ඕස්ට්‍රේලියානු කණ්ඩායමට යළිත් ඒමට මැක්ස්වෙල්ට හැකි වෙයිද?

81

ඕස්ට්‍රේලියානු ජාතික ක්‍රිකට් කණ්ඩායමට නැවත පිවිසීමට නම් ග්ලෙන් මැක්ස්වෙල් හට සෑහෙන වශයෙන් මහන්සි වීමට සිදු වනු ඇති බව ඕස්ට්‍රේලියානු නායක ඒරන් ෆින්ච් පවසා තිබේ. 

ශ්‍රී ලංකා – කොදෙව් තරග කාලසටහන නිකුත් වෙයි

ශ්‍රී ලංකාව සමඟ එක්දින තරග තුනකට සහ විස්සයි විස්ස තරග දෙකකට සහභාගී වීම වෙනුවෙන් ….

තවදුරටත් අදහස් දක්වමින් ඔහු පවසා තිබුනේ මැක්ස්වෙල් දේශීය තරග පිටියේ ඉතා හොඳ දක්ෂතා දක්වා තිබුනත් ඔහු එරට හොඳම පිතිකරුවන් කිහිපදෙනා අතර තවමත් නොමැති බවයි. 

31 හැවිරිදි මැක්ස්වෙල් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ඉන්දියානු සංචාරයට සහභාගී නොවුනේ සිය මානසික තත්වය යළි නගා සිටුවා ගැනීමේ අරමුණිනි. පසුගිය වසරේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරගයේ දී ඕස්ට්‍රේලියානු කණ්ඩායම එංගලන්තය හමුවේ පරාජය වුනු අතර එම පරාජයත් සමඟ කණ්ඩායමෙන් කපා දැමුනු ක්‍රීඩකයින් අට දෙනා අතර මැක්ස්වෙල් ද සිටීම විශේෂත්වයක්. 

“මේ වන විට හොඳම ක්‍රීඩකයින් හත්දෙනා අතර ඔහු නැහැ.” පසුගිය ඉරිදා ඉන්දියාව හමුවේ තරග 2-1 ක් ලෙස පරාජය වූ පසු ඕස්ට්‍රේලියානු නායක ෆින්ච් මැක්ස්වෙල් පිළිබඳව මාධ්‍ය විසින් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් පවසා සිටියේය. 

මෙවර තරගවාරයේ බිග් බෑෂ් තරගාවලියේ මෙල්බර්න් ස්ටාර්ස් වෙනුවෙන් ක්‍රීඩා කරමින් මැක්ස්වෙල් 68.20 ක සාමාන්‍යයක් පවත්වා ගනිමින් ලකුණු 341 ක් රැස්කර ගෙන සිටින නිසාම ෆින්ච් පවසා සිටියේ ඔහුට තවමත් කණ්ඩායමට පිවිසීමට අවස්ථාවක් ඇති බවයි. 

“ඕනෑම කෙනෙකුට පුළුවන්” ෆින්ච් පැවසීය. 

“හොඳින්ම ක්‍රීඩා කරන ක්‍රීඩකයින් නිවැරදි ස්ථානයකට යෙදීමයි වැදගත්. විශේෂිත ක්‍රීඩකයින්ට විශේෂිත ස්ථානයන්.” 

ඉන්දියානු නායකයා පවසා සිටියේ ඔහු මැක්ස්වෙල් කණ්ඩායමේ නොසිටීම ගැන පුදුම වන බවයි. 

“මම ඕස්ට්‍රේලියානු සංචිතය දැක්කේ නැහැ. මම ඒරන් ගෙන් ඇහුවා මේකේ ක්‍රීඩකයින් දහ හතර දෙනයි නේ ඉන්නේ. මැක්ස්වෙල් මේකේ නැද්ද කියලා. ඔහු කිව්වා මැක්ස්වෙල් බිග් බෑෂ් ක්‍රීඩා කරනවා කියලා.” කෝලි පවසා සිටියේය. 

“මම නම් පුදුම වුනා, මොකද අවසන් වතාවේ පැවැත්වුනු විස්සයි විස්ස තරගාවලියේ ඔහු ක්‍රීඩා කළ ආකාරය පිළිබඳව. ඔහු අවසන් තරගයේ ලකුණු සියයක් ලබා ගෙන තරගාවලිය ජයග්‍රහණය කරවූවා. ඔහුට දඟ පන්දුත් යවන්න පුළුවන්.” 

බංග්ලාදේශයට නව වේගපන්දු පුහුණුකරුවෙක්

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ නව වේගපන්දු පුහුණුකරු ලෙස ඔටිස් ගිබ්සන් මහතා පත්කර තිබේ…

“ඔහු ඉතා දක්ෂ ක්‍රීඩකයෙක්. අපි කතා කළා, ඔහු දන්නවා හා ඔහුට විශ්වාසයි කළ යුතු දේ පිළිබඳව.” කෝලි පැවසීය. 

“උනන්දුව, ශාරීරික සුවතාව ඒ ඔක්කොම ඔහුට තියෙනවා. ඒ වගේම ඔහු කඩුලු අතර හොඳින් දුවනවා, පන්දු රැකීමේ නිරත වෙද්දීත් ඔහුට නිතරම පන්දුව ඕනේ. මම හිතනවා ඔහුට දක්ෂ ක්‍රීඩකයෙක් වෙන්න අවශ්‍ය සියලුම දේ තිබෙනවා. ඔහු ලොව හොඳම ක්‍රීඩකයින් අතර සිටීවි.” 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<