ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා තරගාවලිය කොළඹ දී

83

මලල ක්‍රීඩාවේ දස්කම් දැක්වූ ප්‍රවීණ ක්‍රීඩකයන් සහභාගි වන මලල ක්‍රීඩා උළෙලේ 34 වැනි අදියර මෙවරත් කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පෙබරවාරි 29 සහ මාර්තු 01 යන දිනවල දී පැවැත්වීමට කටයුතු සූදානම් කොට ඇත.

ලෝක ශූරිය ක්‍රීඩා පිටියෙන් සමුගනී

ඔලිම්පික් පදක්කම් ලාභී වර්තමාන 100m ඉසව්වේ ලෝක ශූරිය වන ජැමෙයිකානු ක්‍රීඩිකා…

මෙම වසරේ මෙන්ම පසුගිය (2019) වසරේත් කොළඹ සුගතදාස ක්‍රීඩා පිටියේ දී පැවති තරගාවලියේ ශූරතාව ප්‍රසාද ලකුණු 572ක් ලබා ගත් කොළඹ දිස්ත්‍රික් කණ්ඩායම විසින් දිනා ගත් අතර එහි අනුශූරතාව ගම්පහ දිස්ත්‍රික්කය විසින් දිනා ගන්නා ලදි.

මෙම තරගාවලිය සඳහා වයස අවුරුදු 35 ඉක්මවූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි වන අතර ජවන හා පිටිය ඉසව් මුල් කොටගෙන තරගාවලිය පැවැත්වේ. මලල ක්‍රීඩාවේ දස්කම් දැක්වූ ප්‍රවීණයන් 500කට ආසන්න ප්‍රමාණයක් මෙවර තරගාවලියට සහභාගි වීමට නියමිතව පවතී.

මෙම තරගාවලිය මගින් ඔවුන්ට තරගයක අමතරව වාර්ෂිකව ශරීර සෞඛ්‍ය යහපත්ව පවත්වා ගැනීමට වැය වන මුදල පහත වැටීමක් සිදු වන බව සංවිධායකයින් පවසයි. ක්‍රීඩාව තුළින් ඔවුන්ගේ ශරීරය යහපත් ලෙස පවතින නිසාවෙන් ඔවුන්ට මෙය ඉතා වටිනා තරගාවලියක් වේ.

එමෙන්ම ප්‍රවීණයන්ගේ ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය මෙම වසරේ ජූලි මස දී ආරම්භ වීමට නියමිතව පවතී.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<