දැල්පන්දු ශූරතාවය සෙලාන් යටතටම

894
Seylan Bank retain the Sri lankasports.com netball Challenge Trophy translated
Cup championship SEYLAN Bank

Srilankasports.com අන්තර් සමාගම් දැල්පන්දු පළිහ ශූරතාවය සඳහා පැවති තරගයේදී තම සුපුරුදු ප්‍රතිවාදීන් වන හැටන් නැෂනල් බැංකු කණ්ඩායම පරාජය කළ සෙලාන් බැංකු කණ්ඩායම, තවදුරටත් එම ශූරතාවය තමා සතු බව තහවුරු කළේය.

පැසිපන්දු ශූරතා දෙකම ධර්මාශෝකයට

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ආදී පැසිපන්දු සංගමය විසින් දකුණු පළාතේ පැසිපන්දු ක්‍රීඩාව නඟා සිටුවීම උදෙසා සංවිධානය කෙරුණු, දකුණු පළාත් ආරාධිත පාසල් පැසිපන්දු තරගාවලියේ අවසන් දිනය අදින් (15) නිමාවට පත්වූයේ, මෙවර දකුණු පළාත් පිරිමි ශූරතාවය අපරාජිතව ඉදිරියට පැමිණි අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයටත්, කාන්තා ශූරතාවයත් ධර්මාශෝක විද්‍යාලයටම හිමි කරදෙමිනි.

අවසන් වරට පැවති තරගාවලියේදී සෙලාන් කණ්ඩායම හමුවේ එක ලකුණකින් පරාජය වූ හැටන් නැෂනල් කණ්ඩායමට එහි වාඩුව ගන්නට කදිම අවස්ථාවක් මෙවර උදාවූවත් 44 – 41ක් වශයෙන් ලකුණු 3ක පරතරයකින් පරාජය ලබන්නට ඔවුන්ට සිදුවිය.

මිශ්‍ර තරගාවලියේ අවසන් තරගයේදීද 23 – 09ක් වශයෙන් සිටිසන්ස් ඩිවලොප්මන්ට් කණ්ඩායම පරාජය කරමින් තමා සතුව තිබූ ශූරතාවය රැකගත්තේ සෙලාන් බැංකු කණ්ඩායමයි.

නමුත් පළඟ ශූරතාවය සඳහා පැවති තරගාවලියේදී ලකුණු 18 – 12ක් වශයෙන් කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම පරාජය කළ සිටිසන්ස් ඩිවලොප්මන්ට් කණ්ඩායම එහි ශූරතාවය දිනාගත්තේය.

තරගාවලිය සඳහා ප්‍රථම වරට එක්වූ මාස් ශේඩ්ලයින් කණ්ඩායම සහ ඩේවිඩ් පීරිස් කණ්ඩායම අතර පැවති බඳුන ශූරතාවය සඳහා වූ අවසන් තරගයේදී තියුණු තරගයකින් අනතුරුව ලකුණු 20 – 18ක් ලෙස ජයගත්තේ මාස් ශේඩ්ලයින් කණ්ඩායමයි.

නොකඩවා වසර 10ක් පුරාවට පැවැත්වුණු තරගාවලියේ සම්මාන ප්‍රදානෝත්සවය සඳහා සහභාගී වූ ප්‍රධාන ආරාධිත අමුත්තා වූයේ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ලේකම් නිමල් බෝපගේ මහතායි.

මරදාන සාන්ත ජෝසප් විද්‍යාලීය ගෘහස්ත ක්‍රීඩාංගනයේ පැවති තරගාවලිය වෙනුවෙන් සමාගම් 13ක් නියෝජනය කරමින් කණ්ඩායම් එක්ව සිටි අතර පසුගිය ජනවාරි 21 වනදායින් තරගාවලිය අවසන් විය. කණ්ඩායම් 8ක් කාන්තා අංශය වෙනුවෙන්ද, කණ්ඩායම් 5ක් මිශ්‍ර අංශය වෙනුවෙන්ද තරග වැදුණි.

කාන්තා අංශයේ තරග පළිහ, පළඟ සහ බඳුන ශූරතාවන් වෙනුවෙන් පැවති අතර මිශ්‍ර තරගාවලිය පැවැත්වුණේ කුසලාන ශූරතාවලියක් ලෙසිනි.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට