ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පත්කිරීම

100

ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරුපාලක මණ්ඩලයේ නිර්දේශය අනුව සංචාරක හා ක්‍රීඩා අමාත්‍ය නවින් දිසානායක මහතා වෙත එවාඇති ක්‍රිකට් තේරීම් කමිටුවේ නිලධාරී මණ්ඩලය සඳහා ගරු අමාත්‍යතුමාගේ නිර්දේශය ලබා දී ඇත.

 

ඒ අනුව කපිල විජේගුණවර්ධන මහතාගේ සහභාගිත්වයෙන් යුතු කමිටුවේ අනෙකුත් සාමාජිකයන් වන අමල් සිල්වාබ්‍රෙන්ඩන් කුරුප්පු සහ හේමන්ත වික්‍රමරත්න යන මහත්වරුන් අප්‍රේල් මස 08වන දින සිට ක්‍රිකට් තේරීම් කමිටු නිළධාරීන් ලෙස කටයුතු කිරීමට නියමිතය.