ජොහාන්, හර්ෂ සහ බුද්ධිල දක්ෂතා අතරට

Major සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලිය 2021/22

134

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධාන කරන අන්තර් ක්‍රීඩා සමාජය සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (30) පැවති තරගවලට වර්ෂාවෙන් බාධා එල්ල වූවත් NCC කණ්ඩායමේ ජොහාන් ද සිල්වා සහ බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමේ හර්ෂ විතාන අර්ධ ශතක ලබා ගනිමින් පිතිකරුවන් අතර කැපී පෙනෙද්දී, පන්දු යැවීමේ දී දවසේ හොඳම පන්දු යැවීම වාර්තා කළේ ගාල්ල ක්‍රිකට් සමාජයේ හරීන් බුද්ධිල.

කෙසේ වෙතත් පැවති තත්ත්වය හමුවේ NCC සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව අතර පැවති තරගයෙන් NCC කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 20ක ජයග්‍රහණයක් හිමි වුනා. පැවති අනෙක් කිසිදු තරගයක විසඳුමක් ලැබුණේ නැහැ.

Group A, ගුවන් හමුදාව සහ NCC (කටුනායක ගුවන් හමුදා ක්‍රීඩාංගණය)

NCC කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 20ක ජයක්

  • NCC; සියලුම දෙනා දැවී 139 (48.3) ජොහාන් ද සිල්වා 55, චතුරංග ද සිල්වා 24, ලසඳ රුක්මාල් 2/29, දුලාංජන මෙන්ඩිස් 3/28, මොවින් සුබසිංහ 2/24
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාව; කඩුලු 7ක් දැවී 90 (28) ඩිල්හාන් කුරේ 16, චතුරංග ද සිල්වා 3/30, යුගීෂ දිශාන් 2/20, ඇන්ජලෝ පෙරේරා 2/21

Group B, හලාවත මේරියන්ස් සහ බ්ලූම්ෆීල්ඩ් (කටුනායක MCG)

තරගයේ විසඳුමක් නෑ

  • බ්ලූම්ෆීල්ඩ්; කඩුලු 9ක් දැවී 190 (44) නිපුන් හග්ගල්ල 43, හර්ෂ විතාන 60, දසුන් සෙනෙවිරත්න 2/37, අවිඳු තීක්ෂණ 3/30, චාරුක තරිඳු 2/34
  • හලාවත මේරියන්ස්; කඩුල්ලක් දැවී 57 (8) විශ්ව චතුරංග නොදැවී 30, කසුන් විදුර නොදැවී 23

Group B, Ace Capital සහ රාගම (දොඹගොඩ යුද හමුදා)

තරගය විසඳුමක් නෑ

  • රාගම; සියලුම දෙනා දැවී 113 (30.5) මනීෂ රූපසිංහ 21, සුපේෂල ජයතිලක 21, රොෂාන් ජයතිස්ස 3/25, චානක කොමසාරු 3/12, උමේෂ් කරුණාරත්න 2/23
  • Ace Capital; කඩුලු 2ක් දැවී 19 (6) නිපුන් මාලිංග 2/12

Group B, පානදුර සහ Tamil Union (පානදුර මහජන ක්‍රීඩාංගණය)

තරගය විසඳුමක් නෑ

  • පානදුර; කඩුලු 6ක් දැවී 115 (18.2) දුනිත් ජයතුංග 29, සංජය චතුරංග 39, ජෙෆ්රි වැන්ඩර්සේ 2/23

Group B, ගාල්ල සහ SSC (ගාල්ල)

තරගයේ විසඳුමක් නෑ

  • SSC; සියලුම දෙනා දැවී 84 (26) සාරංග රාජගුරු 29, ඩිල්ශාන් කාංචන 2/17, චලන ද සිල්වා 3/10, හරීන් බුද්ධිල 3/09
  • ගාල්ල; කඩුලු 3ක් දැවී 42 (13) රවීන් යසස් 18, ප්‍රභාත් ජයසූරිය 2/14

Group B, බදුරලිය සහ පොලිස් (පොලිස් ක්‍රීඩාංගණය) (28-10-2021)

තරගයේ විසඳුමක් නෑ

  • බදුරලිය; කඩුල්ලක් දැවී 49 (8) සඳුන් වීරක්කොඩි 19, Arjun Shetty නොදැවී 24

Group A, නුගේගොඩ සහ මීගමුව ක්‍රිකට් සමාජ, (කටුනායක MCG) (28-10-2021)

තරගයේ විසඳුමක්  නෑ

  • නුගේගොඩ; කඩුලු 9ක් දැවී 180 (42.4) ඉෂාන් රංගන 57, මිනෙත් ප්‍රේමරත්න 36, රවීන් සේයර් 20, ශෙෂාන් ප්‍රනාන්දු 2/31, උපුල් ඉන්ද්‍රසිරි 2/20, මාධව වර්ණපුර 4/38

Group A, CCC සහ මීගමුව (කටුනායක MCG) (29-10-2021)

තරගයේ විසඳුමක් නෑ

  • CCC; කඩුලු 9ක් දැවී 154 (23) රොන් චන්ද්‍රගුප්ත 22, අශාන් ප්‍රියංජන් 20, පවන් රත්නායක නොදැවී 43, ඩිල්ශාන් මුණවිර 2/27, උපුල් ඉන්ද්‍රසිරි 2/19, මාධව වර්ණපුර 3/25
  • මීගමුව; කඩුලු 2ක් දැවී 45 (10) ඩිල්ශාන් මුණවීර 24, සුවත් මෙන්ඩිස් 2/18

Group A, නුගේගොඩ සහ කුරුණෑගල Youth, (ද සොයිසා ක්‍රීඩාංගණය 29-10-2021)

කුරුණෑගල Youth ක්‍රිකට් සමාජයට කඩුලු 9ක ජයක්

  • නුගේගොඩ; සියලුම දෙනා දැවී 103 (21.1) ලහිරු ජයකොඩි 34, නවීන් ගුණවර්ධන 5/28, සමීර සඳමාල් 2/16
  • කුරුණෑගල Youth; කඩුල්ලක් දැවී 104 (22.4) ධනුෂ්ක ධර්මසිරි නොදැවී 59, කේශාන් වන්නිආරච්චි නොදැවී 29

මේ අතර අද Group A කාණ්ඩයේ කළුතර නාගරික සමාජය සහ ශ්‍රී ලංකා යුද හමුදාව අතර මග්ගොන Surrey ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ද, සත්කාරක BRC සහ ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා සමාජය අතර ද, සැරසන්ස් සහ කෝල්ට්ස් අතර මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ ද පැවැත්වීමට නියමිත ව තිබූ තරග ක්‍රීඩාංගණවල පැවති අයහපත් තත්වයන් හේතුවෙන් පන්දුවක් හෝ නොයවා අතහැර දැමුණ තරග ලෙස ප්‍රසාද ලකුණු පුවරුවට එක් වුනා.

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මෙන් ම ක්‍රීඩා පිටියේ සිදුවෙන උණුසුම් පුවත් සැණෙකින් ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<