කණ්ඩායම් 30ක් වෙළඳසේවා පාපන්දු ශූරතාවයට සීරුවෙන්

248
Mercantile Football seven-a-side

ශ්‍රී ලංකා වෙළඳසේවා පාපන්දු සංගමය විසින් 38 වැනි වරටත් පවත්වනු ලබන වාර්ෂික “වෙළඳසේවා සත් සාමාජික පාපන්දු තරගාවලිය” මේ මස 16 වැනි දා කොළඹ තුරඟ තරග පිටියේ දී පැවැත්වේ.

තරගාවලිය සඳහා කාණ්ඩ 8ක් නියෝජනය කරමින් කණ්ඩායම් 30ක් සහභාගී වන අතර ඔවුන් කුසලාන, පලඟ සහ බඳුන ශූරතාවයන් සඳහා තරග කරනු ඇත. තරග 48ක් කාණ්ඩ තරග ලෙස පවත්වනු ලබන අතර තවත් තරග 21ක් පිළිමළුන් පිටුදැකීමේ ක්‍රමයට පැවැත්වේ. සියලුම තරග පැවැත්වෙන්නේ තුරඟ පිටියේ එකිනෙකට වෙනස් කොටස් තුනක දී ය.

පසුගිය වසරේ තරගාවලියේ දී Expo Lanka කණ්ඩායම අනුශූරතාවය දිනා ගන්නා විට ශූරතාවය Amana Takaful කණ්ඩායම විසින් දිනා ගනු ලැබීය. පලඟ ශූරතාවය කොළඹ ඩොක්යාර්ඩ් විසින් දිනා ගනිද්දී HNB කණ්ඩායම එහි ශූරතාවය දිනා ගනු ලැබීය.

කුසලාන, පලඟ සහ බඳුන අංශ ත්‍රිත්වයේ ම දක්ෂතම ක්‍රීඩකයා, හොඳම ගෝල රකින්නා සහ වඩාත් ජ්‍යේෂ්ඨතම ක්‍රීඩකයාට සම්මාන පිරිනමන්නට සංවිධායකයින් සූදානම් ය.

එමෙන් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයෙන් ඉවත් වන කණ්ඩායම් සඳහා ද තිලිණ ප්‍රදානය කිරීමක් සිදු කරමින් ඔවුන්ව දිරිමත් කරන්නටත් මෙවර කටයුතු යොදා ඇත.

“පාපන්දු ක්‍රීඩාව විශාල ලෙස ඉදිරියට ඇවිල්ලා තියෙනවා. ශ්‍රී ලංකාවේ නමගිය ආයතන 25කට ආසන්න පිරිසක් තරගාවලියට සහභාගී වෙනවා, එය අප සංගමයටත් හොඳ පන්නරයක්. අපිට අවශ්‍යයි ආයතනවල සේවය කරන සේවකයින් හටත් ක්‍රීඩාව සමීප කරන්න, එය ක්‍රීඩකයින්ටත් රැකියා අවස්ථාවන් නිර්මාණය කරනවා.” යැයි තරගාවලිය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවේ දී වෙළඳසේවා පාපන්දු සම්මේලනයේ සභාපතිතුමන් පැවසීය.

මෙවර තරගාවලියට සහභාගී වන ක්‍රීඩකයින් අදාළ ආයතනයේ ඕනෑම ආකාරයක සේවකයෙකු ලෙස 2017 ජූලි 31 දිනට ප්‍රථම ලියාපදිංචි වී සිටීම අනිවාර්ය වේ.

මාධ්‍ය සාකච්ඡාව අවසානයේ දී කුසපත් ඇදීම මඟින් කණ්ඩායම් කාණ්ඩගත කිරීම සිදු කළ අතර කාණ්ඩ දෙකක් හැරුණු විට අනෙක් සෑම කාණ්ඩයකටම කණ්ඩායම් 4 බැඟින් ඇතුළත් වේ.

Group A Group B Group C Group D Group E Group F Group G Group H
HNB – A Expo Lanka – A කොමර්ෂල් බැංකුව – A සම්පත් බැංකුව – B ශ්‍රී ලංකා ටෙලිකොම් Standard Chartered Bank ගලධාරී හොටෙල් Continental Insurance
ජනශක්ති ඉන්ෂුවරන්ස් ශ්‍රී ලංකා ගුවන් සේවය HSBC Amana Bank කොමර්ෂල් ක්‍රෙඩිට් Colombo Dockyard NTB Dialog – B
කොමර්ෂල් බැංකුව – B Expo Lanka – B Airport & Aviation සෙලිංකෝ ඉන්ෂුවරන්ස් Dialog – A HNB – B WNS Global John Keells
Virtusa Lake House LB Finance – B සම්පත් බැංකුව – A LB Finance – A කොමර්ෂල් ලීසිං

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<