තර්ස්ටන් ප්‍රහාරයෙන් වේල්ස් කුමරුවන්ට අසාධ්‍යයි

992

2019 මයිලෝ අන්තර් පාසල් පිළිමළුන් පිටුදැකීමේ අගමැති කුසලාන රග්බි තරගාවලියේ මොරටුව වේල්ස් කුමර විද්‍යාලය හා කොළඹ තර්ස්ටන් විද්‍යාලය අතර පැවති දෙවන අවසන් පූර්ව තරගය ලකුණු 53 – 00ක් ලෙස ජය ගන්නට කොළඹ තර්ස්ටන් විද්‍යාලය අද (13) සමත් විය. තරගය කොළඹ රාජකීය විද්‍යාලයීය ක්‍රීඩා සංකීර්ණයේ දී පැවැත්විනි.

ලුම්බිණි සංග්‍රාමය ජය ගැනීමට ආනන්දයින් සමත් වෙයි

2019 මයිලෝ ප්‍රිමියර් කුසලාන පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ අවසන් පූර්ව….


ඒ සමඟම තර්ස්ටන් විද්‍යාලය පිළිමලුන් පිටුදැකීමේ තරගාවලියේ අගමැති කුසලාන අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ අතර ඔවුන් ලබන සති අන්තයේ දී අගමැති කුසලානය සඳහා කොළඹ ආනන්ද විද්‍යාලය සමඟින් තරග කරනු ඇත.

තර්ස්ටන් විද්‍යාලයීය පා පහරින් ආරම්භ වූ තරගයේ පළමු ලකුණ රැස් කිරීමට තර්ස්ටන් ක්‍රීඩක චමෝද් පීරිස් සමත් විය. ඒ දඬුවම් පහරක් සාර්ථක කර ගනිමිනි. (වේල්ස් කුමර 00 – 03 තර්ස්ටන්)  

අනතුරුව තර්ස්ටන් ක්‍රීඩකයින් දිගින් දිගටම වේල්ස් කුමරුවන්ට ප්‍රබල පීඩනයක් එල්ල කළ අතර 8 වන මිනිත්තුවේ දී ඔවුන් සාර්ථක වූයේ තරගයේ පළමු උත්සාහක දිනුම රැස් කරමිනි. දඬුවම් පහර අවස්ථාවක් පිටියෙන් ඉවතට යොමු කළ ඔවුන් Line Out අවස්ථාව සාර්ථක කර ගෙන අලංකාර Rolling Maul අවස්ථාවක් මඟින් වේල්ස් කුමර ආරක්ෂක වළල්ල බිඳ දැමුවේ තත්සර දිසානායකගේ සුරතින් උත්සාහක දිනුම වාර්තා කරමිනි. චමෝද් පීරිස් එහි ප්‍රවර්තනය සාර්ථක කරගත්තේය. (වේල්ස් කුමර 00 – 10 තර්ස්ටන්)  

19 වන මිනිත්තුවේ දී තර්ස්ටන් ඉදිරිපෙළ නැවත වරක් ක්‍රියාත්මක වූ අතර ඔවුන් පන්දුව උත්සාහක දිනුම් සීමාව අසලටම ගෙන ආවේ ගෝල කණු ඉදිරියේම දඬුවම් පහරක් දිනා දෙමිනි. ඔවුන් එම දඬුවම් පහර චමෝද් ගේ පාදයෙන් සාර්ථක කර ගත්තේ ලකුණු පරතරය තවත් ඉහළ දමමිනි. (වේල්ස් කුමර 00 – 13 තර්ස්ටන්)

25 වන මිනිත්තුවේදී ද ඔවුන්ට තවත් දඬුවම් පහරක් හිමි වුනු අතර මෙවරත් චමෝද් අලංකාර ලෙස පන්දුව ගෝල කණු අතරින් ස්ථානගත කරන්නට සමත් විය. (වේල්ස් කුමර 00 – 16 තර්ස්ටන්)

වේල්ස් කුමර ක්‍රීඩකයින්ට ලකුණු රැස් කිරීමට කිසිඳු අවස්ථාවක් ලබා නොදෙමින් තර්ස්ටන් ක්‍රීඩකයින් ප්‍රබල ආක්‍රමණයක් දියත් කළ අතර  කසුන් රත්නායක පිටිය මැද සිට සුපිරි ධාවනයක යෙදෙමින් ලකුණු රැස්කළේ වේල්ස් කුමර ක්‍රීඩකයින් සම්පූර්ණයෙන් නොමඟ යවමිනි. චමෝද් පීරිස් අමතර ලකුණු එකතු කළේ අලංකර පා පහරකිනි. (වේල්ස් කුමර 00 – 23 තර්ස්ටන්)

පළමු අර්ධය: වේල්ස් කුමර විද්‍යාලය 00 – 23 තර්ස්ටන් විද්‍යාලය 

සුපිරි ජයග්‍රහණයකින් අනතුරුව නාලන්දාව අවසන් තරගයට

2019 මයිලෝ සභාපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ දෙවන අවසන්….

