සචිත්‍ර සේරසිංහ දවසේ වීරයා වේ

652
Mercantile Cricket

වෙළඳසේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අද (29) පැවති තරග අතරින් TeeJay ලංකා, කොමර්ෂල් ක්‍රෙඩිට් සහ ඩිමෝ කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය. ඔවුන් වෙතින් පරාජය වූයේ කැන්රිච් ෆිනෑන්ස්, සම්පත් බැංකු සහ MAS හෝල්ඩිංග්ස් කණ්ඩායම් ය.

ඩෙවින් පත්මනාදන් සිංගර් ශ්‍රී ලංකා දිනවයි

වෙළඳසේවා ක්‍රිකට් සංගමය සංවිධානය වෙළඳසේවා B කාණ්ඩයේ අද (27) කොළඹ බී. ආර්. සී. පිටියේ දී ..

TeeJay ලංකා සහ කැන්රිච් ෆිනෑන්ස් කණ්ඩායම අතර තරගය

කටුනායක නිදහස් වෙළඳ කලාප ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ දී ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 23ක ජයග්‍රහණයක් ලබා ගැනීමට TeeJay ලංකා කණ්ඩායම සමත් විය.

කාසියේ වාසිය දිනූ කැන්රිච් ෆිනෑන්ස් නායකයාගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිස TeeJay ලංකා ක්‍රීඩකයෝ කඩුලු 7ක් දැවී ලකුණු 255ක් ලබා ගත්හ. එම ඉනිමේ කැපී පෙනෙන ඉනිමක් ක්‍රීඩා කළේ සචිත්‍ර සේරසිංහ ය. ඔහු පන්දු 88කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 70ක් ලබා ගත්තේ ය.

මිනෝද් භානුක පන්දු 77කට මුහුණ දී හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 49කට දැවී ගියේ ය. ඉනිම ආරම්භ කළ සචිත්‍ර සේනානායක පන්දු 42කට මුහුණ දී හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 41ක් ලබා ගත්තේ ය.

කඩුලු ලබා ගැනීමේ දී ආරම්භක වේගපන්දු යැවූ ඩිලේශ් ගුණරත්න ලකුණු 43කට කඩුලු 3ක් දවා ගත්තේ ය. ඊට අමතරව අකිල දනංජය කඩුලු 2ක් දවා ගත්තේ ය.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි කැන්රිච් ෆිනෑන්ස් ක්‍රීඩකයෝ අයහපත් කාලගුණ තත්ත්වය මත තරගය නතර කරන විට කඩුලු 7ක් දැවී ලකුණු 164ක් ලබා සිටිය හ. එම ඉනිමේ දී ඔසඳ ප්‍රනාන්දු පන්දු 50කට මුහුණ දී හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 60ක් ලබා ගත්තේ ය.

පන්දු යැවීමේ දී ලසිත් මාලිංග ලකුණු 25කට කඩුලු 3ක් දවා ගත්තේ ය.

TeeJay ලංකා කණ්ඩායම; කඩුලු 7ක් දැවී 255 (50.0) සචිත්‍ර සේනානායක 41, මිලින්ද සිරිවර්ධන 25, සචිත්‍ර සේරසිංහ 70, මිනෝද් භානුක 49, ඩිලේශ් ගුණරත්න 3/43, අකිල දනංජය 2/39

කැන්රිච් ෆිනෑන්ස් කණ්ඩායම; කඩුලු 7ක් දැවී 164 (27.2) අලංකාර අසංක 28, ඔසඳ ප්‍රනාන්දු 60, මුතුමුදලිගේ පුෂ්පකුමාර නොදැවී 20, ලසිත් මාලිංග 3/25

ඉන්දියාව නැවත ආසියානු ක්‍රිකට් ශූරතාව රැගෙන යයි

ආසියානු කලාපයේ ක්‍රිකට් ශූරයන් තමන් මිස අන් කවරෙක්වත් නොවේ යැයි නැවත වතාවක් …

සම්පත් බැංකුව සහ කොමර්ෂල් ක්‍රෙඩිට් අතර තරගය

මග්ගොන සරේ විලේජ් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයෙන් කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 32ක ජයග්‍රහණයක් වාර්තා කළේය.

