මහනුවරට දැවැන්ත පරාජයක් උරුම වෙයි

381

2019 මයිලෝ ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ සිව්වැනි අර්ධ අවසන් පූර්ව තරගය ලෙස මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය සහ සාන්ත පීතර විද්‍යාලය අද (07) දින කොළඹ රාජකීය විද්‍යාලයීය ක්‍රීඩා සංකීර්ණයේ දී තරග වැදිනි. එහිදී ලකුණු 12-53ක් ලෙස ජයග්‍රහණය හිමිකර ගැනීමට සාන්ත පීතර විද්‍යාලය සමත් විය.

ලියුකේමියාව පරාජය කරමින් රග්බි තරුවක් නැවත කණ්ඩායමට

වසර තුනක නිහැඬියාවකින් පසුව සුපිරි ඕස්ට්‍රේලියානු රග්බි ක්‍රීඩක Christian Lealiifano නැවතත් ඕස්ට්‍රේලියා…


කිංග්ස්වුඩ් විද්‍යාලයේ ආසිරි සෙනෙවිරත්නගේ පා පහරින් ආරම්භ වූ තරගයේ මුල සිටම දැඩි පීඩනයක් එල්ල කිරීමට සාන්ත පීතර ක්‍රීඩකයින් සමත් විය. එහි ප්‍රතිඵලයක් ලෙස තරගයේ 03 වන මිනිත්තුවේ දී නිස්රාන් නිලාර් උත්සාහක දිනුමක් වාර්තා කළේය. නමුත් එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට තෙනුක නානායක්කාර අසමත් විය. (කිංග්ස්වුඩ් 00 – 05 සාන්ත පීතර)

පළමු උත්සාහක දිනුම වාර්තා කර මිනිත්තු 03ක් (තරගයේ 06 වන මිනිත්තුවේ) ගතවූ පසු නැවතත් ක්‍රියාත්මක වූ සාන්ත පීතර ක්‍රීඩකයින් තවත් උත්සාහක දිනුමක් රැස් කිරීමට සමත් විය. ශෙනෝල් සිල්වා විසින් වාර්තා කරන ලද එම උත්සාහක දිනුමේ ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට තෙනුක නානායක්කාර සමත් විය. (කිංග්ස්වුඩ් 00 – 12 සාන්ත පීතර)

කිංග්ස්වුඩ් ක්‍රීඩකයින්ට තරගය තුළ හිස එසවීමට අවස්ථාවක් නොදුන් සාන්ත පීතර ක්‍රීඩකයින් තරගයේ 08 වන මිනිත්තුවේ දී තවත් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් විය. සත්මින පෙරේරා විසින් වාර්තා කරන ලද එම උත්සාහක දිනුමේ ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට තෙනුක නානායක්කාර අපොහොසත් විය. (කිංග්ස්වුඩ් 00 – 17 සාන්ත පීතර)

තරගයේ 26 වන මිනිත්තුවේ දී කිංග්ස්වුඩ් විද්‍යාලය වෙනුවෙන් ක්‍රියාත්මක වූ දිනාල් ඒකනායක උත්සාහක දිනුමක් වාර්තා කළේය. එහි ප්‍රවර්තනය සාර්ථක කර ගනිමින් තම කණ්ඩායමට අතිරේක ලකුණු 02ක් ලබා දීමට හිරූෂ සම්පත්ට හැකිවිය. (කිංග්ස්වුඩ් 07 – 17 සාන්ත පීතර)

කිංග්ස්වුඩ් විද්‍යාලයේ ගයාන් කුමාර හට තරගයේ 28 වන මිනිත්තුවේ දී ප්‍රධාන විනිසුරුවරයා විසින් කහ කාඩ්පතක් පිරිනමා මිනිත්තු 10ක් සඳහා පිටියෙන් ඉවත් කිරීමට කටයුතු කළේය.

ප්‍රතිවාදී කණ්ඩායමේ එක් ක්‍රීඩකයෙකුගේ අඩුවෙන් උපරිම ඵල නෙලා ගැනීමට සමත් වූ සාන්ත පීතර ක්‍රීඩකයින් එම මිනිත්තුවේ දීම (28 වන මිනිත්තුවේ) තවත් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් විය. සාන්ත පීතර විද්‍යාලයේ නායක බිලාල් හිල්මි විසින් වාර්තා කරන ලද එම උත්සාහක දිනුමේ ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට තෙනුක නානායක්කාර අසමත් විය. (කිංග්ස්වුඩ් 07 – 22 සාන්ත පීතර)

තරගයේ 32 වන මිනිත්තුවේ දී තම දෙවන උත්සාහක දිනුම වාර්තා කිරීමට කිංග්ස්වුඩ් විද්‍යාලයේ දිනාල් ඒකනායක සමත් විය. නමුත් එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට හිරූෂ සම්පත් අසමත් විය. (කිංග්ස්වුඩ් 12 – 22 සාන්ත පීතර)

පළමු අර්ධයේ අවසන් මිනිත්තුවේ දී සාන්ත පීතර විද්‍යාලයට හිමිවූ දඬුවම් පහර සාර්ථක කර ගනිමින් තම කණ්ඩායමේ ලකුණු පුවරුව ලකුණු 03කින් ඉහළ දැමීමට තෙනුක නානායක්කාර සමත් විය. (කිංග්ස්වුඩ් 12 – 25 සාන්ත පීතර)

