SAG මේසපන්දු සංචිතයේ නායකත්වය ඉෂාරාට සහ නිර්මලට

77

දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සහභාගි වන ශ්‍රී ලංකා මේසපන්දු කණ්ඩායම අද (30) නේපාලයේ කත්මන්ඩු වෙත පිටත් විය. මෙම කණ්ඩායම සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10 දෙනෙකු ඇතුළත් වේ. 

නිමාලිට අනතුරක්; SAG සිහින බොඳ වෙයි ද?

2019 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංචිතයේ නායිකාව සහ මීටර් 800 ඉසව්වේ ජාතික……

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මේසපන්දු තරග දෙසැම්බර් මස 02 වැනිදා සිට 06 වැනිදා දක්වා Lainchour මේසපන්දු ක්‍රීඩා සංකීර්ණයේ දී පැවැත්වේ. 

තරගාවලිය සඳහා නම් කළ කාන්තා කණ්ඩායම සඳහා ක්‍රීඩිකාවන් 5 දෙනෙකු ඇතුළත් අතර එහි නායකත්වය ඉෂාරා මධුරංගි හට හිමිව ඇත. ක්‍රීඩකයන් 5 දෙනෙකු ඇතුළත් වන පිරිමි කණ්ඩායමේ නායකත්වය හිමිව ඇත්තේ නිර්මල ජයසිංහ හටයි. 

තරගාවලියේ තරග ඉසව් 7ක් පැවැත්වීමට නියමිත අතර ඒ, පිරිමි ඒකල, පිරිමි යුගල, පිරිමි කණ්ඩායම්, කාන්තා ඒකල, කාන්තා ‍යුගල, කාන්තා කණ්ඩායම් හා මිශ්‍ර යුගල වශයෙනි. 

කාන්තා කණ්ඩායම: ඉෂාරා මධුරංගි (නායක), බිමන්දි බණ්ඩාර, එරන්දි වරුෂවිතාන, අයිලා චෙට්ටි, හංසනී පියුමිලා

පිරිමි කණ්ඩායම: නිර්මල ජයසිංහ (නායක), උදය රණසිංහ, ක්‍රිශාන් වික්‍රමරත්න, චමීර ගිනිගේ, සෙනුර සිල්වා

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ සියලු තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com අප සූදානම්.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<