ක්‍රිකට් නිලවරණයට පෙර තවත් නඩුවක්

571

ක්‍රිකට් ක්‍රීඩකයන්, ක්‍රිකට් විචාරකයින්ගේ හා ක්‍රිකට්ලෝලීන් බොහෝ කලක පටන් අවදානම යොමු කරගෙන සිටින කරුණක් වන ක්‍රිකට් නිලවරණය සම්බන්ධ මාධ්‍ය සාකච්ඡාවක් අද (11) සී. සී. සී. ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණේ හිටපු ක්‍රිකට් සභාපති මොහාන් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙනි.

ක්‍රිකට් නිලවරණයට අලුත් දිනයක්; උණුසුම් තරගයක් අපේක්ෂිතයි

බොහෝ දෙනා අපේක්‍ෂාවෙන් බලා සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ (SLC)….

දෙසැම්බර් 7 වෙනිදා  කැඳවා තිබූ ක්‍රිකට් නිලවරණ නාමයෝජනා අතරින් අයැදුම්කරුවන් 6 දෙනෙක්ට එරෙහිව විරෝධතා ඉදිරිපත්ව තිබුණි. මෙහි දී සභාපති, උප සභාපති හා ලේකම් ධූර සඳහා තරග කරන මොහාන් ද සිල්වා මහතාගේ හා උපසභාපති හා උපලේකම් ධූර සඳහා තරග කරන රවීන් වික්‍රමරත්න මහතාගේ නාමයෝජනා  ප්‍රතික්ෂේප කිරීම මේ දිනවල මාධ්‍ය තුල මහත් කතා බහට ලක්වන කරුණකි.

මෙහි දී මොහාන් ද සිල්වා මහතාගේ නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් මොහාන් ද සිල්වා මහතා, ශම්මි සිල්වා මහතා හා රවීන් වික්‍රමරත්න යන තිදෙනා මාධ්‍ය  වෙත කරුණු ඉදිරිපත් කරන ලදි. මෙහි දී මොහාන් ද සිල්වා මහතාගේ නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට ප්‍රධානම හේතුව වන්නේ මොහාන් ද සිල්වා මහතා ක්‍රිකට් ආයතනයේ තනතුරු දැරූ 2004 වර්ෂයේ ක්‍රිකට් ආයතනය තුල  සිදු වූ අක්‍රමිකතා, දූෂණ හා වංචා හේතුවෙන් එතුමා සේවයෙන් නෙරපා දැමීමයි.

ප්‍රමෝද් සහ නිපුන් ටැමිල් සිහිනය බිඳ දමයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජය Major League සුපිරි 8…..

නමුත්  මෙවර නාමයෝජනා  හිමිව ඇති හිටපු ක්‍රිකට් සභාපති ජයන්ත ධර්මදාස  මහතාගේ ධූර කාලයේ දී ද (2015) ක්‍රිකට් ආයතනය තුල එවැනිම අක්‍රමිකතා හා දූෂණ  වංචා සිදුවීම හේතුවෙන් එතුමාව සේවයෙන් ඉවත් කොට ඒ වෙනුවට ක්‍රිකට් ආයතනයේ පාලනය සඳහා අතුරු කමිටුවක් පත් කරන ලදි. මොහාන්  ද සිල්වා මහතා පවසන ආකාරයට “බෙදනවා නම් හැමෝටම එකම හැන්දෙන් බෙදන්න ඕන” නීතිය එක් පාර්ශවයකට පමණක් සීමාවී ඇති බවයි.

ශම්මි සිල්වා මහතා මාධ්‍යයට අදහස් දක්වමින් පවසා සිටියේ තමන් නියෝජනය කරන පාර්ශවය නාමයෝජනා ලබා ගැනීමට අවශ්‍ය සියලු දේ සම්පූර්ණ කර ඇති බවත්, ජයන්ත ධර්මදාස මහතා පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩා කර නොමැති බවත්ය. “කිඹුලට බැරි වුනොත් හූනා හරි එනවා” යම්හෙයකින් මොහාන් ද සිල්වා මහතාට නිලවරණයට ඉදිරිපත් වීමට නොහැකි වුවහොත් තමන් ඉදිරිපත් වන බව ශම්මි  ද සිල්වා මහතා වැඩි දුරටත් අදහස් දක්වමින් කියා සිටියේය .

හිටපු ලෝක ශූර නායකයාගෙන් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ගුරුහරුකම්

2003 සහ 2007 යන වර්ෂයන්හී ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලෝක ශූරයින්….

කෙසේ නමුත් පවතින තත්වය අනුව යම්හෙයකින් මොහාන් ද සිල්වා මහතාට ක්‍රිකට් නිලවරණය අහිමි වුවහොත් ජයන්ත ධර්මදාස මහතා නිතරගයෙන්ම සභාපති ධූරයට පත්වේ. ඒ අනුව තමන්ට සිදුව ඇති අසාධාරණය වෙනුවෙන් ඉතාමත් ඉක්මනින් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව මොවුන් තිදෙනාම අද පැවති මාධ්‍ය හමුවේ දී පැවසීය. එය මැතිවරණයට පෙර  සිදුවන බවත් මොවුන් ප්‍රකාශ කර සිටියේය. කෙසේ නමුත් නැවතත් නඩු මගට යාම තුලින් ක්‍රිකට් නිලවරණය තවදුරටත් දික්ගැස්සෙන බව නම් නොඅනුමානයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<