පළමු අර්ධය : කිංග්ස්වුඩ් විද්‍යාලය  12 – 25 සාන්ත පීතර විද්‍යාලය

ඉසිපතන ක්‍රීඩකයෝ ජෝසප් සිහින බිඳ දමයි

2019 මයිලෝ ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ තෙවැනි අර්ධ අවසන් පූර්ව තරගය…


අනාරක්ෂිත ලෙස ක්‍රීඩා කිරීම හේතුවෙන් තරගයේ 45 වන මිනිත්තුවේ දී කිංග්ස්වුඩ් ක්‍රීඩක හිරූෂ සම්පත් හට කහ කාඩ්පතක් පිරිනමා මිනිත්තු 10ක් සඳහා පිටියෙන් ඉවත් කිරීමට ප්‍රධාන විනිසුරුවරයා කටයුතු කළේය.

නැවතත් ප්‍රතිවාදී කණ්ඩායමේ එක් ක්‍රීඩකයෙකුගේ අඩුවෙන් ප්‍රයෝජන ගැනීමට සාන්ත පීතර ක්‍රීඩකයන් සමත් විය. ඒ තරගයේ 45 වන මිනිත්තුවේ දී නිස්රාන් නිලාර් විසින් තම දෙවන උත්සාහක දිනුම වාර්තා කිරීමත් සමඟය. එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට තෙනුක නානායක්කාර සමත් විය. (කිංග්ස්වුඩ් 12 – 32 සාන්ත පීතර)

කිංග්ස්වුඩ් කණ්ඩායමේ එක් ක්‍රීඩකයෙකු කහ කාඩ්පතක් හිමිකර ගෙන මිනිත්තු 05ක් ගත වීමටත් පෙර එනම් තරගයේ 48 වන මිනිත්තුවේ දී තවත් කහ කාඩ්පතක් පිරිනැමීමට ප්‍රධාන විනිසුරු ආකීල් ජමල්ඩීන් කටයුතු කළේය. මෙවර එය තුමුල වැලිගම්පොල හට හිමිවිය.

මෙවර ප්‍රතිවාදී කණ්ඩායමේ ක්‍රීඩකයන් දෙදෙනෙකුගේ අඩුවෙන් ප්‍රයෝජන ගනිමින් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සාන්ත පීතර ක්‍රීඩකයින් සමත් විය. තෙනුක නානායක්කාර විසින් වාර්තා කරන ලද එම උත්සාහක දිනුමේ ප්‍රවර්තනය ද ඔහු විසින්ම සාර්ථක කර ගන්නා ලදි. (කිංග්ස්වුඩ් 12 – 39 සාන්ත පීතර)

ඉතා දක්ෂ පන්දු හුවමාරුවකින් අනතුරුව තරගයේ 51 වන මිනිත්තුවේ දී වේගයෙන් උත්සාහක දිනුම් රේඛාව වෙත ධාවනයේ යෙදුනු සාන්ත පීතර ක්‍රීඩක සෙනුර ප්‍රනාන්දු ව ඉතාමත් දක්ෂ ලෙස නවතාලීමට කිංග්ස්වුඩ් ක්‍රීඩක දිනාල් ඒකනායක සමත් විය.

තරගයේ 54 වන මිනිත්තුවේ දී තම දෙවන උත්සාහක දිනුම වාර්තා කරමින් සාන්ත පීතර විද්‍යාලයේ ලකුණු පුවරුව ඉහළ දැමීමට තෙනුක නානායක්කාර සමත් විය. එහි ප්‍රවර්තනය ද ඔහු විසින්ම සාර්ථක කර ගත්තේය. (කිංග්ස්වුඩ් 12 – 46 සාන්ත පීතර)

තම තෙවන උත්සාහක දිනුම වාර්තා කරමින් කිංග්ස්වුඩ් ක්‍රීඩකයින්ට ජයග්‍රහණයේ සිහින බොඳ කිරීමට සාන්ත පීතර විද්‍යාලයේ නිස්රාන් නිලාර් සමත් විය. එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට සත්මින පෙරේරා සමත් විය. (කිංග්ස්වුඩ් 12 – 53 සාන්ත පීතර)

​විද්‍යාර්ථයින් කෙළින්ම අවසන් පූර්ව වටයට!

2019 මයිලෝ ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ කාල..


ඉන්පසු තරගයේ නියමිත කාලය අවසන් වනතුරු කණ්ඩායම් දෙකටම ලකුණු රැස් කිරීමට අවස්ථාවක් හිමි නොවීය.

අවසන් ලකුණු තත්වය : කිංග්ස්වුඩ් විද්‍යාලය  12 – 53 සාන්ත පීතර විද්‍යාලය

ThePapare.com තරගයේ වීරයානිස්රාන් නිලාර් (සාන්ත පීතර විද්‍යාලය)

ලකුණු රැස්කළ ක්‍රීඩකයින් –

කිංග්ස්වුඩ් විද්‍යාලය – දිනාල් ඒකනායක (2T), හිරූෂ සම්පත් (1C)

සාන්ත පීතර විද්‍යාලය – නිස්රාන් නිලාර් (3T), සත්මින පෙරේරා (1T, 1C), තෙනුක නානායක්කාර (2T, 4C, 1P), ශෙනෝල් සිල්වා (1T), බිලාල් හිල්මි (1T)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<