රවිඳු සහ රොස්කෝ ජෝන් කීල්ස් අවසන් සටනට රැගෙන යයි

198

වෙළඳසේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන Fair & Lovely Mens ක්‍රිකට් තරගාවලියේ B කොටසේ ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ජෝන් කීල්ස් කණ්ඩායම අද (16) සමත් විය.

කොළඹ 7, වෙළඳසේවා ක්‍රිකට් පිටියේ දී පැවති ජෝන් කීල්ස් සහ හැටන් නැෂනල් බැංකු කණ්ඩායම සමඟ පැවති මෙම තරගයේ දී ජෝන් කීල්ස් කණ්ඩායමට කඩුලු 3ක ජයග්‍රහණයක් අත්විය.

කෲස්පුල්ලේ සහ නුවනිඳු පිත්තෙන් වැඩ පෙන්වයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major Emerging League ක්‍රිකට් තරගාවලියේ අද (15) අවසන් වූ පානදුර ක්‍රීඩා සමාජය සහ මීගමුව ක්‍රිකට් සමාජය අතර තරගයේ දී…

කාසියේ වාසිය දිනා ගත් ජෝන් කීල්ස් නායකයාගේ ආරාධනාව මත පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි හැටන් නැෂනල් කණ්ඩායම සියලුම දෙනා දැවී ලකුණු 213ක් ලබා ගත්තේ ය. ඊට පිළිතුරු ලෙසින් ජෝන් කීල්ස් ක්‍රීඩකයෝ කඩුලු 7ක් පමණක් දැවී ලකුණු 214ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කිරීමට සමත් විය. ඒ තවත් පන්දු 15ක් ඉතිරිව තිබිය දී ය.

හැටන් නැෂනල් කණ්ඩායම වෙනුවෙන් සවන් ප්‍රබාෂ් අර්ධ ශතකයක් ලබා ගත්තේ ය. ඔහුට අමතරව මාධව වර්ණපුර සහ දමිත හුණුකුඹුර ද ලකුණු අතරට පිවිසිය හ.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දීමට පිටිය පිවිසි ජෝන් කීල්ස් කණ්ඩායම වෙනුවෙන් රවිඳු කොඩිතුවක්කු පන්දු 102ක දී හතරේ පහර 4ක් සමඟ ලකුණු 78ක් ලබා ගනිමින් ජයග්‍රාහී ඉනිමේ පෙරමුණේ රාළ විය. ඔහුට අමතරව රොස්කෝ තට්ටිල් පන්දු 37ක දී හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 48ක් ලබා ගත්තේ ය.

ජයග්‍රාහී ජෝන් කීල්ස් කණ්ඩායම සහ කැන්රිච් ෆිනෑන්ස් කණ්ඩායම අතර පැවැත්වෙන අවසාන මහා තරගය මේ මස 18 වැනි දා වෙළඳසේවා ක්‍රිකට් පිටියේ දී පැවැත්වීමට නියමිත ය.

හැටන් නැෂනල් බැංකු කණ්ඩායම; සියලුම දෙනා දැවී 213 (50) සවන් ප්‍රභාෂ් 59, මාධව වර්ණපුර 32, දමිත් හුණුකුඹුර 30, දේශාන් ඩයස් 27, සචිත ජයතිලක 2/23, මාලිංග අමරසිංහ 2/28, තරිඳු රත්නායක 2/44

ජෝන් කීල්ස් කණ්ඩායම; කඩුලු 7ක් දැවී 214 (47.3) රවිඳු කොඩිතුවක්කු 76, රොස්කෝ තටිල් නොදැවී 48, මාලිංග අමරසිංහ 40, විමුක්ති පෙරේරා 2/27

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<