“බලාපොරොත්තු වූ ප්‍රතිඵලය නොවෙයි“ – සනත් ජයසූරිය

685
Sanath Jayasuriya

එංගලන්ත ටෙස්ට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ලැබුණ ප්‍රතිඵලය බලාපොරොත්තු වූ ප්‍රතිඵලය නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය සඳහන් කරයි. කෙසේවෙතත් තරගාවලියෙදී ධනාත්මක සලකුණු කිහිපයක් දැකගත හැකිවූ බවද සභාපතිවරයා සඳහන් කරයි.

පසුගිය ලිපි: කාලගුණය, තරගය ජය පරාජයෙන් තොර කරයි

ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස එංගලන්ත කණ්ඩායම ජයගනිමින් ඊයේ (13දා) ලෝඩ්ස් පිටියේ පැවැති තරගයෙන් අවසන් විය.

මේ පිළිබඳව සිය ට්විටර් ගිණුමට අදහස් දක්වමින් ජයසූරිය ඉහත අදහස් දැක්වීය. එංගලන්ත ටෙස්ට් තරගාවලියේ පටන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් ධනාත්මක දේවල් සිදු කිරීම් ආරම්භ කරනු ඇති බව තමා විශ්වාස කරන බවත් ඔහු පවසයි.

2014 වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තයේ කළ තරග සංචාරයේදී ශ්‍රි ලංකා කණ්ඩායම ටෙස්ට්, එක්දින හා විස්සයි20 යන සියලු තරගාවලි ජයගත් අතර එ් වන විට තේරීම් කමිටු සභාපතිවරයා වූයේ සනත් ජයසූරියයි.

2015 වසරේදී සිය නිල කාලය අවසන් වීමත් සමග සනත් නැවතත් මේ වසරේදී තේරීම් කමිටු සභාපති ලෙස පත් වූ අතර ඉන්පසුව ඔහු තේරීම් කමිටු සභාපති වශයෙන් කණ්ඩායම නම් කළ පළමු අවස්ථාව මෙය වෙයි.

තවත් පුවත් සදහා පිවිසෙන්න