තෙවිඳු සහ කෞමාල් ප්‍රතිවාදීන් අසරණ කරයි

අන්තර් ක්‍රීඩා සමාජ නැගී එන තුන්දින ක්‍රිකට් තරගාවලිය 2022

540

ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජය නැගී එන තුන් දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සතියේ පළමු දිනය වූ අද (04) කැපී පෙනෙන ක්‍රීඩකයන් ලෙසින් දක්ෂතා දැක්වීමට තෙවිඳු දික්වැල්ල සහ කෞමාල් නානායක්කාර සමත් වුනා.

රාගම ක්‍රිකට් සමාජයේ ආරම්භක වමත් පිතිකරු තෙවිඳු දික්වැල්ල දිනය අවසන් වන විට පන්දු 247කට මුහුණ දෙමින් හතරේ පහර 24ක් සහ හයේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 200ක් ලබා සිටියා. ඔහුගේ මෙම ඉනිම ක්‍රියාත්මක වූයේ බදුරලිය ක්‍රීඩා සමාජයට එරෙහිවයි.

පන්දු යැවීමේ දී යුද හමුදා කණ්ඩායමේ 22 හැවිරිදි වමතින් දඟපන්දු යවන කෞමාල් නානායක්කාර කළුතර TC කණ්ඩායමේ කඩුලු 7ක් ලකුණු 69කට දවා ගත්තා.

මේ අතර කෝල්ට්ස් ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ශලින් ද මෙල් පන්දු 131කට මුහුණ දෙමින් හතරේ පහර 16ක් සහ හයේ පහර 7ක් සමඟින් ලකුණු 157ක්, NCC කණ්ඩායමේ කෙවින් බණ්ඩාර පන්දු 140කට මුහුණ දෙමින් හතරේ පහර 15ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 116ක් සහ CCC කණ්ඩායමේ මාලිංග අමරසිංහ පන්දු 169කට මුහුණ දෙමින් හතරේ පහර 14ක් සමඟින් ලකුණු 105ක් ලබා ගනිමින් ශතක අතරට පිවිසියා.

Group A

Sebastianites CC Vs Moors SC @ De Soysa, Moratuwa

  • Moors SC – පළමු ඉනිම කඩුලු 8ක් දැවී 342 (90) දිනුක දිල්ශාන් 28, සොහාන් ද ලිවේරා 35, ජනිශ්ක පෙරේරා 28, පසිඳු සූරියබණ්ඩාර 79, අයන සිරිවර්ධන 44, රිසිර වීරසූරිය නොදැවී 72, මිලාන් රත්නායක 39, තනුෂ කොස්තා 4/100

CCC Vs Lankan CC @ CCC

  • CCC – පළමු ඉනිම කඩුලු 7ක් දැවී 304 (90) කවිඳු අමමෙත් 22, විනුෂ්ක සිල්වා 22, පවන් රත්නායක 40, මාලිංග අමරසිංහ 105, අංජන බණ්ඩාර 67, හසිඳු විජේවර්ධන නොදැවී 21, සඳුන් අබේවර්ධන 3/82

SL Navy SC Vs SSC @ Welisara

  • SL Navy SC – පළමු ඉනිම කඩුලු 7ක් දැවී 273 (90) කේශර නුවන්ත 76, සුහඟ විජේවර්ධන 39, සුලේක්ෂණ ශ්‍රීශාන් නොදැවී 78, කේශාන් විජේරත්න 2/32, ෂෙවෝන් ඩැනියෙල් 2/53, කවිඳු නදීශාන් 2/74

Group B

Negombo CC Vs Chilaw Marians CC @ Katunayake

  • Negombo CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 278 (83.5) අමෝද විදානපතිරණ 90, ජීවක ශශේන් 43, සඳරුවන් චින්තක 58, දසුන් සෙනෙවිරත්න 5/69
  • Chilaw Marians CC – පළමු ඉනිම කිසිවෙක් නොදැවී 7 (3)

