යුද හමුදා මෙහෙයුම සාර්ථකයි!

102

බස්නාහිර පළාත් රග්බි තරගාවලියේ දෙවැනි සතියේ තවත් තරගයක් ඊයේ (18) CR&FC ක්‍රීඩා පිටියේ දී පැවැත්වුණු අතර එහි දී යුද හමුදා ක්‍රීඩා සමාජය ලකුණු 26-17ක් වශයෙන් ජයග්‍රහණය ලබා ගැනීමට සමත් වූයේ සත්කාරක CR&FC කණ්ඩායම පරාජය කරමිනි.

හෙන්රිගේ වැඩ වැඩි වෙයි!

පසුගිය අන්තර් පාසල් රග්බි තරග වාරයේ දී ඉසිපතන විදුහලේ ඉදිරිපෙළ පුහුණුකරු වශයෙන් කටයුතු කළ…

තරග ආරම්භයේ පටන්ම CR&FC කණ්ඩායම ඉතා හොඳින් තරගයට අවතීර්ණ වෙමින් ක්‍රීඩා කළත්, යුද හමුදා පීඩනය හමුවේ ඔවුන්ට තරගයේ ආක්‍රමණය වැඩි වෙලාවක් පවත්වා ගෙන යාමට නොහැකි විය.

යුද හමුදාව ක්‍රීඩා සමාජය ඉතා හොඳින් තම සුපුරුදු රිද්මයට පැමිණෙමින් ක්‍රීඩා කළ අතර කනිෂ්ඨ ජ්‍යෙෂ්ඨ සුසංයෝගයක් සමඟ ක්‍රීඩා කළ CR&FC කණ්ඩායම ද නොදෙවෙනි වෙමින් ක්‍රීඩා කරන ආකාරයක් දක්නට ලැබුණි.

කෙසේ වුවත් ප්‍රථම අර්ධය අවසානයේ දී CR&FC කණ්ඩායම උත්සාහක දිනුම් තුනක් හා ප්‍රවර්තනයක් සාර්ථක කරගනිමින් ලකුණු 17ක් රැස්කරගෙන සිටි අතර යුද හමුදාවට රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 12ක් පමණයි. එයට උත්සාහක දිනුම් දෙකක් හා ප්‍රවර්තනයක් ඇතුළත් විය.

ප්‍රථම අර්ධය: CR&FC 17 – 12 යුද හමුදා

දෙවැනි අර්ධය ආරම්භ වීමෙන් අනතුරුව යුද හමුදාව තමන්ගේ ආරක්ෂාව හොඳින් තර කරමින් ක්‍රීඩා කළ අතර මද වෙලාවක් යන විට CR&FC ක්‍රීඩකයින්ගේ දුර්වලතා රැසක් හොඳින් කැපී පෙනෙන්නට විය.

එම හිදැස් වලින් මනා ප්‍රයෝජන ගත යුද හමුදා ක්‍රීඩකයින් CR&FC කණ්ඩායමට කිසිදු අවස්ථාවක් ලබා නොදෙමින් ක්‍රීඩා කළ අතර දෙවැනි අර්ධය පුරාවට CR&FC ක්‍රීඩකයින්ට කිසිදු ලකුණක් රැස්කිරීමට නොහැකි විය.

ලසින්ත කොළඹින් නුවරට!

පසුගිය වසරේ ඉසිපතන විදුහලේ සහය පුහුණුකරු ලෙස කටයුතු කළ ලසින්ත ද කොස්තා 2020…

තමන්ගේ ආරක්ෂාව තර කරගත්තා සේම ප්‍රතිවාදීන්ගේ ආරක්ෂාවට තර්ජන එල්ල කරන්නට ද යුද හමුදා ක්‍රීඩකයින් පසුබට වුනේ නැත.

තරගය අවසානයේ දී යුද හමුදා කණ්ඩායම උත්සාහක දිනුම් 4ක් හා ප්‍රවර්තන තුනක් සමඟින් ලකුණු 26ක් රැස්කරගෙන සිටි අතර CR&FC කණ්ඩායමට දෙවැනි අර්ධයේ දී එක ලකුණක් හෝ රැස්කිරීමට නොහැකි විය.

අවසන් ලකුණු තත්වය: CR&FC (3T, 1C) 17 – 12 (4T, 3C) යුද හමුදා

ThePapare.com තරගයේ වීරයා – රිස්වි මොහොමඩ් (යුද හමුදා)

ලකුණු රැස්කළ ක්‍රීඩකයින් –

  • CR&FC – ගයාන් ජයසේකර (1T), විශ්ව රණරාජා (1T), රන්දිත වර්ණපුර (1T), මුර්ෂීඩ් සුබයිර් (1C)
  • යුද හමුදා – ඉජාස් අහමඩ් (1T), සම්පත් කුමාර (1T), සුගත් නානායක්කාර (1T), චමීර සිල්වා (1T), ගයාන් සාලින්ද (3C)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<