැලේසියන් බාබේරියන්ස් කණ්ඩායමට එරෙහිව සුහද පුහුණු තරගයකට සහ මැලේසියානු ජාතික කණ්ඩායම සමඟින් තවත් තරගයක් සඳහා සහභාගී වනු ඇත.

මෙම තරග තුලින් මැයි මස අවසානයේ දී  පැවැත්වීමට නියමිත ආසියානු රග්බි ශූරතාවලියේ ඉහළ දස්කම් පෑමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට මහත් රුකුලක් වනු ඇති බව පුහුණුකරු වන නවසීලන්ත ජාතික මැට් ලීගේ විශ්වාසයයි.

ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩකයෝ සංචාරයට සූදානම්

මැලේසියාවේ දී සුහද පුහුණු තරග සංදාරයක් සඳහා 39 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා රග්බි සංචිතයක්..

වීරරත්නගේ නික්ම යෑමෙන් අනතුරුව කණ්ඩායමට Scrum Half ක්‍රීඩකයින් ලෙස මිතුන් හපුගොඩ, රාහුල් ද සිල්වා සහ නුවන් පෙරේරා නම් කර ඇත. එසේම දුෂ්මන්ත ප්‍රියදර්ශන වෙනුවට ජේසන් මෙල්ඩර් හා සත්‍ය රණතුංග යන ක්‍රීඩකයින් නැවතත් සංචිතයට කැඳවා ඇත.

ක්‍රීඩකයින් 32දෙනෙකුගෙන් සමන්විත සංචිතය –

ඉදිරිපෙළ – යකුබ් අලි, තරිඳු චතුරංග, කසුන් ද සිල්වා, ප්‍රසාද් මදුසංක, අස්මීර් ෆසුදීන්, චාල්ස්  ප්‍රවීන්, තිලින බණ්ඩාර, උමේෂ් මදුශාන්, ගිහාන් පෙරේරා, ඔමල්ක ගුණරත්න (c), සජිත් සාරංග, නිවංක ප්‍රසාද්, ප්‍රභාත් කුමාර, සත්‍ය රණතුංග, ලසිඳු ඉශාන්, ජේසන් මෙල්ඩර්.

පසුපෙළ – රාහුල් ද සිල්වා, නුවන් පෙරේරා, මිතුන් හපුගොඩ, සැමුවෙල් මදුවන්ත, සන්දේශ් ජයවික්‍රම, දිනුක් අමරසිංහ, කවිඳු පෙරේරා, සුදාර දික්කුඹුර, අශාන් බණ්ඩාර, බුද්ධිම පියරත්න, රීසා රෆයිඩීන්, අනුරාධ හේරත්, තීක්ෂණ දසනායක, කෙවින් ඩික්සන්, තිලින විජේසිංහ, මොහොමඩ් අබ්සාල්.

ශ්‍රී ලංකා සභාපතිගේ කණ්ඩායම මැලේසියාවේ දී මුහුණු දෙන පළමු තරගය මැයි මස 2 වැනිදා පැවැත්වෙන්නේ ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 5.00ට. තරගාවලියේ සියලු තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<