96 වන ජාතික මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ දෙවන දිනය අද (04) ක්‍රියාත්මක විය. දිනය පුරාවට නව ශ්‍රී ලංකා වාර්තා දෙකක් සමඟින් තරග වාර්තා දෙකක් ද බිහිවීම කැපී පෙනිණ. ඒ අතරට පිරිමි දස ප්‍රයාම ඉසව්වෙන් අජිත් කරුණාතිලක නව ශ්‍රී ලංකා වාර්තාවක් ද, සත් ප්‍රයාම ඉසව්වෙන් ලක්ෂිකා සුගන්ධි නව ශ්‍රී ලංකා වාර්තාවක් ද, මීටර් 100 පිරිමි ඉසව්වෙන් හිමාෂ එෂාන් නව තරගාවලි වාර්තාවක් ද සමඟින් මීටර් 1500 කාන්තා ඉසව්වෙන් නිලානි රත්නායක නව තරගාවලි වාර්තාවක් ද තැබූහ.
ආරම්භයේ දී ම ජාතික වාර්තා දෙකක් බිඳ වැටේ
96 වන ජාතික ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය ඊයේ (3) කොළඹ සුගතදාස ආරම්භ වූ අතර අවසන් මහා තරග ඉසව් 6ක් අවසන් වූ පළමු දිනය තුල නව ශ්‍රී ලංකා වාර්තා දෙකක් බිහි විය.
තරගාවලියේ උදෑසන වරුවේ දී වැදගත් තරග කිහිපයක්ම ක්‍රියාත්මක විය. ඒ අතරින් මීටර් 1500 කාන්තා ඉසව්වේ දී නව තරග වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකා යුධ හමුදා ක්‍රීඩා සමාජය නියෝජනය කළ නිලානි රත්නායක සමත් විය. ඇය වාර්තා කළ කාලය මිනිත්තු 4.17.52 කි. ඊයේ (03) දිනයේ දී මීටර් 3000 කාන්තා බාධක දිවීමේ ඉසව්වෙන් ද ඇය නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට සමත් වූවාය.
ඉන්පසු මීටර් 100 කාන්තා ඉසව්ව ක්‍රියාත්මක විය. එම ඉසව්වේ ප්‍රථම ස්ථානය වර්තමාන ශ්‍රී ලංකා කෙටි දුර ශූරිය වන රුමේෂිකා රත්නායක වසින් දිනා ගත් අතර ඇය වාර්තා කළ කාලය තත්පර 11.72කි. එම ඉසව්වේ දෙවන හා තෙවන ස්ථාන පිළිවෙළින් තත්පර 12.29ක කාලයක් බැගින් වාර්තා කළ එල්. විදානදුරගේ සහ ලක්ෂිකා සුගන්ධි විසින් දිනා ගත්හ. සියුම් කාල ගණනයන්ට අනුව විදානදුරගේ ඉසව්වේ දෙවන ස්ථානයට පත්වීම ද විශේෂත්වයකි.

