T20 ලෝක කුසලානයේ විනිසුරු මණ්ඩලයට ලංකාවෙන් දෙන්නෙක්

ICC ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය 2021

5133

එළඹෙන ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන තරග විනිසුරු මණ්ඩලය අද (7) ICC විසින් නිල වශයෙන් මාධ්‍ය වෙත නිකුත් කළා.

ජාත්‍යන්තරයේ සිටින අත්දැකීම් බහුල විනිසුරුවරුන් 16 දෙනෙක් සහ තරග තීරකවරුන් 4 දෙනෙක් මේ විනිසුරු මණ්ඩලය සඳහා ඇතුළත් වන අතර මේ සඳහා ඇතුළත් වන සමස්ත නිලධාරීන් ගණන 20ක්.

මේ අතර 6 වැනි වරටත්  ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක විනිසුරුවරුන් ලෙස කටයුතු කරනු ලබන විනිසුරුවරුන් තිදෙනෙක් (Aleem Dar, Marais Erasmus, Rod Tucker) සිටිනවා.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කුමාර් ධර්මසේන මහතා තරග විනිසුරුවරයෙක් ලෙසත්, රංජන් මඩුගල්ල මහතා තරග තීරකවරයෙකු ලෙසත් මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට එක්වනවා.

ධර්මසේන 2019 ICC ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ විනිසුරුවරයා ලෙස ද කටයුතු කළා. ධර්මසේන සහ නවසීලන්තයේ Chris Gaffaney තරගාවලිය ආරම්භ කරමින් ඕමානය සහ පැපුවා නිව් ගිනියාව අතර පැවැත්වෙන පළමු තරගයේ පිටියේ දී විනිසුරවරුන් ලෙස කටයුතු කරනු ඇත.

මේ තරග විනිසුරු මණ්ඩලය මේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටය සහ සුපිරි 12 වටයේ තරගවල දී සිය රාජකාරි කටයුතු ඉටු කරනු ඇති අතර අවසන් පූර්ව තරගයේ සහ අවසන් මහා තරගයේ විනිසුරු මණ්ඩලය තරගාවලිය අතරතුර නම් කිරීමට ICCය බලාපොරොත්තුවෙන් සිටිනවා.

තරග තීරකවරුන්: David Boon, Jeff Crowe, Ranjan Madugalle, Javagal Srinath.

තරග විනිසුරුවරුන්: Chris Brown, Aleem Dar, Kumar Dharmasena, Marais Erasmus, Chris Gaffaney, Michael Gough, Adrian Holdstock, Richard Illingworth, Richard Kettleborough, Nitin Menon, Ahsan Raza, Paul Reiffel, Langton Rusere, Rod Tucker, Joel Wilson, Paul Wilson.

ලොව පුරා දෙස් විදෙස් කෙළිබිමේ තතු දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<