2025 මැලිබන් අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලියේ දෙවැනි සතියේ තරග නිමා වුනු සති අන්තයේ දී ක්‍රියාත්මක වුනා.
ගෙවුණු සති අන්තයේ දී ද කණ්ඩායම් 08ක් තරග හතරකට සහභාගී වූ අතර, එහි දී වත්මන් ලීග් ශූරයින් වන මහනුවර කණ්ඩායම ද තරග බිමට පිවිසෙමින් සිය පළමු ජය වාර්තා කළා.
යුද හමුදාව සහ CR & FC
මෙම තරගයේ ආරම්භයේ පටන් ම CR & FC ක්‍රීඩකයින් ඉතා හොඳින් තරගයට අවතීර්ණ වුනා. මෙහි දී ඔවුන් පළමු අර්ධය නිමා වන විට උත්සාහක දිනුම් තුනක් සමඟ ලකුණු 19ක් ලබා ගැනීමට සමත් වූ අතර, මේ අතරවාරයේ දී යුද හමුදාවෙන් එකදු ලකුණක් හෝ වාර්තා වුනේ නැහැ.
තරගයේ පළමු අර්ධයෙන් අනතුරුව වර්ෂාව නිසා තරගය තවදුරටත් පවත්වා ගෙන යා නොහැකි වූ අතර, මේ හේතුවෙන් තරගයේ ජය CR & FC ක්‍රීඩකයින්ට හිමි වුනා.
- CR & FC 19 (3T, 2C) – යුද හමුදාව 00
තරගයේ වීරයා – ඔමල්ක ගුණරත්න (CR & FC)
පොලිසිය සහ ගුවන් හමුදාව
මෙවර ලීගයේ සිය ජයග්‍රාහී තරග රටාව තවදුරටත් පවත්වා ගෙන යාමට ගුවන් හමුදාව මෙහි දී සමත් වුනා.
තරගයේ පළමු අර්ධය තුළ ගුවන් හමුදාව විසින් ලකුණු 14ක් ලබා ගැනීමට සමත් වූ අතර, පොලිස් ක්‍රීඩකයින් විසින් ලබා ගැනීමට සමත් වුනේ ලකුණු පහක් පමණයි.
තරගයේ දෙවැනි අර්ධය තුළ ගුවන් හමුදා ක්‍රීඩකයින්ට ඉතා හොඳ තරගයක් ලබා දුන් පොලිසිය ලකුණු 12ක් ලබා ගැනීමට සමත් වුනා. කෙසේ වෙතත් මෙම කාලය තුළ ගුවන් හමුදාව ද ලකුණු 12ක් රැස් කිරීමට සමත් වුනේ සිය සමස්ථ ලකුණු සංඛ්‍යාව 26ක් දක්වා රැගෙන යමිනුයි.
- පොලිස් ක්‍රීඩා සමාජය 17 (3T, 1C) – CR & FC 26 (4T, 3C)
තරගයේ වීරයා – පරාක්‍රම රත්නායක (ගුවන් හමුදාව)
- CR & FC තවමත් අපරාජිතයි; පොලිසියෙන් විශිෂ්ට නැගී සිටීමක්
- CR & FC නොනැවතී ඉදිරියට; මහනුවර නැවතත් සුපුරුදු රිද්මයට
- CR & FC ඉතිහාසගත ජයක් ලබමින් අපරාජිත ව ඉදිරියට
- CR & FC සහ මහනුවර අපරාජිත ගමනක; නාවික හමුදාව තවමත් ජයක් සොයයි
- මහනුවර, පොලිස්, CR&FC සහ Havelock ජයග්‍රාහීව තරගාවලිය අරඹයි
Sri Lions සහ Havelock
ලීගයේ පළමු සතියේ දී මෙම කණ්ඩායම් ද්විත්වයම ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් නොවීම නිසා, දෙපිළම ජයග්‍රහණයක් බලාපොරොත්තුවෙන් තරග බිමට පිවිසුණා. කෙසේ වෙතත් මෙම තරගයේ දී පෙරමුණ ලබා ගැනීමට Havelock ක්‍රීඩකයින් විසින් සමත් වුනා.
පළමු අර්ධය තුළ Havelock ක්‍රීඩකයින් උත්සාහක දිනුම් දෙකක් සමඟ ලකුණු 14ක් ලබා ගන්නා අතරේ, Siri Lions ක්‍රීඩකයින් විසින් ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 08ක් පමණයි.
කෙසේ වෙතත් Siri Lions ක්‍රීඩකයින්ට තරගයේ සැබෑ ස්වභාවය පෙන්වීමට Havelock ක්‍රීඩකයින් සමත් වුනේ තවත් ලකුණු 28ක් ලබා ගනිමිනුයි. ඒ වෙනුවෙන් Havelock ක්‍රීඩකයින් උත්සාහක දිනුම් 4ක් එක් කර ගැනීමට සමත් වූ අතර, මෙම කාලය තුළ ප්‍රතිවාදී Siri Lions ක්‍රීඩකයින් විසින් ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 03ක් පමණයි.
- Havelock 42 (6T, 6C) – Sri Lions 11 (1T, 1P, 1DG)
තරගයේ වීරයා – සැමුවෙල් මදුවන්ත (Havelock)
මහනුවර සහ නාවික හමුදාව
පළමු සති අන්තයේ දී විවේකී සුවයෙන් කාලය ගත කළ මහනුවර ක්‍රීඩා සමාජය මෙම සතියේ දී සිය පළමු තරගයට පිවිසෙමින් ඉතා පහසු ජයක් ලබා ගැනීමට සමත් වුනා.
මෙම තරගයේ පළමු අර්ධය තුළ මහනුවර කණ්ඩායම උත්සාහක දිනුම් දෙකක් සමඟ ලකුණු 15ක් ලබා ගැනීමට සමත් වුනා. කෙසේ වෙතත් මෙම කාලය තුළ නාවික හමුදාව ලකුණු ලබා ගැනීමට සමත් වුනේ නැහැ.
තරගයේ දෙවැනි අර්ධයේ දී නාවික හමුදාව උත්සාහක දිනුම් දෙකක් සමඟ ලකුණු 14ක් ලබමින් මහනුවර කණ්ඩායමට තරමක තරගයක් ලබා දීමට උත්සාහ කළා. නමුත් මේ අතරවාරයේ දී මහනුවර ක්‍රීඩකයින් තවත් උත්සාහක දිනුම් පහක් සමඟ ලකුණු 29ක් රැස් කරමින් සිය පළමු ජයග්‍රහණයේ පහස විඳීමට සමත් වුනා.
- මහනුවර 44 (7T, 3C, 1P) – නාවික හමුදාව 14 (2T, 2C)
තරගයේ වීරයා – ශ්‍රීනාත් සූරියබණ්ඩාර (මහනුවර)
දේශීය රග්බි ලීගයේ තෙවැනි සතියේ තරග කාලසටහන මෙසේයි;
- Havelock සහ යුද හමුදාව (නොවැම්බර් 28)
- පොලිස් ක්‍රීඩා සමාජය සහ CR & FC (නොවැම්බර් 28)
- Siri Lions සහ මහනුවර (නොවැම්බර් 29)
- නාවික හමුදාව සහ CH & FC (නොවැම්බර් 30)
දේශීය රග්බි ලීගයේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<






















