භානුක හා සවීන් මුවර්ස් අභිබවා බී. ආර්. සී ඉදිරියට ගෙන යයි

698

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන 2018/19 අන්තර් ක්‍රීඩා සමාජ මේජර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළඟ (Plate) තරග කිහිපයක් අද (19) දෙවන දිනය වෙනුවෙන් ක්‍රියාත්මක විය.

ලසිත් සහ සාලින්ද Plate පිටිය වර්ණවත් කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජය Major League ක්‍රිකට් තරගාවලියේ පළඟ…

මීගමුව ක්‍රිකට් සමාජය සහ රාගම ක්‍රිකට් සමාජය

කටුනායක නිදහස් වෙළෙඳ කලාප ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ඊයේ ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනූ රාගම ක්‍රීඩකයන්ගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි මීගමු ක්‍රීඩකයෝ තරගයේ පළමු දිනය අවසන් වෙද්දී කඩුලු 3ක් දැවී ලකුණු 312ක් ලබා ගත්තේ ය.

එතැන් සිට තවත් ලකුණු 162ක ලකුණු ප්‍රමාණයක් රැස්කරගත් මීගමුව පිතිකරුවන් සිය පළමු ඉනිමේ අවසන් කඩුල්ල දැවී යාමට පෙරාතුව සිය ඉනිම අත්හිටුවන ලදි.

එම ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරු ලසිත් කෘස්පුල්ලේ පන්දු 205කට මුහුණ දී හතරේ පහර 20ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 157ක් ලබා ගත්තේය. ඊට අමතරව ප්‍රසන්න ජයමාන්න හතරේ පහර 13ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 122ක් ලබා ගනිමින් ඉනිම ගොඩ නැංවීමට දායක විය. සංජය චතුරංග කඩුලු 4යි.

තරගයේ දෙවන දිනය නිමා වන විට සිය පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින රාගම ක්‍රිකට් සමාජය කඩුලු 2ක් දැවී ලකුණු 127ක් ලබාගෙන සිටින්නේ මීගමුව ක්‍රිකට් සමාජ පළමු ඉනිමට සාපේක්ෂව තවත් ලකුණු 347ක් පසුපසින් සිටිමිනි. නොදැවී ක්‍රීඩා කරමින් කඩුල්ලේ රැඳී සිටින සමින්ද ප්‍රනාන්දු හා දිනෙත් තිමෝද්‍ය පිළිවෙළින් ලකුණු 51*ක් හා ලකුණු 41*ක් ලබාගෙන තිබේ.

මීගමුව ක්‍රිකට් සමාජ පළමු ඉනිම – 474/9d (130.2): ලසිත් කෘස්පුල්ලේ 157, ප්‍රසන්න ජයමාන්න 122*, අශේන් සිල්වා 46, ඩිලාන් ජයලත් 44, සංජය චතුරංග 4/38.

රාගම ක්‍රිකට් සමාජ පළමු ඉනිම (දෙවන දිනය අවසානයේ) – 127/2 (47): සමින්ද ප්‍රනාන්දු 51*, දිනෙත් තිමෝද්‍ය 41*.

>>රාජකීයේ මිශාරගෙන් රාජකීය ඉනිමක්

මුවර්ස් සහ බී. ආර්. සී. අතර තරගය

බී. ආර්. සී. කණ්ඩායම විසින් මේ තරගයේ වැඩි වාසිය සිය නමට ඉදිරියෙන් ලියා ගැනීමට සමත් වූ අද දිනය තුල ඔවුන් සිය පළමු ඉනිමේ වෙනුවෙන් සියල්ලන්ම දැවී ලකුණු 430ක් ලබා ගත්තේය. එහි දී වමතින් පිතිකරණයේ නිරත වන භානුක රාජපක්ෂ 4 පහර 7ක් හා 6 පහර 6ක් සමඟින් වේගවත් ශතකයක් වාර්තා කරගත්තේ පන්දු 99ක් තුලයි.

