ශ්‍රී ලංකා කබඩි සම්මේලනය විසින් 2022 වසරට සංවිධානය කරනු ලබන “ජාතික දිස්ත්‍රික් කබඩි ශූරතාවය” මේ මස 8, 9 සහ 10 දිනවල ක්‍රීඩා අමාත්‍යාංශ දැල්පන්දු ක්‍රීඩා සංකීර්ණයේ දී පැවැත්වීමට නියමිතයි.
කොරෝනා වසංගතය නිසාවෙන් වසර දෙකකට ආසන්න කාලයක් තරගාවලිය පවත්වන්නට සංවිධායකයින්ට නොහැකි වූ අතර මෙවර නව මුහුණුවරකින් තරගාවලිය පැවැත්වීමට සංවිධායකයින් සූදානමින් පසුවනවා.
ජාතික ශූරතාවය කාන්තා සහ පිරිමි දෙඅංශයෙන් විවෘත තරගාවලියක් ලෙස සංවිධානය කරන අතර කාන්තා කණ්ඩායම් 15කට අධික සංඛ්‍යාවක් සහ පිරිමි කණ්ඩායම් 25කට අධික සංඛ්‍යාවක් ශූරතාවය වෙනුවෙන් තරග කිරීමට නියමිතයි.
- ලොව අංක 01 ටෙනිස් ක්‍රීඩකයා ඕස්ට්‍රේලියා ප්‍රතික්ෂේප කරයි
- SAAF රට හරහා දිවීමේ ශූරතාවයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
- සුරේන්, රන්සිළු සහ ශෙනුකි ආසියානු ශූරතා දිනයි
- බුවනෙක සහ දිල්මි ජාතික ශූරයින් ලෙස අභිෂේක ලබයි
- රැජිනගේ යෂ්ටිය ශ්‍රී ලංකාවට
තරගාවලියේ පළමු කාණ්ඩයේ තරග පිළිමළුන් පිටුදැකීමේ ක්‍රමයට 8 සහ 9 දිනවල දී පැවැත්වීමට නියමිත අතර ඉන් ප්‍රමුඛ ස්ථාන දිනා ගන්නා කණ්ඩායම් 10 වැනිදා පැවැත්වීමට නියමිත අවසන් පූර්ව, තෙවැනි ස්ථාන සහ ජාතික ශූරයින් අභිෂේක ලබන අවසන් මහා තරග සඳහා සහභාගී වීමට නියමිතයි.

තරගාවලියේ සියලු තොරතුරු සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟින්.
>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<