දෙවන අර්ධය ආරම්භයත් සමඟම තර්ස්ටන් කණ්ඩායමට තවත් දඬුවම් පහරක් හිමිවූයේ වේල්ස් කුමර ක්‍රීඩකයින් දිගින් දිගටම කළ අතපසුවීම් හේතුවෙනි. චමෝද් පීරිස් ඉතා පහසුවෙන් එම අවස්ථාවත් සාර්ථක කර ගන්නට සමත් විය. (වේල්ස් කුමර 00 – 26 තර්ස්ටන්)

40 වන මිනිත්තුවේ දී වේල්ස් කුමර ක්‍රීඩකයෙකුට කහ කාඩ්පතක් හිමිවූ අතර එහි වාසිය ක්ෂණිකව ප්‍රයෝජනයට ගත් දෙනුවන් වික්‍රමාරච්චි ගෝල කණු අතරින් තෙවන තර්ස්ටන් උත්සාහක දිනුම රැස් කරන්නට සමත් විය.  සුපුරුදු ලෙස තර්ස්ටන් විද්‍යාලය මෙම අවස්ථාවේදීත් Line Out අවස්ථාවක සිට Rolling Maul අවස්ථාවක් ගොඩනැගූ නමුත් ඉදිරිපෙළ ක්‍රීඩකයින්ගෙන් ගැලවුනු දෙනුවන්, වේල්ස් කුමරුවන් සම්පූර්ණයෙන් නොමඟ යවන්නට සමත් විය. චමෝද් පීරිස් පහසුවෙන් ප්‍රවර්තනය සාර්ථක කරගත්තේය. (වේල්ස් කුමර 00 – 33 තර්ස්ටන්)

දඬුවම් පහර වලින් වේල්ස් කුමරුවන් මට්ටු කරමින් සිටි චමෝද් පීරිස් හට තවත් දඬුවම් පහරක් හිමිවුනු අතර මෙවරත් ඔහු පහසුවෙන් පන්දුව ගෝල කණු අතරින් ගුවන්ගත කළේ ලකුණු පරතරය තවත් ඉහළ දමමින්. (වේල්ස් කුමර 00 – 36 තර්ස්ටන්)

57 වන මිනිත්තුවේ දී වෙහෙසට පත්ව සිටි වේල්ස් කුමර ආරක්ෂක වළල්ල බිඳ දැමූ සහිරු නිම්සක පහසුවෙන් ලකුණු රැස් කළේ ලකුණු පුවරුව ලකුණු 40 සීමාවට රැගෙන යමිනි. චමෝද් පීරිස් එහි අමතර ලකුණු එකතු කිරීමට අසමත් විය. (වේල්ස් කුමර 00 – 41 තර්ස්ටන්)

62 වන මිනිත්තුවේ දී තර්ස්ටන් විද්‍යාලය වෙනුවෙන් මිනිත්තු කිහිපයකට පෙර පිටියට පිවිසි Scrum Half ක්‍රීඩක සමරනායක scrum අවස්ථාවකින් රිංගා ගොස් නැවත වරක් ලකුණු රැස් කළේ කිසිඳු වේල්ස් කුමර ක්‍රීඩකයෙකුගේ බාධාවකින් තොරවය. චමෝද් පීරිස් එහි ප්‍රවර්තනය සාර්ථක කරගත්තේය. (වේල්ස් කුමර 00 – 48 තර්ස්ටන්)

70 වන මිනිත්තුවේ දී වේල්ස් කුමර පරාජයේ අවසන් ඇණයත් ගසන්නට ලුවිස් යසස් සමත් වූයේ දිමුත් ගේ පරිත්‍යාගශීලී පන්දු යොමු කිරීමක් ප්‍රයෝජනයට ගනිමින් උත්සාහක දිනුමක් වාර්තා කරමිනි. ඔවුන් එහි ප්‍රවර්තනය සඳහා උත්සාහ නොකළේය.

අවසන් ලකුණු තත්වය: වේල්ස් කුමර විද්‍යාලය 00 – 53 (6T, 4C, 5P) තර්ස්ටන් විද්‍යාලය

ThePapare.com තරගයේ වීරයා – චමෝද් පීරිස් (තර්ස්ටන්)

ලකුණු රැස්කළ ක්‍රීඩකයන්:

තර්ස්ටන් විද්‍යාලය – චමෝද් පීරිස් (4C, 5P), තත්සර දිසානායක (1T), කසුන් රත්නායක (1T), දෙනුවන් වික්‍රමාරච්චි (1T), සහිරු නිම්සක (1T), සමරනායක (1T), ලුවිස් යසස් (1T).

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<