Kurunegala YCC Vs Bloomfield C & AC @ Welagedara

  • Kurunegala YCC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 222 (69.5) කවිඳු ඒකනායක 36, මුදිත ප්‍රේමදාස 91, සංජීව ප්‍රියදර්ශන 33, ගිහාන් අංජන 28, රාජේන්ද්‍රන් අරවින්ත් 6/77, දිලීප ජයලත් 2/52
  • Bloomfield C & AC – පළමු ඉනිම කඩුලු 2ක් දැවී 50 (18) චිහාන් කළිඳු නොදැවී 23, නිපුන් හග්ගල්ල නොදැවී 19, ඩිලාන් සෙනෙවිරත්න 2/16

NCC Vs Saracens SC @ NCC

  • NCC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 304 (73.5) කවින් බණ්ඩාර 116, දිනෙත් ජයකොඩි 40, අහන් වික්‍රමසිංහ 52, පවන් සංදේශ් 35, කවික ඩිල්ශාන් 4/62, සඳුන් මෙන්ඩිස් 2/45
  • Saracens SC – පළමු ඉනිම කඩුල්ලක් දැවී 34 (14)

Group C

Ragama CC Vs Baduraliya SC @ Maggona

  • Ragama CC – පළමු ඉනිම කඩුලු 2ක් දැවී 324 (82) දිනෙත් තිමෝද්‍ය 77, තෙවිඳු දික්වැල්ල නොදැවී 200, ඩී. බණ්ඩාර නොදැවී 23

Panadura SC Vs Tamil Union C & AC @Panadura

  • Panadura SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 133(43.2) ශනුක දුලාජ් 21, රවිඳු ප්‍රනාන්දු 2/30, දිලුම් සුදීර 5/41, මිරංග වික්‍රමගේ 2/16
  • Tamil Union C & AC – සියලුම දෙනා දැවී 159 (44.5) යොහාන් මෙන්ඩිස් 58, කෝසල රවිඳු 2/17, සසංක නිර්මාල් 2/36, එරාන් හංසමාල් 3/41, ඉවංක සංජුල 2/29
  • Panadura SC – දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 5 (6)

Nugegoda SWC vs Police SC @ Thibirigasyaya

  • Nugegoda SWC – සියලුම දෙනා දැවී 246 (63.1) භාග්‍ය දිසානායක 79, අභිෂේක් ලියනාරච්චි 63, කෙවින් පෙරේරා 21, කෙවින් කොත්තිගොඩ 27, සී. ජයතිලක 2/43, අසේල් සිගේරා 2/33, කේ. කරුණාතිලක 2/64, ආර්. වෙල්ගමගේ 2/39
  • Police SC – කඩුල්ලක් දැවී 122 (24) දිල්හාර පොල්ගම්පොළ නොදැවී 48, අසේල් සිගේරා නොදැවී 67

Group D

Kandy Customs CC Vs Colts CC @ Colts

  • Kandy Customs CC – සියලුම දෙනා දැවී 131 (39) නදීශ බණ්ඩාර 21, කවිඳු ලක්ෂාන් 42, නිම්න ප්‍රනාන්දු 27, ඩිල්ශාන් මධුශංක 5/39, හර්ෂණ වික්‍රමසිංහ 4/47
  • Colts CC – කඩුලු 2ක් දැවී 288 (45) ශලින් ද මෙල් 157, අවිශ්ක පෙරේරා 95, ජෙහාන් ඩැනියෙල් නොදැවී 19

ACE Capital CC Vs BRC @ Thurstan

  • Ace Capital SC – පළමු ඉනිම කඩුලු 8ක් දැවී 365 (91) සවන් කංකානම්ගේ 156, තනුක දාබරේ 21, පී. ඒ. ඩී. දාබරේ 39, ටී. බාස්කරන් නොදැවී 35, නිම්සර අතරගල්ල 34, සවිඳු උත්සර 2/74, කවිඳු එදිරිවීර 5/87

Kalutara TC Vs SL Army SC @ Moors

  • Kalutara TC – සියලුම දෙනා දැවී 206 (69) ටී. වීරසිංහ 55, කෞමාල් නානායක්කාර 7/69, ෂෙහඳ සොයිසා 2/51
  • SL Army SC – පළමු ඉනිම කඩුලු 4ක් දැවී 63 (19) තෙමල් බණ්ඩාර 2/37

මෙම සියලු තරග හෙට (05) දෙවැනි දිනයට ක්‍රියාත්මක වීමට නියමිතයි.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<