වනිඳු හා චමීර RCB සමඟ එක්වෙයි!

509

ශ්‍රී ලංකා සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග හා වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර Royal Challengers Bangalore සමඟ එක්ව තිබෙනවා. ඒ 2021 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඉතිරි කොටස සඳහායි.

Royal Challengers Bangalore මෙහෙයවන්නේ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක Virat Kohli විසින් වීම විශේෂත්වයක්. 2021 IPL තරගාවලිය COVID-19 ව්‍යාප්තිය නිසා පසුගිය මැයි මාසයේ දී අතරමග නතර කරන්නට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට සිදු වුනා. 

තරගාවලියේ ඉතිරි කොටස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී එළඹෙන සැප්තැම්බර් 19 වැනිදා සිට ආරම්භ වන අතර අවසාන මහා තරගය ඔක්තෝබර් 15 වැනිදා පැවැත්වීමට නියමිතයි.

තවත් ක්‍රිකට් පුවත්:

වනිඳු හසරංග මේ වන විට ICC විස්සයි විස්ස පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම් වල දෙවැනි ස්ථානයේ රැඳී සිටින අතර දුෂ්මන්ත චමීර පසුගිය ඉන්දීය සංචාරයේ දී මෙන්ම එංගලන්ත හා කොදෙව් සංචාරවල දී ද දස්කම් දක්වන්නට සමත් වුනා.

IPL 2021සඳහා එක්වන RCB කණ්ඩායමේ විදෙස් ක්‍රීඩකයින් මෙසේයි.

AB Devilliers, Glen Maxwell, වනිඳු හසරංග, දුෂ්මන්ත චමීර, Tim David, Dan Christian හා Kyle Jamieson

News Wire ඇසුරෙන්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<