මහේෂ් ජයකොඩි B Final වටයට

ටෝකියෝ පැරාලිම්පික් 2020

178
 

2020 ගිම්හාන පැරාලිම්පික් උළෙලේ දෙවැනි දිනයේ තරග නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකා ඔරු පැදීමේ ක්‍රීඩක මහේෂ් ජයකොඩි ශ්‍රී ලංකා වේලාවෙන් අද (28) උදෑසන තරග බිමට පිවිසියා.

>> පැරාලිම්පික් උළෙලේ ප්‍රථම දිනයේ ඡායාරූප ඇල්බමය <<

PR1 කාණ්ඩයේ පිරිමි කේවල Sculls ඉසව්වේ Repechage අදියර සඳහා සහභාගී වූ මහේෂ් මිනිත්තු 11:21.31ක කාලයකින් තරගය අවසන් කිරීමට සමත් වුනේ පස්වැන්නා ලෙසයි.

එම නිසාවෙන් ඔහුට මෙවර පැරාලිම්පික් පිටියේ පදක්කම් සඳහා පැවැත්වෙන “A” Final වටයට (අවසන් තරගය) සුදුසුකම් ලබා ගැනීමට නොහැකි වූ නමුත් “B” Final වටය නියෝජනය කරමින් ඔහු හෙට (29) නැවතත් තරග බිමට පිවිසීමට නියමිතයි.

මහේෂ් සහභාගි වූ Repechage වටය මිනිත්තු 9:14.61ක කාලයකින් නිමා කළ බ්‍රිතාන්‍යයේ Benjamin Pritchard පළමු තැනත්, මිනිත්තු 9:33.42ක කාලයකින් තරගය අවසන් කළ Javier Reja දෙවැන්නා ලෙසත් අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තා.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පැරාලිම්පික් උළෙලක ඔරු පැදීම ඉසව්ව නියෝජනය කළ පළමුවැන්නා වූ මහේෂ් ජයකොඩි ඊයේ (27) පැවති පළමු සුදුසුකම් ලැබීමේ තරගය නිමා කළේ හයවැන්නා ලෙසයි.

මෙම තරගයෙන් පසු අද (28) දිනට නියමිත ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ ඉසව් අවසන් වූ අතර හෙට (29) උදෑසන වරුවේ මහේෂ් ජයකොඩි නැවතත් තරග වැදීමට නියමිතයි.

2020 පැරාලිම්පික් උළෙලේ සියලූම තොරතුරු එසැණින් ඔබ වෙත ගෙන ඒමට ThePapare.com අප සූදානම්. රැඳී සිටින්න ThePapare.com අප සමඟම. 

>> 16 වැනි ගිම්හාන පැරාලිම්පික් උළෙලේ සියලුම තොරතුරු <<