ධනංජය තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වයි

MCA Super Premier T20 Tournament 2022

687

වෙළඳසේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන ‘MCA Super Premier T20 Tournament 2022’ ක්‍රිකට් තරගාවලියේ අද (19) පැවති තරගවල දී ධනංජය ලක්ෂාන් තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වමින් දවසේ කැපී පෙනෙන ක්‍රීඩකයා බවට පත්වුනා.

CDB Finance A නියෝජනය කරන ධනංජය ලක්ෂාන් පිතිකරුවෙකු ලෙසින් පිටියට පිවිස පන්දු 35ක දී හයේ පහර 2ක් සමඟින් ලකුණු 33ක් වාර්තා කර ගත් අතර පන්දු යවන්නෙකු ලෙසින් ලකුණු 17කට කඩුලු 2ක් දවා ගත්තා.

මේ අතර Sampath Bank A නියෝජනය කළ සමින් කඳනාරච්චි පන්දු 54කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 7ක් සමඟින් ලකුණු 83ක් රැස් කර ගනිමින් දවසේ කැපී පෙනෙන පිතිකරු බවට පත්වුනා.

අද පැවති තරග දෙකම NCC ක්‍රීඩාංගණයේ දී පැවති අතර එහි දී MODE Engineering කඩුලු 3ක ජයග්‍රහණයක් ද CDB Finance A  කඩුලු 5ක ජයග්‍රහණයක් ද වාර්තා කරගැනීමට සමත් වුනා.

Sampath Bank A සහ MODE Engineering

Sampath Bank A – කඩුලු 9ක් දැවී 143 (20): සමින් කඳනාරච්චි 83, දුශාන් හේමන්ත 3/33, ඉසිත විජේසුන්දර 2/16.

MODE Engineering – කඩුලු 7ක් දැවී 149 (18): තෙවිඳු දික්වැල්ල 45, ෂෙහාන් ප්‍රනාන්දු 29, ඉසිත විජේසුන්දර නොදැවී 37, අචින්ත සුපුන් 2/16.

MODE Engineering කණ්ඩායමට කඩුලු 3ක ජයග්‍රහණයක්.


Hayleys Group A සහ CDB Finance A

Hayleys Group A – සියලු දෙනා දැවී 112 (19.4): දිල්රුවන් පෙරේරා 46, ලහිරු සමරකෝන් 26, නිම්සර අතරගල්ල 4/11, ධනංජය  ලක්ෂාන් 2/17.

CDB Finance A – කඩුලු 5ක් දැවී 113 (17.1): සිතාර ගිම්හාන් 39, ධනංජය ලක්ෂාන් 33, චතුරංග ද සිල්වා 2/26.

CDB Finance A කණ්ඩායමට කඩුලු 5ක ජයග්‍රහණයක්.

තරගාවලියේ නවතම තොරතුරු දැන ගැනීමට රැඳී සිටින්න, ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<