මුම්බායි ඉන්ඩියන්ස් බලකොටුව කොරෝනා තුරන් කිරීමේ සටනට

87

මුම්බායි ක්‍රිකට් සංගමයට අයත් සුප්‍රසිද්ධ වන්කඩේ ක්‍රීඩාංගණය නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස යොදාගැනීමට පියවර ගෙන ඇති අතර වඩාත් යහපත් මුම්බායි නගරයක් නිර්මාණය කිරීම උදෙසා පිහිටුවා ඇති නාගරික සහයෝගිතා එකමුතුවෙහි අණ පරිදි බව මෙය ක්‍රියාවට නැංවෙන බව වාර්තා වේ.

ඉදිකිරීමට යෝජිත නව ක්‍රිකට් පිටියට කිසිදු ජනතා මුදලක් නැහැ

එම එකමුතුවෙහි මුම්බායි හී වෝර්ඩ් A පරිපාලන කලාපය භාරව කටයුතු කරන සහකාර කොමසාරිස්වරයා විසින් යවන ලද ලිපියකට අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි එම ප්‍රදේශය සහ ඊට තදාසන්න ප්‍රදේශයන්හී පිහිටා තිබෙන සියලුම හෝටල්/ සමාජශාලා/ පාසල්/ සම්මන්ත්‍රණ ශාලා/ නිදන ශාලා/ විවාහ උත්සව ශාලා/ ක්‍රීඩා පරිශ්‍ර වැනි

ඉඩ පහසුකම් සහිත විශාල භූමි භාග වෝර්ඩ් A කලාපයේ සිටින Covid-19 වැළඳී ඇතැයි සැක කරන පුද්ගලයින් නිරෝධායනය කිරීම සඳහා යොදාගැනීමට කටයුතු කරන බවට අවධාරණය කොට තිබේ.

මෙම අණ නොතකමින් ඊට සහය ලබා නොදෙන පාර්ශවයන් හට ඉන්දීය දණ්ඩ නීති සංග්‍රහයේ 188 වැනි වගන්තිය යටතේ නීතිමය පියවර අනුගමනය කිරීමට ද අපේක්ෂා කරන බව එම ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන්ව තිබුණි. මෙවැනි දැඩි තීරණයක් ගැනීමට අදාළ බලධාරීන් පෙලඹ තිබෙන්නේ මුම්බායි හී ධරවී ප්‍රදේශය Covid-19 වසංගතයට ගොදුරු වූවන්ගෙන් බහුල අවදානම් කලාපයක් ලෙස හඳුනා ගැනීමත් සමඟිනි.

ගුවන් ගමන්වලට අවසර ලැබුනොත් ඉන්දියාව ශ්‍රී ලංකාවට

මේ වන විට එම ප්‍රදේශවාසීන් අතුරින් ආසාදිතයන් 1145ක් පමණ හඳුනා ගෙන ඇති අතර පුද්ගලයින් 53දෙනෙකුට තම දිවි අහිමි වී ගොස් තිබෙන්නේ පවතින වාතාවරණය හැකිතාක් ඉක්මනින් පාලනය කිරීමේ අවශ්‍යතාව පිළිබඳ රතු එළියක් බලධාරීන් වෙත දල්වාලමිණි.

මින් පෙර බෙංගාල ක්‍රිකට් සංගමය ඉන්දියාවේ ඉපැරණිතම ක්‍රිකට් ක්‍රීඩාංගණයන් අතරින් එකක් ලෙස සැලකෙන ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩාංගණය ද නිරෝධායන මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය කිරීමට තම සහයෝගය ලබා දීමට බලාපොරොත්තු වන බව බටහිර බෙංගාල රජය වෙත දන්වා තිබුණි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<