මැන්චෙස්ටර් යුනයිටඩ් වෙතින් සුළු සේවකයන්ට වැටුප්

68

COVID-19 වයිරසය නිසා මීළඟට පැවැත්වීමට නියමිත තිබූ තරග සියල්ල පැවැත්වීමට නොහැකි වුනත් 3000ක් පමණ වන මැන්චෙස්ටර් යුනයිටඩ් සුළු සේවක මඬුල්ලට වැටුප් ලබා දෙන බව මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම ප්‍රතිඥා ලබා දී තිබෙනවා.

කොරෝනා පරද්දන්න පොග්බාගෙන් අරමුදලක්

කොරෝනා හෙවත් COVID-19 වයිරසය පැතිරීම නැවැත්වීමේ සටනට මූල්‍යමය සහාය ලබා දීමට…

එංගලන්ත පාපන්දු ලීග් තරගාවලිය අප්‍රේල් 30 වැනිදා දක්වා කල් දමා තිබුනත් පසුගිය බ්‍රහස්පතින්දා මහජනතාව වැඩි වශයෙන් එක් තැනකට රැස්වීම සම්පුර්ණයෙන් තහනම් කෙරුණා.

“ප්‍රිමියර් ලීග් තරග ප්‍රේක්ෂකයින් රහිතව පැවැත්වුනත්, තරග අවලංගු වුනත් මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම ඔවුන්ගේ තරග දිනවල දී ක්‍රීඩාංගණ සහයකයින්ට මෙන්ම සාමාන්‍ය ක්‍රීඩාංගණ සහයකයින්ට ද වැටුප් ගෙවන්නට බලාපොරොත්තු වෙනවා.”

“මේ වයිරස තත්වය නිසා සුළු සේවකයින් මුහුණ දෙන ආර්ථීක අපහසුතා මඟ හැරවීම තමයි මේ ක්‍රියාවලියේ අරමුණ. ඒ වගේම ඔවුන් ප්‍රේක්ෂකයින්ට ලබා දෙන සහයත් අපි අගය කරන්න බලාපොරොත්තු වෙනවා.”

මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායමේ ක්‍රීඩා පිටිය වන ඕල්ඩ් ට්‍රැෆොර්ඩ් හිදී තවත් තරග හතරක් පැවැත්වීමට නියමිත අතර යුරෝපා ලීග් තරගාවලියේ ද ඔවුන්ට තවත් සත්කාරක තරග තුනක් ඉතිරිව තිබෙනවා.

යුරෝපා පාපන්දුවට පාඩු පිට පාඩු!

KPMG නමැති ආයතනය විසින් පසුගියදා සිදුකළ සමීක්ෂණයකට අනුව හෙළිදරව් වී ඇත්තේ…

යුනයිටඩ් ක්‍රීඩා සමාජයේ උප සභාපති එඩ් වුඩ්වර්ඩ් මෙසේ පවසා තිබුණා.

“අපිට තේරෙනවා මේ අපහසු අවස්ථාව. ඉදිරියේ දී තරගාවලියට මොනවා වුනත් ඔවුන්ට ආරක්ෂාව ලබා දෙන්නට අපිට අවශ්‍යයි.”

 “හැකි ඉක්මණින් නැවතත් අපේ ප්‍රේක්ෂකයින්ට ඕල්ඩ් ට්‍රැෆොර්ඩ් වෙත යන්න ලැබෙයි කියා අපි බලාපොරොත්තු වෙනවා.”

පසුගිය සතියේ දී මැන්චෙස්ටර් යුනයිටඩ් ක්‍රීඩා සමාජය යුරෝපා ලීග් තරගාවලියේ LASK කණ්ඩායම සමඟ තරගයට සහභාගී වීම සඳහා ඔස්ට්‍රියාවට ගිය ප්‍රේක්ෂකයින්ට ඇමරිකානු ඩොලර් 415 බැගින් ලබා දුන්නේ ප්‍රවාහන හා නවාතැන් වියදම් ලෙසයි. නමුත් කොරෝනා වයිරසය නිසා ප්‍රේක්ෂකයින්ට එම තරගය නරඹන්නට ඉඩක් ලබා දුන්නේ නැහැ.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<