දිලුම් සුදීර පානදුර බලාපොරොත්තු සුන් කරයි

අන්තර් ක්‍රීඩා සමාජ නැගී එන තුන්දින ක්‍රිකට් තරගාවලිය 2022

925

Tamil Union ක්‍රිකට් කණ්ඩායමේ 21 හැවිරිදි වමතින් දඟපන්දු යවන දිලුම් සුදීර, ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ නැගී එන තුන්දින ක්‍රිකට් තරගාවලියේ මෙතෙක් පැවති තරගවල දී ඉනිමක හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට ඊ‌යේ (05) සමත් වුනා.

ඒ පානදුර ක්‍රීඩා සමාජයට එරෙහිව දෙවැනි ඉනිමේ දී ලකුණු 32කට කඩුලු 8ක් දවා ගනිමින් පෑ දක්ෂතා හේතුවෙන්. ඔහු පළමු ඉනිමේ දී ද කඩුලු 5ක් ලබා ගත් අතර ඒ අනුව ඔහු තරගයේ දී ලකුණු 73කට කඩුලු 13ක් ලබා ගත්තා.

ඊට අමතරව පන්දු යවන්නන් අතරින් මීගමුව ක්‍රිකට් සමාජයේ පසිඳු උස්හෙට්ටි හලාවත මේරියස්න් කණ්ඩායමට එරෙහිව ලකුණු 41කට කඩුලු 6ක් දවා ගනිමින් දැක්වූ දක්ෂතාව ද කැපී පෙනුණා.

නිමා වූ දවසේ දී පිතිකරුවන් ලෙසින් කෝල්ට්ස් කණ්ඩායමේ රවිඳු රශාන්ත කැන්ඩි කස්ටම්ස්ට එරෙහිව ලකුණු 135ක් ද, නාවික හමුදාවේ සුලේක්ෂණ ශ්‍රීශාන් SSC කණ්ඩායමට එරෙහිව ලකුණු 116ක් ද ලබා ගනිමින් දක්ෂතා දැක්වූවා.

මේ අතර දෙවැනි දිනය නිමාවේ දී පානදුර ක්‍රීඩා සමාජයට එරෙහිව කඩුලු 9ක ජයග්‍රහණයක් ලබා ගැනීමට Tamil Union කණ්ඩායම ද, Kandy Customs කණ්ඩායමට එරෙහිව ලකුණු 266ක ජයග්‍රහණයක් ලබා ගැනීමට කෝල්ට්ස් ක්‍රිකට් කණ්ඩායම ද සමත් වුනා.

Group A

Sebastianites CC Vs Moors SC @ De Soysa, Moratuwa

Moors SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 368(102.3) දිනුක දිල්ශාන් 28, සොහාන් ද ලිවේරා 35, ජනිශ්ක පෙරේරා 28, පසිඳු සූරියබණ්ඩාර 79, අයන සිරිවර්ධන 44, රිසිර වීරසූරිය 97, මිලාන් රත්නායක 39, තනුෂ කොස්තා 4/105, තරුෂ ප්‍රනාන්දු 2/54

Sebastianites CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 196 (මනේල්ක ද සිල්වා 75, විහාන් ගුණසේකර 34, දිනුක ඩිල්ශාන් 3/26, තීසාන් විතුශාන් 5/71

Sebastianites CC – දෙවැනි ඉනිම කිසිවෙක් නොදැවී 23 (13)

CCC Vs Lankan CC @ CCC

CCC – පළමු ඉනිම කඩුලු 7ක් දැවී 319 (95.2) කවිඳු අමමෙත් 22, විනුෂ්ක සිල්වා 22, පවන් රත්නායක 40, මාලිංග අමරසිංහ 105, අංජන බණ්ඩාර 67, හසිඳු විජේවර්ධන 25, සඳුන් අබේවර්ධන 5/80

Lankan CC – පළමු ඉනිම කඩුලු 4ක් දැවී 223 (82) අයි. දිසානායක 30, මල්ශාන් රත්නායක 29, රිස්ත් උපමාල් නොදැවී 44, දමිත සිල්වා නොදැවී 51, දෙවිඳු කැකිරිදෙණිය 2/63