ඔහුට අනෙක් අන්තයෙන් සහාය වූ සවීන් ගුණසේකර ලකුණු 93ක් ලබා ගත්තේය. ඒ ඉනිම 4 පහර 11කින් හා එක් 6 පහරකින් වර්ණවත් විය. ශතකය ආසන්නව සිටි ඔහුගේ ඉනිම නිමා වූයේ  තරිඳු කෞශාල්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුව කිරීමේ වරදට හසුවීම නිසයි. පන්දු යැවීමේ දී දක්ෂ පන්දුකරණයක නිරත වූ දඟපන්දු යවන ක්‍රීඩක තරිඳු කෞශාල් කඩුලු 6ක් දවා ගන්නා ලදි.

ලකුණු 109ක පළමු ඉනිමේ අවාසියක් සහිතව සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටින මුවර්ස් ක්‍රීඩා සමාජය තරගයේ දෙවන දිනය නිමා වන විට කඩුල්ලක් දැවී ලකුණු 4ක් ලබාගෙන යම් අසීරු අඩියක සිටී.

මුවර්ස් ක්‍රීඩා සමාජ පළමු ඉනිම – 321 (75.5): පබසර වඩුගේ 68, චරිත කුමාරසිංහ 21, චාමර සිල්වා 81, ලහිරු අත්තනායක 45, අනුක් ප්‍රනාන්දු 53, මොහොමඩ් ෂිරාස් 2/85, දුවිඳු තිලකරත්න 3/41, ටී. එන්. සම්පත් 3/93.

බී. ආර්. සී. පළමු ඉනිම – 430 (93.4): භානුක රාජපක්ෂ 108, සවීන් ගුණසේකර 93, දුවිඳු තිලකරත්න 53, රුමේෂ් බුද්ධික 37, විකුම් සංජය 37, තරිඳු කෞශාල් 6/127, රමේෂ් මෙන්ඩිස් 3/85.

මුවර්ස් ක්‍රීඩා සමාජ දෙවන ඉනිම (දෙවන දිනය අවසානයේ) –  4/1 (1.5):

>>Photos: Chilaw MCC Vs Saracens SC | Major Super 8s Tournament 2018/19<< 

බදුරලිය ක්‍රිකට් සමාජය සහ වරාය අධිකාරි ක්‍රිකට් සමාජය

දෙවන දිනයට තරගය ආරම්භ වන විට බදුරලිය ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට කඩුලු 7ක් දැවී ලකුණු 338ක් ලබා සිටිය හ. අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 473ක් ලබාගෙන සිය පළමු ඉනිම අත්හිටුවීමට බදුරලිය ක්‍රිකට් සමාජය තීරණය කරන ලදි.

එම ඉනිම ගොඩනැංවීම වෙනුවෙන් වැඩි වෙහෙසක් දැරුවේ දෙනුවන් රාජකරුණා ය. ඔහු පන්දු 155කට මුහුණ දෙමින් හතරේ පහර 15ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 117ක් ලබා ගත්තේ ය. ඊට අමතරව කෝසල කුලසේකර හා සාලින්ද උෂාන් ලකුණු අතරට පිවිසීමට සමත් වූයේ ශතක වාර්තා කරගනිමිනි.

අදීශ නානායක්කාරගේ සටන්කාමී ශතකය සමඟින් වර්ණවත් වූ වරාය අධිකාරි ක්‍රිකට් සමාජය සිය පළමු ඉනිම වෙනුවෙන් දෙවන දිනය සඳහා තරගය නතර කරන විට කඩුලු 5ක් දැවී ලකුණු 233ක් ලබා සිටියේ බදුරලිය ක්‍රිකට් සමාජ පළමු ඉනිමට වඩා තවත් ලකුණු 240ක් පසුපසින් සිටිමිනි.

තරගය කොළඹ කොල්ට්ස් පිටියේ දී පැවැත්වේ.

බදුරලිය ක්‍රිකට් සමාජ පළමු ඉනිම – 473/9 d (119): දෙනුවන් රාජකරුණා 117, කෝසල කුලසේකර 108*, සාලින්ද උෂාන් 103, ටටෙන්ඩා තායිබු 45, ඉමේෂ් උදයංග 5/125.

වරාය අධිකාරි ක්‍රිකට් සමාජ පළමු ඉනිම (දෙවන දිනය අවසානයේ) – 233/5 (61): අදීශ නානායක්කාර 101*, ගිහාන් රූපසිංහ 41, යොහාන් ද සිල්වා 33.

මේ සියලු තරග හෙට (20) තෙවන හා අවසන් දිනයටත් ක්‍රියාත්මක ය.  රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<