කාසියේ වාසිය දිනා ගත් සම්පත් ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගනිමින් පිටියට පිවිස සියලුම දෙනා දැවී ලකුණු 222ක් ලබා ගත්හ. එම ඉනිමේ දී ජීවන් මෙන්ඩිස් අර්ධ ශතකයක් ලබා ගත්තේ ය. ජීවන් පන්දු 78කට මුහුණ දී හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් සමඟ ලකුණු 66ක් ලබා ගත්තේ ය. මේ අතර දසුන් ශානක ද ලකුණු 43ක් ලබා ගනිමින් සම්පත්  ඉනිමේ කැපී පෙණුන පිතකරුවෝ වූහ.

පන්දු යැවීමේ දී මාලින්ද පුෂ්පකුමාර ලකුණු 33කට කඩුලු 4ක් ද, චාමික කරුණාරත්න කඩුලු 2ක් ද දවා ගත්තේ ය.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි කොමර්ෂල් ක්‍රෙඩිට් ක්‍රීඩකයෝ තරගය අයහපත් කාලගුණ තත්ත්වය මත නතර කරන විට කඩුලු 6ක් දැවී ලකුණු 206ක් ලබා ගත්හ.

එම ඉනිමේ දී උපුල් තරංග පන්දු 52කට මුහුණ දී ලකුණු 46ක් ලබා ගත්තේ ය. ඊට අමතරව සඳුන් වීරක්කොඩි පන්දු 52ක දී ලකුණු 45ක් ලබා ගත්තේ ය. කඩුලු ලබා ගැනීමේ දී චරිත බුද්ධික ලකුණු 28කට කඩුලු 3ක් දවා ගත්තේ ය.

සම්පත් බැංකු කණ්ඩායම; සියලුම දෙනා දැවී 222 (45.0) ජීවන් මෙන්ඩිස් 66, දසුන් ශානක 43, කෞෂාල් සිල්වා 31, මාලින්ද පුෂ්පකුමාර 4/33, චාමික කරුණාරත්න 2/43

කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම; කඩුලු 6ක් දැවී 206 (38.0) උපුල් තරංග 46, සඳුන් වීරක්කොඩි 45, වනිඳු හසරංග නොදැවී 40, ලහිරු මධුශංක 44, චරිත බුද්ධික 3/28, හසන්ත ප්‍රනාන්දු 2/57

“සල්ලි වලට කවදාවත් එපා නුඹේ හිස නමන්න!”

මෑත වසර කිහිපය තුළ ශ්‍රී ලංකාවේ ප්‍රධාන ක්‍රීඩා සම්බන්ධයෙන් කන වැකෙන්නේ අසතුටුදායක පුවත් ය..

MAS හෝල්ඩිංග්ස් සහ ඩිමෝ අතර තරගය

කොළඹ කෝල්ට්ස් පිටියේ දී පැවති මෙම තරගයෙන් කඩුලු 2ක ජයක් ලබා ගැනීමට ඩිමෝ කණ්ඩායම සමත් විය.

කාසියේ වාසිය දිනූ ඩිමෝ ක්‍රීඩකයන්ගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි MAS හෝල්ඩිංග්ස් කණ්ඩායම සියලුම දෙනා දැවී ලකුණු 193ක් ලබා ගත්තේ ය. එම ඉනිමේ දී මහේල උඩවත්ත ලකුණු 82ක් ලබා ගත්තේ ය. පන්දු 110කින් සමන්විත වූ මහේලගේ ඉනිමේ හතරේ පහර 10ක් තිබුණි.

පන්දු යැවීමේ දී නිසල තාරක ලකුණු 36කට කඩුලු4ක් දවා ගත්තේය.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ඩිමෝ ක්‍රීඩකයෝ කඩුලු 8ක් දැවී ලකුණු 199ක් ලබා ගත්හ. එම ඉනිමේ දී චරිත කුමාරසිංහ පන්දු 40ක දී හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟ ලකුණු 44ක් ලබා ගත්තේ ය.

MAS හෝල්ඩිංග්ස් කණ්ඩායම; සියලුම දෙනා දැවී 193 (39.2) මහේල උඩවත්ත 80, ධම්මික ප්‍රසාද් 27, නිසල තාරක 4/36, සම්මු අශාන් 2/24

ඩිමෝ කණ්ඩායම; කඩුලු 8ක් දැවී 199 (46.5): චරිත කුමාරසිංහ 44, දිනේෂ් චන්දිමාල් 34, නිසල තාරක 36, කමිඳු මෙන්ඩිස් 3/42, ටී. එම්. සම්පත් 2/42

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<