SL Navy SC Vs SSC @ Welisara

SL Navy SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 355 (114.5) කේශර නුවන්ත 76, සුහඟ විජේවර්ධන 39, සුලේක්ෂණ ශ්‍රීශාන් 116, සුදාර දක්ෂිණ නොදැවී 30, අවිශ්ක ලක්ෂාන් 21, කේශාන් විජේරත්න 2/37, ෂෙවෝන් ඩැනියෙල් 3/66, කවිඳු නදීශාන් 2/99

SSC – පළමු ඉනිම කඩුලු 4ක් දැවී 240 (63) අවිශ්ක සේනාධීර 89, ෂෙවෝන් ඩැනියෙල් 80, ඔමේෂ් මෙන්ඩිස් 31, අරවින්ද අකුරුගොඩ 2/44


Group B

Negombo CC Vs Chilaw Marians CC @ Katunayake

Negombo CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 278 (83.5) අමෝද විදානපතිරණ 90, ජීවක ශශේන් 43, සඳරුවන් චින්තක 58, දසුන් සෙනෙවිරත්න 5/69

Chilaw Marians CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 172 () දසුන් සෙනෙවිරත්න 20, රවීන් යසස් 78, පසිඳු උස්හෙට්ටි 6/41

Negombo CC – දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 101 (27) අමෝද විදානපතිරණ නොදැවී 40, රශ්මික මෙවන් 51

Kurunegala YCC Vs Bloomfield C & AC @ Welagedara

Kurunegala YCC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 222 (69.5) කවිඳු ඒකනායක 36, මුදිත ප්‍රේමදාස 91, සංජීව ප්‍රියදර්ශන 33, ගිහාන් අංජන 28, රාජේන්ද්‍රන් අරවින්ත් 6/77, දිලීප ජයලත් 2/52

Bloomfield C & AC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 204 (65.2) චිහාන් කළිඳු නොදැවී 23, නිපුන් හග්ගල්ල 44, සනෝජ් දර්ශික 71, ඩිලාන් සෙනෙවිරත්න 2/26, මධුරංග නවීන් 3/62, චමෝද් රත්නායක 3/18, ගිහාන් අංජන 2/49

Kurunegala YCC – දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී 119 (40) දුලාජ් රණතුංග 57, සංජීවන් ප්‍රියදර්ශන 24, රාජේන්ද්‍රන් අරවින්ත් 5/58

NCC Vs Sarasens SC @ NCC

NCC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 304 (73.5) කවින් බණ්ඩාර 116, දිනෙත් ජයකොඩි 40, අහන් වික්‍රමසිංහ 52, පවන් සංදේශ් 35, කවික ඩිල්ශාන් 4/62, සඳුන් මෙන්ඩිස් 2/45

Saracens SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 204 (89.2) සසිත පල්ලියගුරුගේ 42, චමල්ක ප්‍රනාන්දු 29, නවිඳු විතානගේ 26, හෂේන් රාමනායක 23, කවික ඩිල්ශාන් 22, ප්‍රවීන් සඳමාල් 25, ප්‍රවීන් ද සිල්වා 2/54, යුගීෂ ඩිල්ශාන් 4/78, කවිඳු ඉෂ්වර 4/38

NCC – දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 41 (16) ජෙහාන් ද සිල්වා නොදැවී 30


Group C

Ragama CC Vs Baduraliya SC @ Maggona

Ragama CC – පළමු ඉනිම කඩුලු 8ක් දැවී 501() දිනෙත් තිමෝද්‍ය 77, තෙවිඳු දික්වැල්ල 214, ඩී. බණ්ඩාර 67, අවිශ්ක තරිඳු 39, සංජුල බණ්ඩාර නොදැවී 52, නිර්මල රත්නායක 4/148, රුචිර කෝෂිත 2/47

Baduraliya SC – පළමු ඉනිම කඩුලු 5ක් දැවී 166 (48) මලිඳු මධුරංග 80, රනේෂ් සිල්වා නොදැවී 44, හරින් රත්නමුදලි 2/38, සංජුල බණ්ඩාර 2/32

Panadura SC Vs Tamil Union C & AC @Panadura

Tamil Union කණ්ඩායමට කඩුලු 9ක ජයක්

Panadura SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 133(43.2) ශනුක දුලාජ් 21, රවිඳු ප්‍රනාන්දු 2/30, දිලුම් සුදීර 5/41, මිරංග වික්‍රමගේ 2/16

