සභාපතිගේ පිල මෙහෙයවීම චන්දිමාල්ට කලකට පසු මුබාරක්ද කැඳවයි

128

ටෙස්ට් තරග 3ක්, එක්දින තරග 5ක් හා විස්සයි-20 තරග දෙකකට සහභාගි වීම සඳහා අද (09දා) පැමිණෙන පාකිස්තානු කණ්ඩායම සමඟ තරග වදින ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම ඊයේ ප්‍රකාශයට පත් කළේය.


ජුනි 11 වැනිදා සිට 13 වැනිදා දක්වා කෝල්ට්ස් ක්‍රිකට් පිටියේදී පැවැත්වෙන මෙම තෙදින තරගය සඳහා 14 දෙනකුගෙන් සමන්විත එම සංචිතයේ නායකත්වය දිනේෂ් චන්දිමාල්ට හිමිව ඇත.

2007 වසරේ දෙසැම්බර් මාසයේදී අවසන් වරට ටෙස්ට් තරගයක් ක්‍රීඩා කර ඇති ජෙහාන් මුබාරක්ද කණ්ඩායමට කැඳවා තිබීම කැපී පෙනේ.
එස්.එස්.සී. කණ්ඩායමේ පාදඟ පන්දු යවන ජෙෆ්රි වැන්ඩර්සේ නවක පන්දු යවන්නකු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායමට ඇතුළත් කර තිබීම හා මේ දක්වා පළමු පෙළ තරග 7කදී ලකුණු 39ක් හා ලකුණු 491කට කඩුලු 6ක් ලබා ඇති බදුරලිය ක්‍රීඩා සමාජයේ කසුන් රජිත එක්කිරීමද විශේෂත්වයකි.

නම් කර ඇති ශ්‍රී ලංකා කණ්ඩායම
දිනේෂ් චන්දිමාල් (නායක), කුසල් ජනිත්, දිමුත් කරුණාරත්න, උපුල් තරංග, ජෙහාන් මුබාරක්, මිලින්ද සිරිවර්ධන, නිරෝෂන් දික්වැල්ල, විශ්ව ප්‍රනාන්දු, නිසල තාරක, කසුන් රජිත, ජෙෆ්රි වැන්ඩර්සේ, ධනංජය ද සිල්වා, මලින්ද පුෂ්පකුමාර, බිනර ප්‍රනාන්දු.