අවාසනාවකට ශ්‍රී ලංකාවේ වර්තමාන හොඳම කාලය වාර්තා කළ විනොජ් සුරන්ජය හට මෙම තරගාවලිය මග හැරී යන්නේ අසනීප තත්වය හේතුවෙන් ඔහු විවේක ගන්නා නිසායි. නව තරග වාර්තාවක් සමඟින් හිමාෂ එෂාන් ඉසව්ව තත්පර 10.41ක කාලයකින් ඉසව්ව නිමා කළ අතර එහි දෙවන හා තුන්වන ස්ථාන පිළිවෙළින් 10.67ක කාලයක් වාර්තා කළ යුධ හමුදා ක්‍රීඩා සමාජයේම එස්. කුමාර හා තත්පර 10.70ක කාලයක් වාර්තා කළ මොහොම්මඩ් අෂ්රෆ් දිනා ගත්හ. තියුණු තරගයක් ක්‍රියාත්මක වූ අතර මුල් මීටර් 50 ඉක්මවා යනවත් සමඟින්ම හිමාෂ පළපුරුද්ද මැනවින් උපයෝගී කරගනිමින් ඉසව්වේ ඉදිරිය ලබා ගනිමින් ජයග්‍රහණව දිනා ගත්තේය.
96 වන ජාතික ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ වටිනාකම
ජාතික මලල ක්‍රීඩාවේ “මෞලි මංගල්‍ය” ලෙස අප හඳුන්වනු ලබන 96 වන ජාතික ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය ඊයේ (3) සිට 5 වැනිදා (හෙට) දක්වා කොළඹ සුගතදාස පිටියේ දී පැවැත්වේ.
ඉන්පසු දිනයේ උද්වේගකරම ඉසව් දෙක ක්‍රියාත්මක විය. ඒ මීටර් 400 කාන්තා අවසන් තරගය සහ පිරිමි අවසන් තරගයයි.
මීටර් 400 කාන්තා ඉසව්වේ ප්‍රථම ස්ථානය ශ්‍රී ලංකා යුධ හමුදාව නියෝජනය කළ ආර්. නදීෂා විසින් දිනා ගත්තේ තත්පර 53.27ක කාලයක් වාර්තා කරමිනි. එම ඉසව්වේ දෙවන ස්ථානය තත්පර 53.89ක කාලයක් වාර්තා කළ ගුවන් හමුදාවේ නිර්මලී මධුෂිකා විසින් දිනා ගත් අතර ශ්‍රී ලංකා යුධ හමුදාව නියෝජනය කළ උපමාලිකා රත්නකුමාරි ඉසව්වේ තෙවන ස්ථානය දිනා ගත්තාය. ඇය වාර්තා කළ කාලය තත්පර 54.26 කි.


ඉතා උණුසුම් මුහුණුවරක් ගත් ඉසව්වේ ප්‍රථම ස්ථානය වර්තමාන යොවුන් ආසියානු ශූර අරුණ දර්ශන විසින් දිනා ගත්තේ එම ඉසව්වේ හිටපු ශූර කාලිංග කුමාරගේට දැඩි පීඩනයක් එල්ල කරමිනි. අරුණ වාර්තා කළ කාලය තත්පර 46.16ක් වූ අතර කාලිංග කුමාරගේ තත්පර 46.30ක කාලයක් වාර්තා කරමින් ඉසව්වේ දෙවන ස්ථානය දිනා ගත්තේය. තත්පර 48කට වඩා අඩුවෙන් ඉසව්වේ කාලය වාර්තා කළ ක්‍රීඩකයන් 5 දෙනෙකු අවසන් ප්‍රතිඵලයේ දී දක්නට ලැබීම ද විශේෂත්වයකි. ඒ නිසාම ශ්‍රී ලංකා මීටර් 400*4 පිරිමි සහය දිවීමේ කණ්ඩායම ආසියානු ශූරතාවේ දී සෙසු ක්‍රීඩකයන්ට දැඩි තර්ජනයක් වනු නිසැකය.
සවස් යාමය ආරම්භවත්ම පිරිමි උස පැනීමේ ඉසව්ව ක්‍රියාත්මක විය. ශ්‍රී ලංකා ජාතික ශූර මංජුල කුමාර සහ උෂාන් තිවංක වෙනුවෙන් වැඩි අවධානයක් යොමු වූ අතර ඉසව්වේ ජයග්‍රහණය උෂාන් තිවංක විසින් දිනා ගත්තේ මීටර් 2.18ක දක්ෂතාවයක් වාර්තා කරමිනි. මීටර් 2.15ක දක්ෂතාවයක් වාර්තා කළ මංජුලට දෙවන තැන හිමි විය. කනගාටුව කරුණ නම් මෙම දක්ෂතාවය ආසියානු පරිසාධන මට්ටම ඉක්මවා නොමැති වීමයි.

හෙට (05) තරගාවලියේ අවසන් දිනයයි. තවත් අවසන් තරග කිහිපයක්ම හෙට දිනයේත් පැවැත්වීමට නියමිතයි. රැඳී සිටින්න ThePapare.com සමඟින්, සියලු තොරතුරු සජීවීව ඔබ වෙත ගෙන ඒමට අපි සූදානම්.
>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<






