Tamil Union C & AC – සියලුම දෙනා දැවී 159 (44.5) යොහාන් මෙන්ඩිස් 58, කෝසල රවිඳු 2/17, සසංක නිර්මාල් 2/36, එරාන් හංසමාල් 3/41, ඉවංක සංජුල 2/29

Panadura SC – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 85 (31.1) විනුක රූබසිංහ 20, ශනුක දුලාජ් 42, දිලුම් සුදීර 8/32

Tamil Union C & AC – දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 62 (8.1) සුපුන් කාවින්ද නොදැවී 40, යොහාන් මෙන්ඩිස් 21

Nugegoda SWC vs Police SC @ Thibirigasyaya

Nugegoda SWC – සියලුම දෙනා දැවී 246 (63.1) භාග්‍ය දිසානායක 79, අභිෂේක් ලියනාරච්චි 63, කෙවින් පෙරේරා 21, කෙවින් කොත්තිගොඩ 27, සී. ජයතිලක 2/43, අසේල් සිගේරා 2/33, කේ. කරුණාතිලක 2/64, ආර්. වෙල්ගමගේ 2/39

Police SC – සියලුම දෙනා දැවී 278 () දිල්හාර පොල්ගම්පොළ නොදැවී 64, අසේල් සිගේරා 84, ආර්. ගංගනාත් 20, කේ. කරුණාතිලක 44, ප්‍රවීන් ගුණතිලක 5/87

Nugegoda SWC – දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 151 (42) භාග්‍ය දිසානායක 44, අභිෂේක් ලියනාරච්චි 42, නිමේෂ් ගුණසිංහ නොදැවී 35, කෙවින් පෙරේරා 25,


Group D

Kandy Customs CC Vs Colts CC @ Colts

කෝල්ට්ස් කණ්ඩායමට ඉනිමක සහ ලකුණු 266ක ජයක්

Kandy Customs CC – සියලුම දෙනා දැවී 131 (39) නදීශ බණ්ඩාර 21, කවිඳු ලක්ෂාන් 42, නිම්න ප්‍රනාන්දු 27, ඩිල්ශාන් මධුශංක 5/39, හර්ෂණ වික්‍රමසිංහ 4/47

Colts CC – කඩුලු 6ක් දැවී 505 (85.5) ශලින් ද මැල් 157, අවිශ්ක පෙරේරා 95, රවිඳු රශාන්ත 135, ජෙහාන් ඩැනියෙල් 22, මුදිත ලක්ෂාන් 77, නිසල ආකාශ් 4/83

Kandy Customs CC – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 108 (42.1) රුනික් ෆොන්සේකා 26, නිම්න ප්‍රනාන්දු 25, ජෙහාන් ඩැනියෙල් 5/32, හර්ෂන වික්‍රමසිංහ 5/25

ACE Capital CC Vs BRC @ Thurstan

Ace Capital SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 454 (107.4) සවන් කංකානම්ගේ 156, තනුක දාබරේ 21, පී. ඒ. ඩී. දාබරේ 39, ටී. බාස්කරන් නොදැවී 35, නිමසර අතරගල්ල 34, සවිඳු උත්සර 2/74, කවිඳු එදිරිවීර 5/87

BRC – පළමු ඉනිම කඩුලු 3ක් දැවී 240 (71) කවිඳු එදිරිවීර නොදැවී 85, විනුර දුල්සර 99, හිරන්ත ජයසිංහ 26

Kalutara TC Vs SL Army SC @ Moors

Kalutara TC – සියලුම දෙනා දැවී 206 (69) ටී. වීරසිංහ 55, කෞමල් නානායක්කාර 7/69, ෂෙහඳ සොයිසා 2/51

SL Army SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 169 (53) පැතුම් බෝතේජු නොදැවී 56, ලක්ෂාන් ගමගේ 30, තෙමල් බණ්ඩාර 2/39, රොමේෂ් නල්ලපෙරුම 3/36, ජනිඳු ඉනුවර 3/20

Kalutara TC – දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 106 (54) Amartya Kaul 30, ඉසුරු සඳමාල් 24,

මෙම සියලු තරග අද (06) තෙවැනි දිනයට ක්‍රියාත්මක වීමට නියමිතයි.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<